අධික ශීතල සමග කැනඩාවට පතිත වූ අරුම පුදුම ආලෝක ධාරා

0
1828

 

ලෝකයේ උතුරු අර්ධ ගෝලයේ මේ දිනවල පවතින අධික ශීතල හේතුකොටගෙන අරුම පුදුම පාරිසරික වෙනස් කම් දැකීමට හැකිය

30 31 32

.කැනඩාවේ ඔන්ටාරියෝ සහ ඇල්බර්ටා ප්‍රදේශ වල පොළොවේ සිට අහස දෙසට හරි කෙලින් විහිදෙන ආලෝක කදම්බ රාශියක් ඊයේ මධ්‍යම රාත්‍රියේ දර්ශනය වන්නට පටන්ගෙන ඇත .

මැදියම් රැයේ නිවෙස් වලින් පිටත බැලු බොහෝ දෙනාට පිට සක්වල ප්‍රහාරයකට සුදානමක් ලෙස තැති ගැන්මක් ඇති වී ඇති අතර
– 18 ක පමණ දැඩි ශීතල තත්වය තුල පරිසරයේ ජල අංශුන් අයිස් ලෙස ඝනීභවනය වීමෙන් සිරස් අතට පිහිටන අවස්ථාවකදී ඒ මත වැටෙන ආලෝකය පරාවර්තනය වීමෙන් මේ ආලෝක ධාරාවන් හටගෙන ඇත .

33

 

වීථී ආලෝකය සහ කම්හල් වලින් වැටුණු කෘතීම එළිය පරාවර්තනය වීම මගින් ඇතැම් තැනක මේ ආලෝක කදම්බ ඉතා විසිතුරුව පෙනුන අතර ධ්‍රැවාසන්න රටවල දකින්නට ලැබෙන ධ්‍රැවාලෝකය හෙවත් “අව්රෝරා” ලෙස ඇතැමුන් වැරදි ලෙස වටහාගෙන තිබේ

34

 

 

Comments

comments

NO COMMENTS

LEAVE A REPLY