ආදරය රාගය සහ සත්‍යාවබෝදය

    0
    2317

    සැප්තැම්බර් 25 වන ඉරිදා රාත්‍රී 7 ට …. ශ්‍රී ලාංකීය ගුවන්විදුලි ඉතිහාසයේ විප්ලවීය වෙනසක්

    එෆ් එම් රේඩියෝ කලාවට අලුත් අත්දැකීම් රැසක් ලබාදුන් Fm 107 වී රේඩියෝව ගිය වසරේ නොවැම්බර් පොහොයදින සිට හදුන්වාදුන් නවතම වැඩසටහන ලෙසට සම්මාදිට්ඨි දහම් සාකඡ්ජාමය වැඩසටහන නම් කිරීමට පුළුවන.සම්මාදිට්ඨි වැඩසටහනේ සම්පත්දායකයා ලෙස වර්තමානයේ මහත් ආන්දෝලනාත්මක චරිතයක් වූ බෙල්ලන්තර සිරි සදහම් ආශ්‍රමවාසි සිරි සමන්තභද්‍ර ස්වාමීන්වහන්සේ දායක වන අතර, ධර්මය ගැන ස්වාමින්වහන්සේගේ අදහස් සමාජගත කිරීමකට උත්සහා නොකර සමාජීය ප්‍රශ්න දෙස වෙනස් කෝණයකින් බැලීමකට දරනා උත්සාහයක් ලෙස සම්මාදිට්ඨි දහම් සාකඡ්ජාමය වැඩසටහන හඳුනා ගත හැකයි.

    සම්මාදිට්ඨි දහම් සාකඡ්ජාමය වැඩසටහනේ ඇති විශේෂත්වය නම් ඕනෑම බුද්ධිමත් උගත් පුද්ගලයෙකුට ( තමන්ගේ පුද්ගල නාමය වර්ධනය කරගන්න අපේක්ෂා කරන තැනැත්තන්ට අපි වැඩසටහන තුල අවථාවක් ලබාදෙනු නොලැබේ .) මෙම වැඩසටහනට පැමිණ අදහස් දැක්වීමටත්, අදාළ ධර්ම කරුණ/ගැටලුව ගැන සමන්තභද්‍ර ස්වාමීන්වහන්සේගේ දැනුම පරික්ෂා කිරීමටත් හැකි වීමයි . සම්මාදිට්ඨි වැඩසටහන් නිෂ්පාදන කණ්ඩායම විසින් සහභාගී කරගැනීමට අපේක්ෂා කරන පුද්ගලයා ගැන පුළුල් ලෙස සහ ගැඹුරු ලෙස අදහස් විමසා බලා අනතුරුව වැඩසටහන වෙලාවේදී ඇසීමට නියමිත ප්‍රශ්න සකසනු ලැබේ. වැඩසටහනේ ඇති විනිවිද භාවය නම් එසේ සකසනු ලබන ප්‍රශ්න මේ සිරි සමන්තභද්‍ර ස්වාමීන්වහන්සේ වෙත දන ගැනීමට ලැබෙන්නේ සජීවී වැඩසටහන අතරේදී වීමයි.

    පසුගිය වසරේ නොවැම්බර් මාසයේ ආරම්භ කල සම්මාදිට්ඨි වැඩසටහන සෑම මසකම පොහොය දින සජීවීව පැය දෙකක් අපි විකාශය වන අතර .ශ්‍රී ලංකාවේ මෙන්ම  විදේශගතව සිටින ශ්‍රීලාංකික අසන්නන්ගෙන් ලැබුණු ප්‍රතිචාරත් අනුව වැඩසටහන සෑම ඉරිදාවකම විකාශය කිරීමට වී රේඩියෝව ක්‍රියා කරන අතර, මසකට සති දෙකක් ස්වමින්වහන්සේ සමග පැය 02 ධර්ම සාකඡ්ජා සජීවී වැඩසටහනකුත්, ඉතිරි සතිදෙක උන්වහන්සේ ගේ ධර්ම දේශනා එක් පැයක් ප්‍රචාරය කරනු ලැබේ.

    13450052_903744666438492_914925877621129420_n

    සම්මාදිට්ඨි දහම් සාකඡ්ජාමය වැඩසටහනේ සාර්ථකත්වය ගැන වැඩසටහන් නිෂ්පාදක/නිවේදක තරංග ප්‍රසාද් බ්‍රහ්මනගේ සිත්TV සමග දොඩමලු උනේ මෙසේයි…

    දවසින් දවස අපේ වැඩසටහනට දේශීය වශයෙන් මෙන්න විදේශයන්ගෙන් ලැබෙන ප්‍රතිචාර ඉතා ඉහලයි.පසුගිය මස (2016.08.28) අපි සම්මාදිට්ඨි වැඩසටහනෙන් බෞද්ධ දර්ශනය පිලිබඳ විශේෂ දර්ශනවේදී පූජ්‍ය මුරුතවෙල සීවලී ස්වාමින්වහන්සේ සමග නිකායඅන්තර බුදු සමය සහ අවබෝධය ගැන කතාකරා.මේ වැඩසටහන යු ටියුබ් ඔස්සේ 18000 අසන්න ශ්‍රාවකයන් පිරිසක් ශ්‍රවණය කරලා තියනවා.  එහි දෙවන වැඩසටහන ඉදිරියේදී සාකච්චා කරන්න අපි සුදානම් වෙලා ඉන්නේ. ඒ වගේම ගුවන්විදිලි හෝ රුපවාහිනී වැඩසටහනක ස්වාමින්වහන්සේගේ කෙනෙකු සමග ප්‍රථම වතාවට 2016-07-03 දින අපි ලිංගිකත්වය, කාමය හා බුදු දහම ගැන සාකච්චා කළා.එම වැඩසටහන යු ටියුබ් ඔස්සේ 27000  අධික  ශ්‍රාවකයන් පිරිසක් ශ්‍රවණය කරලා තියනවා.

    සම්මාදිට්ඨි වැඩසටහනට දවසින් දවස ලැබෙන ශ්‍රාවකය ප්‍රතිචාරයන් නිසාම අපි මේ ඉරිදා රාත්‍රී 7 සිට 9 දක්වා සජීවීව තවත් ආන්දෝලනාත්මක සාකඡ්ජාවක් අපි සිදුකරනවා.ඒ ආදරය රාගය සහ සත්‍යාවබෝදය කියන මාතෘකාව ගැන.වර්තමානයේ අපේ රටේ වේවා විදේශයන්හි වේවා ආදරය රාගය නිසා මිනිස් ජීවිත බොහොමයක් නැතිවෙලා තියනවා.ඒ වගේම පවුල් සංස්ථා බොහොමයක් දෙදරා ගොස් තියනවා. පුංචි ප්‍රශ්නයක් හරියට විසදාගන්න බැරි තැන තමයි මෙහෙම ඛේදවාචකයන් ඇතිවෙලා තියෙන්නේ.විවාහ ජීවිත ඒකාකාරී වීමත් මේකට එක් හේතුවක් මේ නිසා විවිධ ප්‍රචණ්ඩකාරී තත්වයන් පවා ඇතිවෙලා තියනවා.ඒ වගේම ආදරය රාගය පහකරමින් සත්‍යවබොදය ලගකරගන්නේ කෙසේද කියන කාරනාව පිළිබද අපි කතා කරනවා.

    ඔබටත් ආදරය රාගය සහ සත්‍යාවබෝදය ගැන ගැටළුවක් තියනවානම් Vfm Samma Ditthi සම්මා දිට්ඨි පිටිවේ එක සදහන් කරන්න.අපි වැඩසටහන තුල ඒවාට පිළිතුරු දෙන්න සුදානම්ව සිටිනවා.ඔබට fm 107  වගේම www.vfmradio.lk වෙබ් අඩවියෙන් ඉරිදා රාත්‍රී 07 ට සම්මාදිට්ඨි වැඩසටහන් ශ්‍රවනයකරන්න පුළුවන් “

     

     

     

    Comments

    comments

    NO COMMENTS

    LEAVE A REPLY