මේ දිනවල ගිම්හාන නිවාඩුව ඇරඹීමත් සමගම යුරෝපයේ ජනතාව සංචාරයේ යෙදීමටත් ගම් බිම් බලා යාමටත් පටන ගෙන ඇත .

ඒ අවස්ථාවෙන් ප්‍රයෝජන ගනිමින් සංචාරකයන්ගේ බඩු මුට්ටු සොරකම් කරන සංවිධානාත්මක කණඩායම් රාශියක් ප්‍රධාන නගර සහ ගුවන් තොටුපොළවල් ආසන්නයට දැන් රොක් වෙමින් පවතී

මැද පෙරදිගින් පැමිණි සරණාගතයන් ලක්ෂ ගණනක් මේ වන විට යුරෝපයේ මහා මාර්ගවල දැකිය හැකි අතර ඔවුන්ගේ ප්‍රධාන ජීවනෝපාය බවට “සොරකම” පත් වී ඇත .

.මේ හැර පෝලන්තය ,රුමේනියාව සහ ඇල්බේනියාව වැනි නැගෙනහිර යුරෝපයෙන් පැමිණි සංවිධානාත්මක හොර කණ්ඩායම් කලක් තිස්සේ මෙහි සැරි සරයි


ඔවුන්ගේ ගොදුරු බවට වැඩි පුරාම පත් වන්නේ ලාංකික ඉන්දියානු වැනි දකුණු ආසියාතික පෙනුමක් ඇති සංචාරකයන්ය .
රත්‍රං සහ ස්වර්ණාභරණ භාවිතය වැඩි වීමත් , බැංකු කාඩ් පත් වෙනුවට මුදල් භාවිත කිරීමත් , අනතුරකදී ඔවුන් වෙතින් ප්‍රති ප්‍රහාර එල්ල වීම අවම වීමත් මීට හේතු වේ .

විශේෂයෙන්ම බස් රථ සහ දුම්රියෙන් ගුවන් තොටුපොළවලට හෝ දුම්රිය පොළට යන මගීන්ගේ විශාල ගමන් මලු අතරින් මේ මං පහරන්නන්ගේ අවධානය යොමු වන්නේ අතේ ගෙනයන කැබින් බෑග් සහ අත් බෑගයන්ය .

ඉහළ රැඳවුම් වල හෝ පසෙක තබා ඇති එම කුඩා බෑග වල මුදල් , ආභරණ , ගමන් බලපත්‍ර ඇති බව හොඳින් දන්නා සොරුන්, මගීන් මෙන් විශාල ඇදගෙන යන සුට්කේස් රැගෙන පැමිණ ඒවා ඇතුළට ඉහත කුඩා ගමන් මලු දමාගෙන ඊළඟ නැවතුම් පොළෙන් බැස පළා යයි .
සොරකම් සඳහා කණ්ඩායමක් පැමිණෙන අතර ඇතැම් අය ගමන් මලු සහ මගීන් අතර රැඳෙමින් ඒවායේ දර්ශන පථය බාධා කරණ අතර , ඇතැමෙක් කිසියම් ප්‍රශ්නයක් අසා අවධානය වෙනතක යොමු කරවයි .

සිත් tv ඇමැතූ ,,ජර්මනියේ ගුවන් ටිකට් පත් සහ සංචාරක සමාගමක් වන kumar reisen ආයතනයේ ඉල්ලීම පරිදි අප මෙම කරුණ පිළිබඳව ඔබේ අවධානය යොමු කරණ අතර සියලු ලාංකිකයන්ට මෙය දැනුම් දීම ඔබගේ යුතුකමක් ලෙස සළකමු

ඉන් එක් සිද්ධියකට අනුව ලංකාවට යාමට ගුවන්තොටුපොළට යමින් සිටි ලාංකිකයෙකුගේ ගමන් බෑගය සොරකම් කිරීම නිසා ගුවන් ටිකට් පත් 4ක් බෑගයේ තිබු යුරෝ 7000 ක මුදලක් සහ කැමරාව අහිමි විය .
ඒවා සොයමින් සිටීම නිසා නියමිත වෙලාවට ගුවන් තොටුපොළට යාමට නොහැකි වීමෙන් නැවත අලුතෙන් ටිකට් පත් ගැනීමටද සිදු විය .

මේ නිසා මේ දනවල ගමන් බිමන් යන ශ්‍රී ලාංකිකයන් තම ගමන් මලු පිළිබඳව දැඩි අවධානයකින් පසු වීම මගින් සිදු විය හැකි අලාභය වලක්වා ගත හැකි බව මතක් කර සිටිමු

narada wijesuriya

 

Comments

comments

NO COMMENTS

LEAVE A REPLY