අප යළි මෙසේ හමුවෙතැයි කවර කලෙකවත් මට නොසිතිනි .
දශක කිහිපයකට පෙර බෞද්ධ කාන්තා විදුහල් ශාලාවේ පැවති මගේ තර්ක ශාස්ත්‍රය පංතියේ කෙළවරක සිටි ඇය මට හොඳින් මතකය .

කිසිවෙකු සමග වැඩි කථා බහක් නැති සුරූපී යුවතිය වනමලී කොළඹ උසස් බාලිකා විදුහලක උගත්තීය . අද ඈ මා හමුවන්නට පැමිණ කී කථාව ලෝකය දැනගත යුතු යැයි මම සිතමි .
පාසැලෙන් සමුගත් විගස දෙමාපියන් විසින් ගෙන ආ යෝජනාවකින් ඈ විවාහා වූයේ වසර 10 කින් පමණ වැඩි මහලු එංගලන්තයේ සිට පැමිණි ධනවත් ව්‍යාපාරිකයෙකු සමගය .

විවාහයෙන් පළමු සතියේ දිනයක වනමලිට සිය සැමියාගේ දරුණු ප්‍රහාරයකට ලක් වන්නට සිදු විය . වරද , නාන කාමරයේ ඇගේ කොණ්ඩා කටුවක් අමතක කර පැමිණීමය .එදා පටන් ගත් පහර දීම දිගින් දිගටම පැවතිනි .

රෑ දෙගොඩහරියේ බීමතින් පැමිණෙන විට පමා වුයේ ඇයිදැයි ඇසුවහොත් ගුටි කන්නට සිදු වේ . කිසිවක් නොකියා නිහඬව සිටියොත් ගොළුවතින් සිටියායි කියා ගුටි කන්නට සිදු වේ . දෙමාපියන් දැනුවත් කළද විවාහය දෙදරා යාමක් ගැන ඔවුන් බිය විය . ඉවසා සිටින ලෙස ඇයට උපදෙස් ලැබිණි .

නිමල්ගේ අධික ධන්ස්කන්ධයත් , ව්‍යාපාර කටයුතුත් ,සල්ලාල ජීවිතයත් නිසා තම නිවස තුලම සිර කාරියක් වන්නට් ඇයට සිදු විය .මුලින්ම පුතෙක් ලද වනමලී සැමියා වෙනස් වෙතැයි බලාපොරොත්තු විය .එහෙත් එය සිදු නොවීය . දියණියක් ලැබුවහොත් ඔහු වෙනස් වෙතැයි ඊ ලඟට ඈ සිතුවාය . තත්වය වඩාත් නරක අතට හැරුණි .

ඒ අතර නිවසේ සිටි වැඩිමහලු , මෙහෙකාරියන් සමග පවා ඔහු අඹු සැමියන් ලෙස හැසිරෙනු ඈ දැක තිබේ . සියල්ල ඉවසා සිටිනු විනා වෙන කල හැකි කිසිවක් ඇයට නොවීය . නිමල් සමග යහන්ගත වන සේවිකාවන් ඇයව පාලනය කිරීමට පවා උත්සාහ කළ අවස්ථා විය .

එක් සවසක ලාබාල තරුණයෙකු සමග නිවසට පැමිණි නිමල් මත් පැන් පානය කරන්නට පටන් ගෙන තිබිණි .නිමල්ගේ පෞද්ගලික කාමරය තුළ මධ්‍යම රාත්‍රිය දක්වාම දෙදෙනාගේ කතා බහ ඇසෙන්නට විය .

අවුරුද්දක් පමණ වයසැති දියණියට කිරි දෙමින් සිටි වනමලි තද නින්දක පසු විය . ශබ්දයක් ඇසී ඇහැරී බලන විට පිරිමින් දෙදෙනා නිරුවතින් ඇගේ ඇඳ අසල විය . සැණෙකින් වනමලිගේ ගෙල මිරිකා අල්ල ගත් නිමල් මත්පැන් වීදුරුවක් ඇයට පොවන්නට විය .

ඇගේ දැඟලීම නිසා මත් පැන් බඳුනෙන් අඩක්ම විසිරී තිබිණි .පිරිමින් දෙදෙනා එකතු වී .ඇගේ ඇඳුම් ඉරා දමා නිරුවත් කරන්නට විය . වනමලී විලාප දී හඬන්නට විය .වියරු වැටී සිටි සැමියා සහ තරුණයා ඇයට දරුණු ලෙස පහර දෙනු ලැබීය . තමාට හිරිහැර කරන්නට ඉඩ නොදෙන්නැයි තම සැමියාගෙන් වැඳ වැඳ අයැද සිටියාය

මතු සම්බන්ධයි

මීළඟට ,ගබඩා කාමරයේ සැඟවුනු දිග නියපොතු සහිත ගැහැණිය කවුද ?

Comments

comments

NO COMMENTS

LEAVE A REPLY