ඉතාලියේ මිලාන් බලා ගමන් කරමින් සිටි සිංගප්පූරු ගුවන් සේවයේ එස්.කිවු 368 දරණ ගුවන් යානයේ ඇති වූ හදිසි ගින්නක් හේතුවෙන් සිදු වීමට ගිය මහා විනාශයක් වළක්වා ගැනීමට එහි නියමුවා සමත් වී තිබේ.

බෝයිං 777 ගුවන් යානයක් වන මෙහි දකුණු එන්ජිමේ මෙම ගින්න ඇති වී ඇති අතර වහාම ක්‍රියාත්මක වූ ගුවන් නියමුවා එන්ජිමේ යාන්ත්‍රික දෝෂයක් බව මගීන් ට දැනුම් දී නැවත සිංගප්පූරුවේ චන්ගී ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබේ.

මෙහි ගමන් ගත් මගීන් 222 සහ ගුවන් සේවක මණ්ඩල සාමාජිකයින් 19 දෙනා ආරක්ෂාකාරිව ගොඩබිම වෙත ගෙන ඒමට ගුවන් නියමුවා සමත් වී තිබේ.

එම අවස්ථාවේදී මගීන්ගේ සන්සුන් හැසිරීම නිසා මරණයට වඩාත් ළංව සිටි ඔවුන් නිරුපද්‍රිතව ගෙන ඒමට හැකි වූ බව ගුවන් නියමුවා ප්‍රකාශ කළේය.තමන් අභ්‍යන්තර සන්නිවේදන මාර්ගයෙන් දෝෂය පිළිබඳව දැනුම් දුන් පසු ඔවුන් ආපසු නින්දට ගිය බව ඔහු සඳහන් කරයි.

චන්ගී ගුවන් තොටුපොළට ගොඩ බස්සන ලද යානයේ ගින්න නිවීම සඳහා ගිනි නිවන භටයින්ට විනාඩි පහත් දහයත් අතර කාලයක් ගත වූ අතර මගීන් වෙනත් ගුවන් යානයකින් මිලාන් වෙත යැවීමට කටයුතු සූදානම් කළ බව ගුවන් සේවය සඳහන් කළේය.

 

bbc

Comments

comments

NO COMMENTS

LEAVE A REPLY