සෙබළාට පන්සලේදී බරපතළ ලිංගික අතවරයක්

රට බේරා ගත් සෙබළාට හිමි නමගෙන් බේරීමට නොහැකිවේ

0
1400

රට බේරා ගත් සෙබළාට හිමි නමගෙන් බේරීමට නොහැකිවේ

යුධ හමුදා සෙබළෙකු දින 03 කාලයක්  බරපතළ ලෙස ලිංගික අපයෝජනයට ලක් කළ  භික්ෂුන් වහන්සේ කෙනෙකු මාදම්පේ පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත්තේ මාදම්පේ – සෙත්සිරිගම ප්‍රදේශයේ විහාරස්ථානයක වැඩ වාසය කළ 25 හැවිරිදි හිමිනමකි.

අතවරයට ලක්ව ඇත්තේ වව්නියාව – කනගරායම්කුලම් යුධ හමුදා කදවුරේ සේවය කරන හමුදා සෙබළෙකු වන අතර 25 හැවිරිදි ඔහු හික්කඩුව ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

අතවරයට ලක්ව ඇති යුධ හමුදා සෙබළා සහ සැකකාර හිමිනම අතර මිත්‍රත්වය ගොඩ නැගී ඇත්තේ ෆේස් බුක් හරහා වන බවත්,දෙදෙනා කාලයක් තිස්සේ ෆේස් බුක් හරහා අදහස් හුවමාරු කරගෙන ඇති බවත් සඳහන්ය.

මේ අතර මෙම හමුදා සෙබළා කොත්මලේ  භාෂා පුහුණු මධ්‍යස්ථානයට පුහුණුවක් සඳහා ගොස් ඇත.

පසුගිය 24 වැනිදා  සැකකාර හිමිනමගේ ආරාධනයෙන් මෙම සෙබළා මාදම්පේ ප්‍රදේශයේ විහාරස්ථානයට පැමිණ 26 වැනිදා තෙක් එහි රැඳී සිට ඇත.

27 වැනිදා ඔහු නැවතත් කොත්මලේ පිහිටි භාෂා පුහුණු මධ්‍යස්ථානයට ගොස් ඇතත් එහිදී භාෂා පුහුණු මධ්‍යස්ථානයේ සිටින විට රෝගී තත්ත්වයට පත්ව ඇති ඔහුව ගම්පල මූලික රෝහලට ප්‍රතිකාර සඳහා ඇතුළත් කර තිබේ.

එහිදී අනාවරණය වී ඇත්තේ යුධ හමුදා සෙබළා බරපතළ ලෙස ලිංගික අපයෝජනයකට ලක්ව ඇති බවය.

ගම්පල මූලික රෝහලෙන් ලද පණිවිඩයකට අනුව මාදම්පේ පොලීසියේ නිලධාරියෙකු එහි ගොස් අතවරයට ලක්ව ඇති හමුදා සෙබළාගෙන් ප්‍රකාශයක්ද ලබා ගෙන ඇත.

ඉක්බිතිව සැකකාර හිමිනම මාදම්පේ පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර සැකකාර උන්වහන්සේ හලාවත දිසා අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.

මාදම්පේ පොලීසිය වැඩිදුර විමර්ශන කටයුතු කරගෙන යයි

 

adaderana

Comments

comments

NO COMMENTS

LEAVE A REPLY