Sunday, July 23, 2017
සාජා හී ලාංකිකයා පෙම්වතියට පිහියෙන් ඇන ඝාතණය කරයි .

සාජා හී ලාංකිකයා පෙම්වතියට පිහියෙන් ඇන ඝාතණය කරයි .

0
3133

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සාජා ප්‍රදේශයේදී ශ්‍රී ලාංකික කාන්තාවක් පිහියෙන් ඇන මරා දැමීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සාජා පොලීසිය විසින් ශ්‍රී ලාංකිකයෙකු ඊයේ(15) අත්අඩංගුවට ගෙන ඇතැයි කලීජ් ටයිම්ස් පුවත්පත වාර්තා කළේය.

මෙලෙස අත්අඩංගුවට පත් වුයේ 38 හැවිරිදි ශ්‍රී ලාංකිකයෙකි.
ඝාතනයට ලක්වූ කාන්තාව වසය අවුරුදු 28ක් පමණ වූ කාන්තාවකි.

මෙම සැකකරු ඝාතනය කර පැය අටක් යාමට මත්තෙන් අත්අඩංගුවට ගැනීමට සාජා රහස් පොලීසියට හැකි වී ඇතැයි කලීජ් ටයිම්ස් වාර්තාවේ දැක්වේ.

මෙම සැකකරු සහ ඝාතනයට ලක්වු කාන්තාව අතර අනියම් සම්බන්ධයක් පැවති බවට පොලිස් පරීක්ෂණ වලදී හෙළි වී තිබේ. නමුත් මෙම ඝාතනයට පැහැදිලි හේතුව කුමක්ද යන්න නිශ්චිතව හෙළි වී නොමැත.
සාජා හි මෙයාසලූන් ප්‍රදේශයේ පදිංචිව සිටි ඝාතනයට ලක් වූ කාන්තාවගේ දේහය ඇගේ නිවසේදීම ලේවිලක් මැද තිබියදී පෙරේදා හමුවූයේ සාජා පොලීසියට ලැබුණු දුරකතන ඇමතුමකින් පසුවය.

පසුව සිද්ධියට සම්බන්ධ ඝාතකයා සොයා සාජා රහස් පොලීසිය ඝාතනය සිදුවූ ස්ථාන⁣යේ ඇගිලි සලකුණු පරීක්ෂණ පවත්වා ඇති අතර ඒ ඔස්සේ කළ පරීක්ෂණ වලින් පසුව සැකකාර ලාංකිකයා ගේ ඇගිලි සලකුණු සමාන වීමත් සමග ඝාතනය කර පැට අටක් යාමට මත්තෙන් මොහුව අත්අඩංගුවට ගැනීමට සාජා පොලීසිය පියවර ගෙන තිබේ.ලාංකිකයා තමා මිනීමැරුම සිදුකල බවට පාපොච්චාරණය කර ඇත

තිළිණි ද සිල්වා

Comments

comments

NO COMMENTS

LEAVE A REPLY