බිරිඳ සහ පෙම්වතා යහන්ගතව සිටිනු දැක ඇසිඩ් ගසා පැනයාමට තැත් කළ ලාංකිකයා ශාර්ජා ගුවන්තොටේදී අල්ලයි

0
2649

 

තම බිරිඳ තරුණයෙකු සමග යහන් ගතව සිටිනු දැක ඒ දෙදෙනාට ඇසිඩ් ගසා රටින් පිට වීමට තැත් කළ ශ්‍රී ලාංකික තරුණයෙකු ශාර්ජා පොලිසිය විසින් අත් අඩංගුවට ගනු ලැබිණි

යුවළ UAE ෂර්ජා හී පදිංචිව සිටි අතර ස්වාමි පුරුෂයා පවුලේ කට යුත්තක් සඳහා දින 20 ක කාලයකට තනිව ශ්‍රී ලංකාවට ගොස් තිබේ . දින 5 කට පමණ පසු fece book සමාජ ජාලයේ තම බිරිඳ සහ වෙනත් තරුණයෙකුගේ චායා රූපයක් දැකීමෙන් කලබලයට පත් ඔහු වහාම ආපසු පැමිණ හෝටලයක ලැගුම් ගෙන තිබේ .

එහි සිටින අතර තම බිරිඳ පිළිබඳව හොඳින් නිරීක්ෂණය කිරීමට පටන්ගෙන තිබේ . එක් දිනක් 25 හැවිරිදි තම බිරිඳ 23 හැවිරිදි අදාළ තරුණයා සමග ශර්ජා හී පිහිටි මහල් නිවාසයට යන විට ඔහු පසු පසින් ගොස් තිබේ .

ප්‍රධාන දොර අගුල් නොදමා ඔවුන් නිදන කාමරයට ගොස් ඇති අතර
සැමියා නිදන කාමරයට ඇතුල් වන විට , දෙදෙනා අඹු සැමියන් ලෙස හැසිරෙනු දැක කෝපයට පත් ඔහු දෙදෙනාටම ඇසිඩ් ගසා පැනගොස් ඇත

ඇසිඩ් ප්‍රහාරය නිසා මුහුණු සහ සිරුරේ කොටස් බරපතළ ලෙස පිළිස්සී තිබේ . සැක කාර සැමියා ලංකාව බලා පිටත්ව යාමට ගුවන්තොටුපොළ පර්යන්තයේ සුදානම්ව සිටියදී පොලිස් අත්අඩංගුවට පත්ව ඇත .

බොහෝ කලක් පෙම් කර විවාහ වූ තම බිරිඳව තමා දැඩි ලෙස විශ්වාස කල බවත් , මෙවැන්නක් කිසි විටෙකත් තමා බලාපොරොත්තු නොවූ බව ඔහු පොලිසියට පැවසීය .

ඇසිඩ් ප්‍රහාරයෙන් පසුව තරුණ යුවළක් ආධාර ඉල්ලා පොලිස් හදිසි ඇමතුම් අංශයට දුන් ඇමතුමකට අනුව වහා ක්‍රියාත්මක වූ පොලිසිය ගිලන් රථයක් මගින් දෙදෙනා රෝහල් ගත කර ඇත . තරුණියගේ තත්වය බරපතළ බව දැන ගැනීමට ඇත .

Comments

comments

NO COMMENTS

LEAVE A REPLY