සෞදියේ ලාංකිකයා පිහියෙන් ඇන ඝාතණය කරයි

0
1179

 

 

වසර දහයක්‌ පමණ සෞදි අරාබියේ රැකියාවක නිරත ශ්‍රී ලාංකිකයකු රියාද් නුවර කාමරයකදී ඔහුගේ මිතුරා විසින් තියුණු ආයුධයකින් පහර දී ඝාතනය කර ඇත.

මෙලෙස ඝාතනයට ලක්‌ව ඇත්තේ කැකිරාව – හොරාපොල පදිංචිව සිටි 34 හැවිරිදි ශියාම් ශිහාබ්දීන් නමැති තිදරු පියෙකි.

මෙම ඝාතනය සම්බන්ධයෙන් සැකපිට මියගිය අය පදිංචිව සිටි කාමරයේම සිටි මිතුරෙකු වන යේමන ජාතිකයෙකු එරට පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇත. මියගිය අය හා සැකකරු සෞදියේ යාන්ගු ප්‍රදේශයේ වීදුරු කම්හලක සේවය කර තිබේ.

ඉකුත් 16 වැනි දින මධ්‍යම රාත්‍රියේ මෙම ඝාතනය සිදුව ඇත. මියගිය අය සිය ජංගම දුරකතනයෙන් ඇමතුමක්‌ ලබාගනිමින් සිටියදී පිටුපසින් පැමිණ ඇති සැකකරු ඔහුගේ ගෙල ප්‍රදේශයට තියුණු ආයුධයකින් ඇන පහරදී ඝාතනය කර ඇති බවට තොරතුරු ලැබී ඇතැයි පවුලේ අය කියති.

පරීක්‍ෂණ අවසන් නොමැති හෙයින් මළසිරුර ගෙන්වා ගැනීමට නොහැකිවී ඇති අතර මෙරට මුස්‌ලිම් චාරිත්‍ර අනුව මියගොස්‌ පැය 24 ක්‌ තුළ භූමදානය කළයුතු හෙයින් මළසිරුර පිළිබඳ අවසන් කටයුතු එරට දී සිදුකිරීමට පවුලේ ඥතීන් කැමැත්ත ප්‍රකාශ කළ බවද ඔවුහු කීහ.

 

සරත් එරමිණිගම්මන

Comments

comments

NO COMMENTS

LEAVE A REPLY