කළුතර,පයාගල පොලිස් බලප්‍රදේශයේ ප්‍රදේශවාසීන් පසුගිය දිනවල පසුවූයේ දැඩි බියකිනි, මංකොල්ලා කෑම් , නිවැසියන් බියවැද්දවීම් ඒ අතර ප්‍රධාන විය,

2017-08-07 දින මුංහේන ප්‍රදේශයේ පවුලක් කතරගම වන්දනා චාරිකාවක් ගොස් සිටි අතරතුර නිවසට පැන රන් පවුං දාහතරකට අධික ප්‍රමාණයක් සහ රුපියල් දාහත් දහසක මුදලක් කොල්ලකරුවන් විසින් පැහැරගෙන ගොස් තිබිණි,

මේ පිළිඹදව පයාගල පොලිස් ස්ථානයට පැමිනිල්ලක් ලැබෙන්නේ ඉන් පසු දිනය, වහා ක්‍රියාත්මක වූ පොලීසිය “ඇල්වින්” නැමති පොලිස් නිල සුනඛ⁣යාගේ උදව් ඇතිව පැය විසිහතරක් යන්නටත් මත්තෙන් අපරාධ කරුවන් අත්අඩංගුවට ගැනීමට සමත් විය, ප්‍රදේශයේම පදින්චිකරුවන් වන අපරාධකරුවන් දෙදෙනා අද (11) සහ හෙට (12) අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය,

කොළඹ කොට්ඨාශ භාර නියෝජ්‍ය පොලිස්පති නන්දන මුනසිංහ, කළුතර කොට්ඨාශ භාර නියෝජ්‍ය පොලිස් පති රන්මල් කොඩිතුවක්කු, පොලිස් අධිකාරී නිල්මිණි ආරියරත්න, සහකාර පොලිස් අධිකාරී කපිල ප්‍රේමදාස යන මහත්වරුන්ගේ උපදෙස්මත ක්‍රියාත්මක වූ පයාගල පොලීසියේ ස්ථානාධිපති පොලිස් පරීක්ශක ගුණතිලක, අපරාධ අංශය භාර උප පොලිස් පරීක්ශක ඩබ්ලිව්. ඒ.ඒ සම්පත් ,පොලිස් කොස්තාපල් (51907)අනුප්‍රිය, පොලිස් කොස්තාපල්( 77864) චමින්ද, පොලිස් නිල සුනඛ භාර පොලිස් කොස්තාපල් (88399)ශ්‍රීනාත් යන මහත්වරුන්ගේ දැඩි කැපකිරීමෙන් මෙම අපරාධකරුවන් අතිඅඩංගුවට ගැනීමට හැකිවිය,

අත්අඩංගුවට ගත් අපරාධකරුවන් අද (11)සහ හෙට(12) අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය. සිදුවීමෙන් පැය විසි හතරක් යන්නටත් මත්තෙන් අපරාධකරුවන් අත්අඩංගුවට ගැනීම සම්භන්ධව ප්‍රදේශවාසීන්ගේ දැඩි ප්‍රසාදය පයාගල පොලිස් ස්ථානය වෙත. හිමිව තිබේ.

චමින්ද සිල්වා .

Comments

comments

NO COMMENTS

LEAVE A REPLY