සියයකට අධික ලාබාල දැරියන්ගේ කන්‍යා භාවය සිඳලීම සඳහා ඔවුන්ගේ වැඩිහිටියන්ගෙන් ඩොලර් 4 ත් 7 ත් අතර අයකළ එරික් අනිවා නමැති පුද්ගලයෙකු පිළිබඳව මලාවි රාජයෙන් වාර්තා වේ
දැරියන් වැඩිහිටි භාවයට පත් කර පාරිශුද්ධ කිරීමේ සාම්ප්‍රදායික පුජා ක්‍රමයක් ලෙස මේ කටයුත්ත කරණ “හයිනා “වරයෙකු ලෙස හඳුන්වන ඔහු ඒඩ්ස් රෝගය ආසාධිත බව සොයා ගනු ලැබිණි

Aniva claims to have had sex with over 100 girls and women since he started working as a 'hyena' in 1985

වයස අවුරුදු 12 ට අඩු දැරියන් සමග සංසර්ගයේ යෙදීමේ වරදට ඔහුට ජීවිතාන්තය දක්වා සිරදඬුවමක් විඳීමට සිදු වී ඇත
පුවත්පත් සාකච්චාවකට සහභාගී වෙමින් තමා 1995 සිට මල්වර වූ දැරියන් 100කට අධික සංක්‍යාවක ගේ කන්‍යා භාවය නැති කරදීමට ක්‍රියා කල බව පිළිගත් ඔහු තමා ඒ කාර්යය සම්බන්ධයෙන් හොඳ කීර්ති නාමයක් උසුලන බව වැඩිහිටියන් දන්නා බව පවසයි

රෝගාබාධ වලට ගොදුරු වීම සහ අමනුෂ්‍ය බලපෑම් වලින් වැළකීම සඳහා ගෝත්‍රික ගම්මාන වල දින තුනක් තිස්සේ පැවැත්වෙන මෙවැනි පාරිශුද්ධ කිරීම පුජා උත්සව වලට සහභාගී වීම ප්‍රථම ආර්ථවය සිදු වූ දැරියන්ට අනිවාර්යය .
තමන් එසේ නොකළ හොත් තම දෙමාපියන් රෝග වලට ගොදුරු වී මියයන නිසා වෙන කළ හැකි දෙයක් නැතැයි එක් දැරියක් පැවසුවාය .
මලාවි ලොව දුප්පත්ම සහ වැඩිම ඒඩ්ස් ආබාධිතයන් සිටින අප්‍රිකානු රටවලින් එකකි

The 'sexual cleansing' practice is still carried out in southern Malawi despite attempts to end it 

Comments

comments

NO COMMENTS

LEAVE A REPLY