කුවේට් හිදී බිරිඳ පුළුස්සා මැරූ ලාංකිකයාට මරණ දඬුවම

0
5015

ගෑස් බටය සිදුරු කර ,ගිණි ගැනීමට පෙර භුමි තෙල් වත් කරලා

කුවේට් රාජ්‍යයේ සේවය කරමින් සිටින අතර සැලසුම් සහගත ලෙස තම බිරිඳ මරා දැමූ ශ්‍රී ලාංකිකයෙක් එල්ලා මරා දැමීමට එහි අපරාධ අධිකරණය විසින් තීන්දු කරනු ලැබීය

දිගු කලක් තිස්සේ දෙදෙනා අතර ආරවුල් ඇති වීම හේතුකොටගෙන සැමියා විසින් හිතා මතා අපරාධය සැලසුම් කර ඇති බව පරීක්ෂණ වලදී හෙළි විය .
මුළුතැන් ගෙයි ගෑස් සිලින්ඩරයෙන් එන බටයක කුඩා සිදුරක් සාදා ගෑස් කාන්දු වීමට ඉඩ සලස්වා ඇති අපරාධ කරු පිපිරීම සිදු වන්නට පෙර තම බිරිඳට භුමි තෙල්ද වත් කර ඇත .
ගින්න නිසා නිවසේ සිටි තවත් කාන්තාවක්ද මිය ගොස් ඇති අතර සැකයක් ඇති නොවීම පිණිස අපරාධ කරු තමාටද පිළිස්සුම් තුවාළ ඇති කරගෙන තිබේ .
ඉතා සුළු හේතු කරණ කොටගෙන මිනීමැරුම් සහ දරුණු පහර දීම් සිදු කරණ ශ්‍රී ලාංකික සැමියන් හෝ පෙම්වතුන් පිළිබඳව මැද පෙරදිග කලාපයෙන් වාර්තා වන අපරාධ සංඛ්‍යාව සුළු පටු නොවේ .ඉන් බොහොමයක් හෙළි දරව් නොවී යටපත් වී පවතී .

 


 

ragama

Comments

comments

NO COMMENTS

LEAVE A REPLY