විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු සරත් ආබෘෘ සිය ගල්කිස්සේ නිවසේ උඩුමහළින් වැටී මිය ගිය බව කළුබෝවිල රෝහල් ආරංචි කියයි.

ඔහු රෝහලට ගෙන එන විටත් මියගොස් සිටි බව වාර්තාවේ.

DSC08229

නිවසේ මෙහෙකාරියට හිංසා කිරීම හා බරපතල ලිංගික අපයෝජනයට ලක් කිරීමේ චෝදනාවලට සැකපිට ආබෲ අධිකරණයට බාරවීමෙන් පසු ඇප මත මුදා හරිනු ලැබ සිටියේය.

2015 ජුලි 16 වැනිදා හෝ ඊට ආසන්න දිනයක රත්මලානේදී ඇය අපයෝජනය කළ බවට විත්තිකාර කළුහත් ආනන්ද  සරත් ද ආබෲට එරෙහිව දණ්ඩ නීතී සංග‍්‍රහයේ 365 අ 2 වැනි වගන්තිය යටතේ නීතීපතිවරයා විසින් චෝදනා ගොනු කර තිබිණි.

sarath-abrue

තම මෙහෙකාරිය කෘර ලෙස දුෂණය කර සිද්ධිය සඟවා සිටි විනිසුරුවරයාට එරෙහි ඉදිරිපත් වීමෙන් අනතුරුව ඔහු බරපතල සිත් වේදනාවෙන් සිටි බව වාර්තාවන අතර මෙය සියදිවි නසා ගැනීමක්ද යන්න පිළිබඳව පොලිස් අවධානය යොමු වී ඇත

http://static.lankadeepa.lk/admin/wp-content/uploads/2016/08/DSC08232.gif

 

 

Comments

comments

NO COMMENTS

LEAVE A REPLY