59 හැවිරිදි බ්‍රිතාන්‍ය ජාතික ඩියනේ 2011 වසරේ ශ්‍රී ලංකාවට පැමිණියේ නිවාඩුවක් ගත කිරීමටයි .

ඈ නැවතී සිටි හෝටලයේ සේවකයෙකු වූ ප්‍රියන්ජන මුණ ගැසීමත් සමගම ඇගේ දෛවය වෙනස් විය . 26 හැවිරිදි තරුණ හෝටල් සේවකයා සමග පෙමින් වෙලුනු ඇය උත්කර්ෂවත් නිවාඩුව අවසානයේ ආපසු ගොස් තම ස්කොට්ලන්තයේ පිහිටි සුවිසල් මන්දිරය පවුම් ලක්ෂයකට විකුණා දමා , කරමින් සිටි නාගරික දෙපාර්තමේන්තුවේ රැකියාවද අතහැර දමා මාස 6 කට පසුව ආපසු පැමිණ , ප්‍රියංජන හා විවාහ විය . පවුම් ලක්ෂයක මුදල තම නව යොවුන් සැමියාගේ පවුලට භාර දුන්නේය .

6
ප්‍රියංජන ගේ දෙමාපියන්ගේ නිවස අසළම පදිංචි වූ ඔවුහු යුග දිවිය ඇරැඹුහ . එහෙත් සියල්ල ඉක්මනින් වෙනස් විය . භාෂාව නොදත් නිසා ගෙයින් පිටව යාමට ඇයට සීමා පැනවූ අතර , ප්‍රියංජන නිවසට ඒම අඩු කළේය .

දෙදෙනා අතර කායික සම්බන්ධය සීමා සහිත විය . කොටින්ම වසරක් කාලය පුරාම ඔවුන් අඹුසැමියන් ලෙස එක්වී තිබුනේ 9 වතාවක් පමණක් බවත් විවාහ වීමට පෙර නිවාඩුව ගතකල මාසයේ පමණක් තමන් දෙදෙනා ඊට වඩා වැඩි වාර ගණනක් අඹු සැමියන් ලෙස හැසිරුණ බව බලාපොරොත්තු කඩවූ ඩියනේ පවසයි .

Usage fee £75 per image for online use.  Diane De Zoysa and her husband Priyanjana, who has been murdered in Sri Lanka. Diane is trying to come home to Scotland but has been left penniless after moving there to marry him. The one of her in the red dress is their wedding day.

දෙදෙනා අතර නිතර අඬ දබර ඇතිවූ අතර එවැනි අවස්ථාවක නිවසේ බදු පොළොවේ ගැසීම ප්‍රියංජනගේ සිරිතයි . කිසි විටෙකත් ඔහු තමාට පහර නොදුන් බවත් , ඉඳහිට තමා විසින් ප්‍රියංජනට කම්මුල් පහර වල් එල්ලකළ බවත් ඈ පවසයි .

මුදලුත් , නිවෙසත් රැකියාවත් අහිමි කරගෙන අලුත් සැමියා ගෙන් බලාපොරොත්තු නොවූ වෙනස්කම් වලට මුහුණ දී සිටියදී හදිසියේම තවත් විපතක් කඩා වැටුණි .
කප්පම් කරුවන් පිරිසක් විසින් ප්‍රියංජනගේ පපුවට වෙඩි තබා ඝාතනය කරණ ලදී .

8
දැන් අතේ පැන්සයක් වත් නොමැතිව ,ආපසු යාමට නොහැකිව ඩියනේ ඩි සොයිසා ශ්‍රී ලංකාවේ අතරමංව සිටි .

තරුණයා තම මවට වඩා වසරකින් වැඩි මහලු කාන්තාවක් විවාහ කර ගනු ලැබුවේ මුදල් වලට ඇති තන්හාව නිසා බව ඇගේ හිතවතුන් පවසයි .

කොළඹ බ්‍රිතාන්‍ය කොමසාරිස් කාර්යාලය මැදිහත්වී ඩියනේ විසින් ප්‍රියංජන ගේ පවුලට ලබා දී තිබුන විශාල මුදල ආපසු ලබා දීමට කටයුතු කරමින් සිටි .

9

Comments

comments

NO COMMENTS

LEAVE A REPLY