මිනිසුන්ට පවුල් ආරවුල් ඇත
ඒවා අතිශයින් පෞද්ගලිකය .
එකට ජීවත් වී දුක සැප බෙදාගෙන , බදාගෙන සිට වෙන් වූ පසු එකිනෙකාගේ වැරදි ප්‍රසිද්ධ කරණ වැඩිහිටියන් තම පරපුරට දෙන ආදර්ශය පිළිකුල් සහගතය .බලාගෙන ගිය විට අනෙකා හැර තමා සුද්ධවන්තය ..

ඒවා ප්‍රසිද්ධ කිරීමෙන් කුණු රසයට ජනතාව ලොල් කරවන මාධ්‍යය ඊටත් වඩා අප්‍රසන්නය .
දෙදෙනෙකුට එකට ජීවත් වීමට නොහැකි වූ විට කතා බහ කරගෙන වෙන් වී මිතුරන් ලෙස ජීවත් විය හැකි පරිසරයක් අපේ රටේද නිර්මාණය විය යුතුය .

ඒ සඳහා මුලිකවම ආකල්පමය වෙනසක් අවශ්‍යය .එය නිර්මාණය කළ යුත්තේ මාධ්‍ය උගතුන් සහ ගුරුවරුන් විසිනි .
එහෙත් අපේ රටේ එම වගකීම ඔවුන් ඉටුකරයිද ?
දෙවනුව නීතිමය ප්‍රතිසංස්කරණයන් අවශ්‍යය .
විවාහ වීම අපහසු ,ක්‍රියා පරිපාටියකට යටත් කළයුතු අතර , දික්කසාද වීම පහසු සරළ ක්‍රියා පටි පාටියකට යටත් කළ යුතුය .

යුරෝපයේ ඇතැම් රටක පවුල් ආරවුල් විසඳීමට සම්බන්ධ වන්නේ නඩු කාරයා සහ දෙන්නා දෙමාල්ලන් පමණි .අඩුම තරමේ නීතිඥයන්ට වත් ඒමට ඉඩක් නැත .
මෙහි මුලින්ම එන්නේ පත්තරෙන් හෝ රුපවාහිනියකිනි .
ප්‍රසිද්ධ පුද්ගලයන්ගේ රෙදි උස්සා බලා අනෙක් අයට රස කර කියන මේ තුච්ච් සම්ප්‍රදාය අපේ සමාජය රැගෙන යන්නේ හර සුන් පුරුෂාර්ථ සහිත අගාධයකටය .

 

 

narada wjesuriya

Comments

comments

NO COMMENTS

LEAVE A REPLY