පළතුරු වුණත් පමණ ඉක්මවා අනුභව කිරීම හොඳ නෑ”’ එයින් අක්මාවේ මේදය වූවත් තැන්පත් වීමට ඉඩ තිඛෙනවා’

මේ අඹ වාරයයි’ මෙවර අඹ අස්වැන්නද වෙනදාට වඩා වැඩිය’ මේ නිසා දිවයිනේ සෑම අස්සක් මුල්ලක් නෑරම මහ අඹ ගොඩවල් අලෙවියට තබා තිබේ’
ඊට සමානුපාතිකව සෑම ගෙදරකම පාහේ අඹ කෑම වැඩිවී තිබේ’ රඹුටන්” මැංගුස් ආදී පළතුරු අස්වැන්න වෙළඳපොළට එන්නේද මේ කාලයේමය’
මේ නිසා පොදුවේ ගත් කළ පළතුරු අනුභවයේ වැඩිවීමක් මේ කාලයේ ලාංකිකයන් අතර දක්නට ලැබේ’

තන්තුමය කෙඳි” විටමින” ඛණිජ ලවණ” ප්‍රතිඔක්සිකාරක” ජලය”’ මේ ආදී ශරීරයට අත්‍යවශ්‍ය බොහෝ පෝෂණීය දේ පළතුරු වලින් ලැඛෙන නිසා පළතුරු අනුභවය අධෛර්ය කරන්නේ නැත’ ඒත් වාරෙට ලැඛෙන අති විශාල පළතුරු වැඩි වැඩියෙන් අනුභව කිරීම හොඳද ? එය ඔබේ ශරීර සෞඛ්‍යයට බලපාන්නේ කොහොමද ?

පළතුරු බොහෝමයක් පැණිරසය’
පැණිරස එන්නේ සීනි වලිනි’ සීනි වල තිඛෙන පළතුරු වැඩියෙන් අනුභව කීරීම සුදුසුද ?
විශේෂයෙන්ම දියවැඩියාව වැනි රෝග ඇති උදවිය මෙන්ම මැදි වයසේ උදවියට මේ විශාල වශයෙන් පළතුරු කෑම සුදුසුද ?

අප ආහාරයට ගන්නා සීනි වර්ග තුනක් තිබේ
අප පොදුවේ සීනි යයි කීවාට සීනි ආකාර තුනක් වෙයි’ ග්ලුකෝස්” පෘක්ටෝස් හා සුක්රෝස් යනුවෙනි’ බත් ටිකක්” පාන්”” වෙනත් ධාන්‍ය ආහාරයක් අනුභව කිරීමේදී එහි මූලිකව ඇත්තේ කාබෝහයිඩ්‍රේට්ය’ එනමුදු කාබෝහයිඩ්‍රේට් ජීර්ණය වීමේදී එය පත්වන්නේ ග්ලුකෝස් බවටය’ ඒවා ශරීරයට උරා ගන්නේ රුධිරයෙනි’

පළතුරු වල ඇත්තේ පෘක්ටෝස් නමැති සීනි වර්ගයයි’ ඒවා තැන්පත් වන්නේ අක්මාවේය’ අප භාවිතයට ගන්නා සුලබ සීනි සුක්රෝස්ය’ මෙය ග්ලුකෝස් හා සුක්රෝස් යන දෙවර්ගයේම මිශ්‍රණයකි’ මේ අනූව පිෂ්ඨය ජීර්ණය වීමෙන් හැදෙන ග්ලුකෝස්” පළතුරු අනුභවයෙන් ලැඛෙන පෘක්ටෝස් සහ එදිනෙදා අප ආහාරයට ගන්නා සුක්රෝස් යන තෙවර්ගයේම සීනි අපේ සිරුර කෙරෙහී බලපවත්වන බව ඔබ වටහාගත යුතුය’
රුධිරයේ සීනි සංයුතිය ඉහළ යාම දියවැඩියාවට පාර කපයි’

පිරිපහදු කළ කාබෝහයිඩ්‍රේට” සුදු හාල් හා පාන් පිටි මේ රුධිර සීනි ඉහළ නැංවීමට චූදිතයෝ වෙති’ ඊට අමතරව ආහාරයේ ඇති සීනි ප්‍රමාණය” තන්තුමය ආහාර මඳකම ආදිය ඊට ඉන්ධන සපයයි’ රුධිරයේ සීනි සංයුතිය පමණ ඉක්මවා ඉහළ යාම ඉන්සියුලින් ප්‍රතිරෝධයටද හේතුවක් වන්නේය’ මේ ආකාරයෙන් රුධිරයේ සීනි සංයුතිය පාලනය කළ නොහැකි තත්ත්වයට පත් වීමෙන් අද සමාජයේ විශාල පිරිසක් දියවැඩියා රෝගීන් බවට පත්ව සිටී’
පළතුරු වල ඇති සීනි “හොඳ සීනි” යයි සිතීම මිත්‍යාවකි

වැඩි දෙනෙක් නොදන්නා කාරණයක් වූවත් පළතුරු වල ඇති පෘක්ටෝස් සීනිද රෝග ඇති කිරීමට හේතුවක් වෙයි’ එය සිදු වන්නේ මෙසේය’ ඔබේ අක්මාව වැඩි වශයෙන් ඇති සීනි ට්‍රයිග්ලිසරයිඩ් බවට පරිවර්තනය කරයි’ මේවා ශරීරය පුරාම මේද ෙසෙල වල තැන්පත් වේ’ සංචිත වේ’ ඔබ වැඩියෙන් සීනි අනුභව කළොත් මෙසේ මේද ලෙස තැන්පත් වන ප්‍රමාණය වැඩිය’ මෙය දියවැඩියාවට ප්‍රමුඛ හේතුවකි’

මේ අනූව පළතුරු වූවද අසීමාන්තිකව අනුභව කිරීමෙන් සිරුරට නපුරක් සිදුවන බව මේ අනූව පැහැදිලි වේ’ විශේෂයෙන්ම දියවැඩියා රෝගීන් අධික ලෙස පළතුරු අනුභවයෙන් වැළකිය යුතුය’ එසේම පැණිරස මට්ටම වැඩි පළතුරු අනුභවයෙන් වැළකිය යුතුය’

ඉතා වැඩි වශයෙන් සීනි තිඛෙන පළතුරු
…………………………………………………..
ග්රෑම් 100ක ඇති සීනි ප්‍රමාණය
රටඉඳි ග්රෑම් 66
මිදි ග්රෑම් 16
දෙළුම් ග්රෑම් 14
අඹ ග්රෑම් 14

අඩු සීනි ප්‍රමාණයක් සහිත පළතුරු
අලිපේර ග්රෑම් 1 ටත් වඩා අඩුය
ස්ට්‍රොඛෙරි ග්රෑම් 4-5
දියකොමඩු ග්රෑම් 6
පැපොල් ග්රෑම් 8

මේ අනූව වැඩි සීනි සංයුතියක් ඇති ආහාර ගත යුත්තේ අතිශයින් සීමා සහිතවය’ සීනි සංයුතිය අඩු ආහාර යම් වැඩි ප්‍රමාණයක් ගැනීමේ වරදක් නැත’ කෙසේ වෙතත් පමණ ඉක්මවා පළතුරු වූවද අනුභව කිරීම සුදුසු නැත’
පළතුරු අනුභවයෙන් සමහරුන්ගේ බඩ පිපෙනවා
සමහරුන්ට පළතුරු වූවත් වැඩිය කන්නට බැරිය’ පොඩ්ඩක් කෑවත් ශරීරයට මහත් අපහසුවක් දැනේ’ මෙයට හේතුවක් තිබේ’ ඔබ අනුභව කරන ආහාර නියමිත ජීර්ණයට ලක් වූයේ නැත්නම් බඩ පිපීමක්” බඩේ රුදාවක්” ඔක්කාරයක්” වමනයක් ආදී ලක්ෂණ පහළ විය හැක’

දියකොමඩු දියවැඩියා රෝගීන්ට හොඳ නෑ”’

දියකොමඩු ගැන විශේෂයෙන් නොකියාම බැරිය’ අපේ රටේ සුලබව දක්නට ලැෙඛෙන මේ පළතුරෙහි ජලය විශාල වශයෙන් තිබේ’ මහත් පෝෂ්‍ය ගුණයක්ද තිබේ’ ගමනක් බිමනක් යනවිට මග නැවතී මෙවන් පළතුරක් ගැනීමට බොහෝ දෙනෙක් කැමතිය’ නමුත් මෙය දියවැඩියා රෝගීන්ට එතරම් හොඳ පළතුරක් නොවේ’ කිසියම් විස්තර කළ නොහැකි හේතුවක් නිසා මෙහි ග්ලයිසිමික් දර්ශකය 80 ක් පමණ වේ’ එය රුධිරයේ සීනි පාලනයක් නැති අයට සුදුසු නොවන පළතුරක් වන්නේ මේ නිසාය’

අක්මාවේ මේදය තැන්පත් වීමේ රෝගය ඇතිවීමේ අවදානමක්

ඒ හැරුණු විට අසීමාන්තිකව පළතුරු අනුභවය නිසා භදබ-්කජදයදකසජ ේඑඑහ කසඩැර නමැති අක්මාවේ මේදය තැන්පත් වීමේ රෝගය ඇතිවීමට ඉඩ තිබේ’ පළතුරු ඔස්සේ ශරීරගත වන අධික පෘක්ටෝස් සීනි ප්‍රමාණ ශරීරයේ තැන්පත් වීම මෙයට හේතුවයි’

කෙතරම් හොඳ යයි කීවත් පළතුරු වූවද පමණ ඉක්මවා ආහාරයට ගැනීමෙන් ඔබට අවැඩක් සිදු විය හැකි බව මේ අනූව ඔබට ඒත්තු ගත හැකි වනවා ඇත’

 

වෛද්‍ය හැරල්ඩ් ගුණතිලක විසින් සම්පාදනය කරන ලිපියක් ඇසුරින් සකස් කෙරිණ’

waidyawaraya.lk

Comments

comments

NO COMMENTS

LEAVE A REPLY