විග්නේශ්වරන්ගේ ලන්ඩන් බොරුවලට රජය නිහඬ ඇයි ?

0
842

උතුරු මහ ඇමැති සී. විග්නේශ්වරන් දැන් සිටින්නේ ලන්ඩන් නුවරය. ලන්ඩන් නුවර කිංග්ස්‌ටන් නගර ශාලාවේ පැවැති සමුළුවක්‌ අමතා ඔහු මෙලෙස කීවේය.

“150000 ක හමුදාවක්‌ උතුරේ සිටිනවා මේ නිසා සාහසික ක්‍රියාවලට මඟපෑදී තිබෙනවා. ඔවුන් අපේ ඉඩම්, වෙළෙඳ ව්‍යාපාර පමණක්‌ නොවෙයි සම්පත් පවා අල්ලාගෙන තිබෙනවා. මේ හමුදාව අපේ යුද වැන්දඹුවන්ට තර්ජනයක්‌. ඔවුන් අපේ සංවර්ධන ව්‍යාපෘතිවලට බාධාවක්‌.”

විග්නේශ්වරන් මේ බරපතළ චෝදනාව කරන්නේ බ්‍රිතාන්‍ය ප්‍රජාව හමුවෙයි. ලන්ඩන් නුවර කිංග්ස්‌ටන් නගරයේ වැඩි වශයෙන්ම සිටින්නේ ඊළම්වාදීන්ය. කිංග්ස්‌ටන් නගර සභාව සහ යාපනය නගර සභාව අතර ගිවිසුමක්‌ අත්සන් කිරීම නිමිත්තෙන් එම සමුළුව පැවැත්විණි.

ශ්‍රී ලංකා හමුදාව කොටි ත්‍රස්‌තවාදීන්ගෙන් උතුර මුදාගැනීම නිසා විග්නේශ්වරන්ට උතුරු මහ ඇමැති වීමට ඉඩ ලැබී ඇත. ඒ බව ඔහුට අමතක වී තිබේ. එසේම ශ්‍රී ලංකා හමුදාවට උතුරේ ස්‌ථානගත වීමට හිමිකමක්‌ නැද්ද? මේ පසුබිම මැද විග්නේශ්වරන් ලන්ඩන් නුවරට ගොස්‌ කර ඇත්තේ ශ්‍රී ලංකා හමුදාව අවමානයට ලක්‌ කිරීමකි.

උතුරු මහ ඇමැතිවරයා හමුදාවට එරෙහිව හඬනැඟූ මුල් අවස්‌ථාව මෙය නොවේ. ඔහු මෙයට පෙර පැවසුවේ උතුරේ සිටින හමුදාව කාණුq ශුද්ධ කිරීමට යෙදවිය යුතු බවයි. දැන් ඔහු ලන්ඩන් නුවරට ගොස්‌ ශ්‍රී ලංකාවේ ආරක්‍ෂක හමුදාව උතුර අල්ලාගෙන සිටින හමුදාවක්‌ බවට ප්‍රචාරය කිරීමට මුල්වී ඇත. එහෙත් රජයේ බලධාරීහු විග්නේශ්වරන්ගේ මෙම පිළිකුල් සහගත ක්‍රියාදාමය ගැන විරෝධතාවන් දක්‌වා නැත.

විග්නේශ්වරන් වරක්‌ උතුරේ හමුදාව උතුර අල්ලාගත් හමුදාවක්‌ බව පවසනු ලැබීය. හමුදාව ජාති සංහාරයක යෙදී ඇති බවට යෝජනාවක්‌ සම්මත කරමින් එය ජිනීවා මානව හිමිකම් කවුන්සිලයට යෑවීමටද ක්‍රියාකරනු ලැබීය.

උතුරට පැමිණෙන විදේශ නියෝජිතයන් හමුවේ ඔහු උතුරේ හමුදාව සිටින බවට පවසමින් එම හමුදාව ඉවත් කරන ලෙස ඉල්ලා සිටී.

ප්‍රභාකරන්ට එරෙහි නඩුව ඇසීම ප්‍රතික්‍ෂේප කළ විග්නේශ්වරන් බේරා ගැනීමට ද මෙරට කීපදෙනකු ඉදිරිපත් වී ඇත. මේ තත්ත්වය මත ඔහු උතුරේ සිටින යුද වැන්දඹුවන්ට හමුදාව තර්ජනයක්‌ බවට සාවද්‍ය පුවතක්‌ දියත් කර ඇත.

කුරුඳුවත්තේ පදිංචිව සිටි විග්නේශ්වරන් මහාවංශය වෙනස්‌ කර අලුතින් ඉතිහාසය ලිවීමටද ඉදිරිපත් විය. ඔහු අලුත්ම ඉතිහාසයක්‌ ගැන කීවේය.

ප්‍රාන්තවලට බලය ලබාදිය යුතු බවද ඔහු වරක්‌ පැවසීය. පොලිස්‌ බලතල ද ඉල්ලුවේය.

එසේම මෑතකදී ඔහු සිය ද්‍රවිඩ ජනතා සංසදය ලවා යාපනයේ විරෝධතාවයක්‌ ද පැවැත්වීමට ක්‍රියා කළේය. ඒ සඳහා භාවිත කළේ පළාත් සභාවේ සම්පත්ය. එහෙත් රාජ්‍ය සම්පත් අයුතු ලෙස භාවිත කිරීම ගැන මූල්‍ය අපරාධ අංශය විග්නේශ්වරන් හඹා ගියේ නැත.

මෙම පසුබිම මැද විග්නේශ්වරන් මුළු ලොවටම පෙන්නුම් කිරීමට උත්සාහ කරන්නේ උතුර වෙනම රටක්‌ බවත් එහි සිටින හමුදාව තම රට අල්ලාගත් හමුදාවක්‌ ලෙසත්ය. එහෙත් විග්නේශ්වරන්ගේ මේ හිතුවක්‌කාරී හා ශ්‍රී ලංකා විරෝධී ක්‍රියා ගැන හඬක්‌ නැඟී නැත.

 

divaina

ragama

Comments

comments

NO COMMENTS

LEAVE A REPLY