ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රිකට් ක්‍රීඩකයන් දෙදෙනෙකු කිත්රුවන් විතානගේට හා රමිත රඹුක්වැල්ලට එරෙහිව විනය පරීක්ෂණ සිදුකිරීමට නියමිත බව වාර්තා වෙයි.

ඒ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින්.

බත්තරමුල්ලේ පිහිටි ප්‍රසිද්ධ හෝටලයකදී ඇතිකරගත් ගැටුමක් මෙම විනය පරීක්ෂණයට හේතු වී අැත.

විනය පරීක්ෂණය හේතුවෙන් අදාළ ක්‍රීඩකයන් දෙදෙනාටම ඒ කණ්ඩායමේ එළඹෙන එංගලන්ත සංචාරය ද අහිමිවෙනු ඇතැයි ද ශ්‍රී ලංකා ක්‍රිකට් අභ්‍යන්තර වාර්තා සඳහන් කරයි.

මීටපෙර කිත්රුවන් විතානගේ ජාත්‍යන්තර තරගයක් අතරතුර ක්‍රිකට් ආයතනය හා සම්බන්ධ රූමත් නිලධාරිනියක් සමග රාත්‍රිය ගතකිරීම පිළිබඳව චෝදනාවකට මුහුණ දුන් අතර රමිත රඹුක්වැල්ල ගුවන් යානයේ දොරක් විවුර්ත කිරීමට යාම සම්බන්ධයෙන් ගැටලුවකට මැදි විය

කිත්රුවන් විතානගේ පිටියෙන් පිටත ගැටුම් ඇතිකරගැනිම පිළිබඳව ප්‍රසිද්ධියට පත්ව ඇති අතර රමිත රඹුක්වැල්ල යනු හිටපු අමාත්‍ය එසේම වත්මන් පාර්ලිමේන්තු මන්ත්‍රී කෙහෙළිය රඹුක්වැල්ලගේ පුත්‍රයා වෙයි.

Comments

comments

NO COMMENTS

LEAVE A REPLY