සෑම උදෑසනක බුදුන් පිදීම ඒ දියණියගේ සිරිතකි. ඇය දිනපතා බුදු පුදට මල් නෙළුවේ පාර අද්දර වූ සුදු මල් පිරි මල් ගසෙනි. එදින උදෑසන ද ඇය පාර අද්දරට ගියේ බුදුන් පිදීමට මල් නෙළා ගැනීමටය. එහෙත් ඒ දියණියට මුහුණ දෙන්නට සිදු වූයේ නොසිතූ විරූ දෙයකටය.

ඒ සිදුවීමත් සමඟ පුත්තලම පාලාවි හංදිය ප්‍රදේශයේ පැල්පත් නිවෙසක පවත්වාගෙන යන බාල වයස්කාර දැරියන් පැහැරගෙන ගොස් මුදලට අලෙවි කිරිමේ සහ කුඩා දරුවන් මුදලට විකිණීමේ සංවිධානාත්මක ජාවාරමක් අනාවරණය කර ගැනීමට පොලිසියට හැකිවිය.

 පැහැර ගැනීමට ලක් වූ දියණිය මව සමඟ

අපි මේ දියණිය නිරංජලා ලෙසින් හඳුන්වමු. ඇය දා හතර හැවිරිදිය. අනුරාධපුර ඇලයාපත්තුව 6 කණුව ප්‍රදේශයේ පදිංචි ඇය මේ සිදු වීමට මුහුණ දුන්නේ පසුගිය මැයි මස 16 වැනිදාය. එදින උදෑසන පාර අයිනේ මල් නෙළමින් සිටියදී නිරංජලා අසල එක්වනම නැවැත්වුණේ ත්‍රී රෝද රියකි. එතැන් පටන් කතාව අපි ඇය වෙතින්ම අසමුු.

“ මං එදා උදේ මල් කඩන් එන්න පාර ළඟට ගියා. එවිට මගෙ යාළුවෙක් යාළුවෙලා ඉන්න පිරිමි ළමයෙක් ඇලයාපත්තුව පැත්තෙ ඉඳන් කොළ පාට ත්‍රි රෝද රථයක ඇවිත් මං ළඟ නතර කළා.මං ඒ පිරිමි ළමයා දැකල තිබුණත් කතා කරලා නෑ. ඒ ත්‍රි විල් එකේ හිටියා වයස පනහක (50)පමණ ගෑනු කෙනෙක්. එයා මට කිවා දුවේ අපි ගෙදර ඉඳන් එන්නෙ තැඹිලි වතුර ටිකක් තියෙනව බොන්න කියා බලෙන්ම දුන්නා .මං උගුරු දෙකක් විතර බොද්දි මට සිහි නැතිවුණා.

පසුව සිහිය ඇවිත් බලන කොට හිටියෙ කාමරයක් ඇතුළේ. මාව අරන් ගිය පිරිමි කෙනාත් එහි හිටියා. මං කෑහද්දි මාව යතුරු පැදියකින් රැගෙන යන බව කිවා. මං බෑ කිව්වහම මගෙ අත සුරා කරදර කළා. ගියේ නැත්තම් මරණවා කීවා. පස්සේ මං යතුරු පැදියේ නැගලා යද්දි වටපිට නාම පුවරුවලින් දැක්කේ මං අනුරාධපුර ඉන්නෙ කියා. ඊට පස්සේ මාව පුත්තලම පැත්තෙ නිවෙසකට අරන් ගියා. පසුව එතැනින් ලෑලි හා පොල්අතුවලින් ආවාරණය කළ පැල්පතක් වගේ නිවෙසකට ගෙන ගියා.

එහි තවත් ගෑනු ළමයි හය දෙනෙක් (06)පමණ සිටියා. මගේම වයසේ ළමයි. වයස 25 විතර ගැහැනු ළමයි තුන් දෙනෙක් ද සිටියා.

තව ඒ අයව බලා ගෙන පැදුරු කාන්ති කියල වයස පනහක පමණ කාන්තාවක් සිටියා.එයාට සමහර අය කාන්ති අම්මා කියා කියනවත් ඇහුණා.

මට හරියට ඉන්න තැනක් තිබුණේ නෑ. කන්න දුන්නෙ හවසට විතරයි. ඒත් පාන් කාලක් සිනිත් එක්ක. නාන්න නෑ, ඇඳන් හිටියේ මං ඇඳගෙන හිටි ඇඳුමමයි.

එහෙ ඉද්දි මං ගෝල් පේස් එකට එක්කන් ගිහින් හොඳ ඇඳුම් අන්දවලා පින්තුර ගත්තා. ආයෙත් හිටපු තැනටම ගෙනාවා. ඒ ෆොටෝ සුද්දකරල මැඩම් කෙනෙකුට පෙන්නුවා. එයා අහනවා මට ඇහුණා කියක් ඔනෑද කියා. එවිට මං පැහැරගෙන ගිය කෙනා කිවා මෙයා ගෙන් කප්පම් ගන්න තියෙනවා ඒක දුන්නෙ නැත්නම් විකුණන්නම් කියා.

මට වෙනම හැඳුනුම් පතක් හදන්නත් ඔවුන් විස්තර ගත්තා. අපෙ අම්මලගෙන් දුරකථනයෙන් කතා කරලා ලක්ෂ විස්සක්(20) ඉල්ලුවා. එහෙට පිරිමි එනවා. දවසක් එහෙ ඉන්න ගෑනු කෙනා මට ගංජා වගයක් දුන්නා එහෙට ආපු පිරිමි කට්ටියකට දෙන්න කියා. මං බෑ කිවා. දවසක් කොල්ලො වගයක් කරදර කරන්න ආවා . මං වැඳල කිවා මට කරදරයක් කරන්න එපා අම්මලා දෙන ලක්ෂ විස්ස බෙදා ගන්න කියලා.

වයස විසි පහේ විතර ගැහැනු ළමයෙක් හිටියා එයාට පුංචි දරුවෙක් ඉන්නවා. එයාට දරුවා ලැබිලා තිබුණේ ළඟදි. මෙහෙම හම්බ වෙන කුඩා දරුවන් මුදලට විකුණනවා. මං දවසක් දැක්කා ඒ කුඩා දරුවෙක් මිලදී ගන්න කට්ටියක් ආවා. එයාලා ඉතාලියේ ඉන්නවා කියලයි කියනව ඇහුණේ. ඒ කට්ටිය ළමයා අරන් යන්න පෙර රුපියල් තිස් හයදහසක් පමණ දීලා ගියා දරුවා අරන් යන්න දින කිහිපයකින් එන්නම් කියා. එහෙ සිටින කාලයේ මං හිිටයේ හරිම බයෙන්. ” පොලිසිය විසින් මුදා ගැනීමෙන් පසු සිද්ධිය සම්බන්ධව විස්තර කරමින් එම දැරිය සඳහන් කළාය.

සිද්ධිය සමිබන්ධව අදහස් දක්වන එම දැරියගේ මව වන අනුරාධපුර ඇලයාපත්තුව 6 කනුව ප්‍රදේශයේ පදිංචි ඒ.ජි මුදිතා ශිරානි (37) නමැති තිදරු මව මෙසේ පැවසුවාය.

“ මගේ දුව එදා මල් කඩන්න ගියේ උදේ 6.00 ට විතර. අපේ නිවෙස ඉස්සරහයි ඇලයාපත්තුව-අනුරාධපුර මාර්ගය තියෙන්නේ. පාර අයිනේ මල් ගහේ තමයි දුවලා මල් කඩන්නේ . එදා තද වැසි දිනයක්. අපි දුව එනතුරු බලා සිටියත් දුව පැමිණියේ නෑ. දුව සොයා ගැනීමට නොහැකි වූ නිසා අනුරාධපුර පොලිසියේ ළමා හා කාන්තා කාර්යංශයට පැමිණිලි කළා. එහෙත් දියණිය ගැන කිසිදු තොරතුරක් සොයා ගැනිමට නොහැකි වුණා. පොලිසියෙන් කිවා ළමයා කොල්ලෙක් එක්ක යාළු වෙලා පැනලා යන්න ඇති කියලා. ළමයා ගැන හොඳට හොයල බලන්න කිව්වා. මං කිවා මගෙ ළමයා එහෙම නෑ කියලා.

මෙහෙම දින දෙකක් පමණ ගත වෙද්දි එනම් 18 වැනිදා සවස මගේ ජංගම දුරකථනයට ඇමතුමක් ආවා. කථා කළේ පිරිමි කෙනෙක්. එයා කතා කරලා දුව අපි ළඟ ඉන්නවා රුපියල් ලක්ෂ විස්සක් දුන්නොත් දුව ආයෙ දෙනවා නැත්තම් පොලිසිවලට කිවොත් මරණවා කිවා. පසුව අපිට දැන ගන්න ලැබුණා දරුවා පුත්තලම පළාතේ දැරියන් මුදලට අලෙවි කරන පැල්පත් නිවෙසක හිර කරන් සිටින බව. ඊට පසු යළිත් විසි දෙවැනිදා අනුරාධපුර පොලිසියේ ළමා හා කාන්තා කාර්යංශයට ගිහින් මේ බව කිවා.

නිලධාරින් මට දරුවා පරිස්සම් කරන්නෑ කියා දොස් කිවා. එහෙත් නිසි කටයුත්තක් සිදු වුයේ නෑ. පසුව පුත්තලම පොලිසියටත් පැමිණිලි කළා . එහෙත් දිනෙන් දින ගත වුවා හැර දැරිය සොයා ගැනිමට බැරි වුණා. මගෙ සැමියා සිදු කරන ව්‍යාපාර කටයුතුවලින් තමා අපි ජිවත් වෙන්නේ. අපි විශාල මුදලක් වැය කළා දරුවා හොයා ගන්න .දේවාල ගානේ ගිහින් දරුවා පිළිබදව සොයා බැලුවා. මං නොවිඳපු දුකක් නෑ.

විටින් විට දුරකථන ඇමතුම් අරන් පුද්ගලයෙක් කිවා තිස් එක්වැනිදා(31) රෑ වෙද්දි මුදල් දුන්නැත්නම් දරුවා මරනවා නැත්තම් විකුණනවා කියා. දුවට කථා කරන්න ඉල්ලුවත් දුන්නේ නෑ. අපි යළිත් 31 වැනිදා පොලිසියට ගිහින් කිවා ඊට පසුව අනුරාධපුර පොලිසියෙන් පුත්තලම පොලිසියට දැනුම් දුන්නා. පසුව පුත්තලම පොලිසියේ නිලධාරින් හත් අට දෙනෙක් එක්ක අපේ ඥාතින් ගිහින් 31 වැනිදා රෑ පුත්තලම ප්‍රදේශයේ දැරියන් මුදලට අලෙවි කරනවා කියූ ස්ථානය වැටළුවා. අ

පට එහිදී අපේ දුවසොයා ගැනිමට හැකිවුණා. ඒ දුව පැහැර ගෙන ගොස් දින පහළොවකට විතර පස්සෙයි. දුව සොයා ගැනීමට එතරම් කල් ගත වූයේ පොලිස් නිලධාරින්ගේ අකාර්යක්ෂමකම නිසායි. දුව පැහැර ගොස් ඇති අනුරාධපුර මහමාන්කඩවල ප්‍රදේශයේ පදිංචි තිස් හැවිරිදි විවාහක පුද්ගලයෙකු හා දැරියන් මුදලට අලෙවි කරන ස්ථානයේ සිටි පැදුරු කාන්ති නමැති පනස් හැවිරිදි පමණ කාන්තාවක්ද එහි සිටියා. තවත් දරුවන් එහෙ ඉන්නවා ඒ අය බේරා ගන්න.”යැයි ද ඇය පැවසුවාය.

පොලිසිය අදාළ සැකකරු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර ඇති අතර ඔහු අපරාධ රැසකට සම්බන්ධ අයෙකු බව හෙළිවී තිබේ. මොහු දැරිය පළමුව රැගෙන ගොස් ඇත්තේ අනුරාධපුර ප්‍රසිද්ධ පාසලක් අසල පිහිටි නවාතැන් පළකට බවද හෙළිවී තිබේ.

“ මගේ දුවට පැහැරගෙන ගියපු කෙනාගෙන් අතවරයක් සිදුවු බව දුව කියනවා.එහෙත් අධිකරණ වෛද්‍ය නිලධාරිවරයා එහෙම කිසිදු දෙයක් වී නැතැයි නිගමනය කරනවා. එසේම දුවට වෙනත් සමාජ රෝග වැලඳී තිබෙනවාද යන්න පිළිබදව රෝහලට ඇතුළත් කර සොයා බැලිමට පොලිසිය කටයුතු කර නෑ. පොලිසිය මේ ජාවාරම් කරුවන් සමග යම්කිසි සම්බන්ධයක් තියනවාද කියා අපට සැකයි. මගේ සැමියත් පොලිසියේ හිටිය කෙනෙක්. අපට සිදුවු අසාධාරණයට සාධාරණයක් කරන්න. ආයෙත් සමාජයේ මෙවැනි ක්‍රියා සිදුනොවන ලෙසට කටයුතු කරන්නැයි ඉල්ලා සිටින ” බවද ඒ.ජි මුදිතා ශිරානි මහත්මිය සිද්ධිය සම්බන්ධ වැඩිදුරටත් අදහස් දක්වමින් පැවසුවාය.

මෙම සිද්ධිය සම්බන්ධව තොරතුරු දැන ගැනිම සදහා අනුරාධපුර පොලිසියේ ළමා හා කාන්තා කාර්යංශයේ ස්ථානාධිපතිතුමිය සම්බන්ධ කරගැනිමට උත්සාහ කළද එතුමිය රාජකාරි කටයුත්තක් සඳහා බැහැරව ගොස් සිටි හෙයින් එය අසාර්ථක විය.

* සල්ලි වලට බාලවයස්‌කාර තරුණියො විකුණනවා
* පැදුරු කාන්තිගේ සොමි කොටුව

රටක නීතිය සැමට පොදු විය යුතුය. යථාර්ථය ද එයයි. නමුත් වර්තමානය වන විට එය වෙනස්‌ වී ඇත. සල්ලි, නිල බලය නිසා රටේ නීතිය හෑල්ලු වී තිබේ. මෙම කතාවද එයට එක්‌ උදාහරණයක්‌ පමණි.

අනුරාධපුරය, ඇලගහපත්තුව ප්‍රදේශයේ පදිංචි උපුල් තිලකරත්න කිසිවකුටත් හිරිහැරයක්‌ නොමැතිව සාමකාමීව ජීවත්වන පුද්ගලයෙකි. ඔහුගේ බිරිඳ මුදිතා ශිරෝමනී ය. මෙම යුවළට දරුවන් තිදෙනෙකි. ඒ ගැහැනු ළමයින් දෙදෙනකු සහ එක්‌ පිරිමි ළමයෙකි. බාල දියණිය තවමත් පාසල් යන අතර වයස අවුරුදු දාහතරකි. නමින් ඇය ඊ. එන්. තිලකරත්නයි. ජීවත්වීම සඳහා උපුල් තිලකරත්න පාසල් බස්‌ සේවාවක්‌ පවත්වාගෙන යයි.

තිලකරත්න පවුලේ බාල දියණියගේ එක්‌ පුරුද්දක්‌ ඇත. ඒ පාසල් යන සෑම දිනකම මල් වට්‌ටියක්‌ රැගෙන යැමයි. පසුගිය දාසය වැනිදා (16 දා) උදැසන 5.45 ට පමණ ඇය නිවසින් පිටවුණේ සුපුරුදු පරිදි මල් නෙළාගෙන ඒම සඳහායි. තම නිවසෙ සිට මීටර් තුන්සියයක්‌ පමණ දුර මල් නෙළීම සඳහා ඇය පයින් ඇවිදගෙන යන්නීය. පවුලේ අය පමණක්‌ නොව ප්‍රදේශවාසීSහු ද එය හො¹කාරව දනී.

වෙනදා මල් නෙලා ගෙන ඒම සඳහා ඇයට ගත වන්නේ පැය කාලක්‌ පමණි. නමුත් එදින උදැසන 6.30 වන විටත් ඇය යළි නිවසට පැමිණියේ නැත. ඒ ගැන කලබල වූ මව තම පුතුට පැවසුවේ වහා ගොස්‌ නංගී ගැන සොයා බලන ලෙසයි. ඔහු පිම්මේ නංගී මල් නෙළන ඉසව්වට ගියේය. නමුත් ඇය එම ස්‌ථානයේ පෙනෙන්නට සිsයේ නැත. පාර තොටේ හමු වූ කිහිපදෙනෙකුගෙන් විමසුවද තම සොහොයුරියව දුටු බවක්‌ ඔවුහු පැවසුවේ නැත. තවත් ස්‌ථාන කිහිපයක විපරම් කළ ද තම නැඟණිය ගැන කිසිදු තොරතුරුක්‌ සොයා ගැනීමට ඔහු අපොහොසත් වූහ.

නංගී සොයාගත නොහැකි වූ ඔහු එක පිම්මේ නිවසට පැමිණ තම මවට ඒ බව පැවසුවේය. එය ඇසීමත් සමග ඇයගේ හදවත මොහොතකට නතර විය. පසුව පිස්‌සියක මෙන් කෑ ගසා තම බාල දියණිය සෙවීමට ඇය පටන් ගත්තාය. තිලකරත්න පවුලම පිස්‌සුවෙන් මෙන් එම දැරිවිය හෙව්වාය. පසුව ප්‍රදේශවාසීහු ඇතුළු හිත මිතුරෝද එයට එකතු වූහ. එහෙත් එම දැරිවිය ගැන කිසිදු තොරතුරක්‌ සොයා ගැනීමට කිසිවකුටත් නොහැකි විය.

ඉගෙනුම ලබන පාසලට ද ඇයගේ අතුරුදන්වීමේ ආරංචිය සැලවී තිබිණි. ඒ මොහොතේම පංතිභාර ගුරුතුමිය ඇතුළු යහළු යෙහෙළියෝ ඇය ගැන සෙව්වාහ. එහෙත් ඔවුනට ද කිසිදු තොරතුරක්‌ සොයා ගැනීමට නොහැකි විය. පංති භාර ගුරුතුමිය දැඩි ලෙස දුක්‌ වුණේ ඇය අහිංසක සිසුවියක්‌ වූ නිසාය.

පැය තුනක්‌ පමණ ඇය ගැන සෙව්වද කිසිම තොරතුරක්‌ කිසිවකුටත් දැන ගැනීමට නොහැකි විය. අවසානයේ ඇගේ දෙමාපියන් අනුරාධපුර පොලිසියේ ළමා හා කාන්තා කාර්යාංශයට පැමිණියේ මේ ගැන පැමිණිලි කිරීම සඳහාය. පැය ගණනක්‌ එම ස්‌ථානයේ රස්‌තියාදු වුවද පැමිණිල්ල ලියා ගැනීමට කිසිවෙක්‌ ඉදිරිපත් වී නොමැත.

අවසානයේ එම අහිංසක දෙමාපිය යුවළ එහි සිටි පොලිස්‌ නිලධාරිනියකට තම දරුවාගේ අනතුරුදන්වීම පැවසුහ. එම පොලිස්‌ නිලධාරිනිය සිනාසී පවසා ඇත්තේ මෙවැනි දෙයකි. “බය වෙන්න එපා අම්මේ, ළමයා කා එක්‌ක හරි පැනලා යන්න ඇති. තව දවස්‌ දෙක තුනකින් විස්‌තර දැන ගන්න පුළුවන් වේවි. එතකන් හිත හදාගෙන ඉන්න” කියා ය.

ඒ එක්‌කම තවත් පොලිස්‌ නිලධාරිනියක්‌ මෙසේ පවසා ඇත. “මටත් ඔය වයසේ දුවෙක්‌ ඉන්නවා. එයා එක්‌කෙනෙක්‌ එක්‌ක යාළු වෙලා හිටියා. දැන් ඒ සම්බන්ධය නැහැ. ආයි වෙන එක්‌කෙනෙක්‌ එක්‌ක සම්බන්ධයක්‌ පටන් අරන්. මොනවා කරන්නද? අපි සද්ද නැතුව ඉන්නවා. ඕවාට විරුද්ධ වුණොත් ළමයා කා එක්‌ක හරි පැනලා යයි. අද කාලයේ ළමයින්ගේ හැටි ඔහොම තමයි.”

වඳින්න ගිය දේවාලය ඉහේ කඩා වැටුණාටත් වඩා එහා දෙයකි එම දෙමාපියන්ට සිදුවූයේ. සිවිල් ජනතාවගේ නීතිය සහ සාමය රැකීමට සිsටින නිලධාරීන් එසේ පවසනවා නම් නීතිය ගැන කවර කතා ද? අසරණ වූ දෙමාපියන් යළි පවසා ඇත්තේ තම දියණියට ප්‍රේම සම්බන්ධයක්‌ නොතිබූ බවකි. එහෙත් එම පොලිස්‌ නිලධාරීන් ඒ ගැන තැකීමක්‌ නොකර පැමිණිල්ල ලියාගෙන තිබුණේ නොසැලකිලිමත් අයුරෙනි.

මැයි මස දහසය වැනිදා අතුරුදන් වූ දියණිය ගැන දහඅට වැනිදා තෙක්‌ කිසිදු තොරතුරක්‌ නොලැබිණි. පොලිසියෙන් ද කිසිදු තොරතුරක්‌ නොලැබුණු අතර පොලිසිය පිළිබඳ එම දෙමාපියන්ගේ විශ්වාසය ද ගිලිහී තිබිණි.

මේ අතර තම දියණිය නොමැතිව සොවින් සිටින තිලකරත්නගේ බිරිඳට හදිසි දුරකථන ඇමතුමක්‌ ලැබිණි ඒ මැයි මස දහඅට වැනිදාය. තර්ජනාත්මක ස්‌වරූපයෙන් කතා කළ පුද්ගලයකු පැවසුවේ මෙවන් දෙයකි. “තමන්ගේ දුව අපි ළඟ ඉන්නේ. රුපියල් ලක්‍ෂ විස්‌සක්‌ අපට ඕනෑ. නැත්නම් දුවව මරලා දානවා. හැබැයි මේ ගැන පොලිසියට කියන්නත් බැහැ. එහෙම කිව්වොත් දන්නවානේ වෙන දේ?”

දුරකථන ඇමතුමෙන් පසු ඔවුනට උන්හිටි තැන් අමතක විය. රුපියල් ලක්‍ෂ විස්‌සක්‌ කෙසේ සොයන්නද? ඔවුහු දහ අතේ කල්පනා කළහ. තම දරුවා බේරා ගැනීම සඳහා එය කෙසේ හෝ සොයා ගත යුතු යෑයි අවසානයේ ඔවුහු තීරණය කළහ. පොලිසියට ඒ බව නොපැවසුවේ තම දරුවාට ජීවිත හානියක්‌ වේ යෑයි සිතූ නිසා ය. කප්පම් ඉල්ලා කතා කළ දුරකථන අංකයට කිහිප වරක්‌ ම ඇමතුම් ලබා ගත්තද එම අංකය සම්බන්ධ කර ගැනීමට තිලකරත්නලාට නොහැකි විය. පසුව මේ බව පොලිසියට කීමට ඔවුහු තීරණය කළෝහ.

පොලිසියට දීම සඳහා කප්පම් ඉල්ලා කතා කළ දුරකථන අංකය කොළයක ලියා ගන්නා ලෙස නිෂාදි නමැති තරුණියකට තිලකරත්නගේ බිරිඳ පැවසුවාය. නිෂාදි යනු අතුරුදන් වූ පාසල් සිසුවියගේ හොඳම යෙහෙළියයි. ඇය එම අවස්‌ථාවේ සිටියේ අතුරුදන් වූ පාසල් සිසුවියගේ නිවසේය.

නිෂාදි දුරකථන අංකය ලියා ගැනීමට සැරසුණය. එම දුරකථන අංකය ඇයට හුරු පුරුදු එකකි. නැවතත් ඇය මහත් ඕනෑකමකින් එම දුරකථන අංකය දෙස බැලුවාය. එය තම පෙම්වතා වන තිවංකගේ දුරකථනය අංකයයි. වහාම ඇය ඒ බව උපුල් තිලකරත්නගේ බිරිඳ වන මුදිතාට පැවසුවාය.

මුදිතා වහාම තම ස්‌වාමියා සමඟ අනුරාධපුර පොලිසියේ ළමා හා කාන්තා කාර්යාංශයට පැමිණියේ ඒ බව දැන්වීමටයි. ස්‌ථානාධිපතිතුමිය එම මොහොතේ කුමකට පැමිණියේ දැයි තිලකරත්නලාගෙන් විමසා ඇත. ඔවුන් දෙදෙනා තම දියණියගේ අතුරුදන්වීම ගැන පවසා ඇත. එවිට ස්‌ථානාධිපතිතුමිය එවැනි පැමිණිල්ලක්‌ ගැන තමා නොදන්නා බව පවසා තිබේ. පොලිසියෙන් කිසි සහනයක්‌ නොලැබෙන බව එම අසරණ දෙමාපියන්ට ඒ මොහොත වන විට හොඳටම දැනී තිබිණි.

නීතියේ පිහිටක්‌ නොමැති කල තම දරුවා කෙසේ හෝ සොයා ගත යුතු යෑයි එම දෙමාපියන් දෙදෙනා අදිටන් කර ගත්හ. නිෂාදි සමග ඇයගේ පෙම්වතාගේ නිවස සොයා ගෙන ගියේය. ඇය කිහිපවතාවක්‌ තිවංක නමැති එම පෙම්වතාගේ නිවසට ගොස්‌ තිබිණි. මහාමංකඩවල ප්‍රදේශයේ එම නිවස පිහිටා තිබිණි.

උපුල් ඇතුළු පිරිස එම නිවසට ගොස්‌ සියලු විස්‌තර නිවැසියන්ට පැවසුවෝය. එය අසා සිටි තිවංක නමැති තරුණයාගේ දෙමාපියන් පැවසුවේ මෙවැනි කතාවකි. “ඒකාගේ නම තිවංක නොවෙයි. දෙනිපිටය ගමගේ කුමාරසිංහ. මූ කසාද බැඳලා නෝනා රට ඉන්නවා. දරුවෙකුත් ඉන්නවා. ඊට පස්‌සේ තව ගෑනියෙකුත් ගෙනාවා. තවත් සම්බන්ධතා ගොඩක්‌ තියෙනවා. මේ ළමයවත් රවටලා ඇති. අපරාධ ගණනාවකටත් සම්බන්ධයි. පොලිසියට ගිහින් ඕගොල්ලො පැමිණිලි කරන්න. එතකොට ඕකට දඬුවම් කරයි. අපිටත් ඕන ඒක තමයි” එය ඇසීමෙන් උපුල් ඇතුළු පිරිස තවත් බිය වූහ. ඒ තම දියණියට ද මේ පාපතරයා කරදරයක්‌ කරයිද යන්නයි.

පසුව අවට ගම්වැසියන්ගෙන් මේ පිළිබඳ ඔවුහු විමසූහ. එවිට ගම්වාසීන් පවසා ඇත්තේ ඔය පවුලම ගමට පිළිලයක්‌ බවත් දෙමාපියන්ගේ අනුදැනුම යටතේ කුමාරසිංහ අපරාධ කරන බවත් ය. ඒ දෙමාපියන්ගේ කීමට රැවටෙන්න එපා……” ඔවුහු වැඩිදුරටත් කීහ. එය ඇසීමෙන් කරන්නේ කුමක්‌ දැයි තිලකරත්නලාට සිතා ගැනීමටවත් නොහැකි වුහ. මේ අතර අනුරාධපුර පොලිසියේ නිලධාරීන් දෙදෙනෙක්‌ කුමාරසිංහගේ නිවසට පැමිණ පවසා ඇත්තේ කටඋත්තරයක්‌ ලබා ගැනීමට පොලිසියට පැමිණෙන ලෙසයි. එහෙත් ඔහු එහි පැමිණ තිබුණේ නැත.

දියණිය අතුරුදන් වී සතියක්‌ පමණ ගත වී ඇත. නීතියෙන් කිසිම සරණක්‌ නොමැත. තිලකරත්නලා දස අතේ තම දියණිය සොයා ගැනීම සඳහා වෙහෙසුණහ. අවසානයේ ඔවුහු අදෘශ්‍යමාන බලවේග හරහා හෝ තම දියණිය සොයා ගැනීමට උත්සාහ කළෝය.

ඔවුහු එක්‌තරා දේවාලයකට ගියේ දහසක්‌ බලාපොරොත්තු තබාගෙනය. එම දේවාලයේ කපුවා ආරූඪයෙන් පැවසුවේ දියණිය සොයාගත හැකි බවයි. ත්‍රිරෝද රථයකින් පැමිණි පිරිසක්‌ තම දියණිය පැහැරගෙන ගොස්‌ පුත්තලම ප්‍රදේශයේ එක්‌තරා ස්‌ථානයක හිරකරගෙන ඇති බව ඔහු පැවැසුවේය. දින හතක්‌ ඇතුළත දියණිය සොයා ගත හැකි බව ඔහු පැවසීය. ඒ සඳහා කළ යුතු ශාන්තිකර්ම වගයක්‌ද කියා දුන්නේය.

මේ අතර වරින් වර කප්පම් මුදල් ඉල්ලා තර්ජනාත්මක දුරකථන ඇමතුම්ද ලැබුණේය. අවසානයේ එම මැරයන් පවසා සිටියේ 31 වැනිදාට පෙර මුදල් නොදුන්නොත් දියණිය මරා දමන බවයි. මේ පිළිබඳ අවස්‌ථා කිහිපයකදී පොලිසිය දැනුවත් කළ ද ඔහු ඒ පිළිබඳව වැඩි සැලකිල්ලක්‌ දක්‌වා නොමැත.

කුමාරසිංහ නමැති පුද්ගලයා ගැන සොයා බැලීමේදී ඔහු දරුණු ගණයේ අපරාධකාරයකු බව සොයා ගැනීමට හැකිවී තිබුණි. පුත්තලම ප්‍රදේශයේ පැදුරු කාන්ති නමැති කාන්තාවක්‌ සමඟ එකතුවී කාන්තාවන් බලෙන් පැහැරගෙන ගොස්‌ ගණිකා සේවයේ යොදවන කුඩා දරුවන් විකීණීම ආදී නීති විරෝධී ව්‍යාපාර රැසක්‌ මේ පාපතරයා කරන බවට තොරතුරු සොයාගෙන තිබුණි. දියණිය ගැන පුත්තලමේ පැදුරු කාන්තිගේ ලැගුම්හලට ගොස්‌ සොයා බලන ලෙස තිලකරත්නලාට තොරතුරු ලැබී තිබුණි.

පැදුරු කාන්තිගේ මෙම නීති විරෝධී වැඩවලට පොලිසියේ සමහර නිලධාරීන්ගේ සහය ලැබෙන බව තිලකරත්නලාට දැන ගන්න ලැබී තිබුණි. පුත්තලම ප්‍රදේශයේ කාන්තාව පවසා ඇත්තේ පොලිස්‌ නිලධාරීන්ට පැදුරු කාන්ති පිළිබඳ නොපවසා එම ස්‌ථානයට පැමිණෙන ලෙසයි.

තිලකරත්න අනුරාධපුර පොලිසියට පැමිණ පවසා ඇත්තේ තම දියණිය පුත්තලම ප්‍රදේශයේ නිවසක රඳවාගෙන සිටින බවත්, දියණිය සොයා ගැනීමට පැමිණෙන ලෙස කීය. පැය ගණනකට පසු පොලිස්‌ නිලධාරීන් දෙදෙනෙක්‌ ඔහුත් සමඟ පුත්තලම පොලිසියට පැමිණ තිබේ. එම පොලිස්‌ නිලධාරීන්ට ඒ බව පවසා ඔවුහු සමග අදාළ ස්‌ථානය වැටලීමට ගියේය. මේ වනවිට තිලකරත්නලාට හිතවත් පිරිසක්‌ද ඔවුන් සමඟ පැමිණ තිබිණි.

පැදුරුකාන්තිගේ ලැගුම්හල පොලිසිය වටකළේ ගම්වාසීන්ගේද සහාය ඇතිවිය. එවිට එම ස්‌ථානයේ කුඩා ළමුන් කිහිප දෙනෙක්‌ සහ තරුණියන් කිහිප දෙනෙක්‌ සිට ඇත. ඔවුහු වයස අවුරුදු 15, 16, 23 වැනි වයස්‌වල අයයි. පැදුරු කාන්ති නමැති කාන්තාව එම ලැගුම්හලේ ඉඳ ඇතත් පොලිසිය ඒ කිසිවකුගෙන් ප්‍රශ්න කර නොමැත.

තිලකරත්නගේ දියණිය එම ලැගුම්හල අසල කුඩා පොල් අතු පැලක සිටියදී සොයා ගැනීමට හැකිවි තිබිණි. එවිට ඇය සිට ඇත්තේ තද නින්දේය. පසුව ඇය පුත්තලම පොලිසිය වෙත රැගෙන විත් තිබුණි.

තම දියණිය ලැබීමත් සමඟ තිලකරත්නලාගේ සිතට සතුටක්‌ ලැබුණද නීතිය හරිහැටි ක්‍රියාත්මක නොවීම පිළිබඳ ඔවුන්ට ඇත්තේ දැඩි දුකකි. පැහැර ගැනීමට ලක්‌වූ දියණිය පවසන්නේ මෙවන් කතාවකි.

“මැයි දහසය වැනිදා මම මල් කඩන් එන්න පාර ළඟට ගියා. එවිට නිෂාදි යහළුවෙලා ඉන්න පිරිමි ළමයා කොළපාට ත්‍රීවීල් එකක්‌ තව ගෑනු කෙනෙක්‌ එක්‌ක ආවා. මා ළඟ නවත්වලා අපි ගෙදර ඉඳන් එන්නේ තැඹිලි වතුර ටිකක්‌ බොන්න කියලා බලෙන්ම බොන්න දුන්නා. උගුරු දෙකයි බිව්වේ මට මොනවා වුණාද කියලා දන්නේ නැහැ.”

“පසුව සිහිය එද්දී මම කාමරයක හිටියේ. අර තරුණයත් හිටියා. කාමරය තුළ පසුව ඔහු මාව බයකරලා යතුරුපැදියක නංවාගෙන පුත්තලම පැත්තේ නිවසකට රැගෙන ආවා. නිවස වහලේ පොල්අතු ගහලා ලෑලිවලින් ආවරණය කරලා තිබුණේ.

එහි තවත් ගෑණු ළමයි හය දෙනෙක්‌ පමණ හිටියා. වයස අවුරුදු 14, 15, 16 වැනි වයස්‌ කාණ්‌ඩවල අය. පාසල් අඳින සුදු ඇඳුම් පවා පේන්න තිබුණා. මේ සේරම බලාගත්තේ පැදුරු කාන්ති කියලා ගෑණු කෙනෙක්‌. සමහරු ඇයට කාන්ති අම්මා කියලත් කියනවා.

දවසක්‌ මාව ගෝල්ෙµaස්‌ එකට එක්‌කන් ගිහින් පිංතූර වගයක්‌ ගත්තා හොඳ ඇඳුම් වගයක්‌ අන්දලා. ඒවා සුද්ද කරලා මැඩම් කෙනෙකුට පෙන්නුවා. එයා අහනවා ඇහුනා මට කීයක්‌ ඕනෑද කියලා. මගෙන්a වෙනම හැඳුනුම්පතක්‌ ගන්aනත් ඔවුන් විස්‌තර ගත්තා.

“අනෙක්‌ අම්මලගෙන් දුරකථනයෙන් ලක්‍ෂ 20 ක කම්පම් මුදලක්‌ ඉල්ලනවත් මට ඇහුණා. දවසක්‌ කොල්ලො වගයක්‌ මට කරදර කරන්න ආවා. මං කකුල් දෙක අල්ලලා වැඳලා බොහොම අමාරුවෙන් බේරුණේ. තව දවසක්‌ ගංජා වගයක්‌ එහේ ආපු කොල්ලො වගයකට ගිහින් දෙන්නත් කීවා…..

“මෙතන කුඩා ළමයි පවා විකුණනවා. දවසක්‌ ඉතාලි යුවළක්‌ ඇවිත් දරුවෙක්‌ ගන්න සල්ලිත් දීලා ගියා. ඒ වනවිට අවුරුදු විසිපහක පමණ තරුණියකට ළමයෙක්‌ හම්බවෙලා හිටියා. තව විවිධ තරුණයන් ඇවිල්ලා සල්ලි දීලා මෙතන ඉන්න තරුණියන්ව එළියට අරන් යනවා. මම ඒ දවස්‌ ටිකත් හිටියේ පුදුම බයකින්. එම දැරිය එම ස්‌ථානය ගැන පවසන්නේ එවැනි දෙයකි.

පුත්තලම සහ අනුරාධපුර පොලිසිය මේ පිළිබඳ විධිමත් පරීක්‍ෂණයක්‌ සිදු නොකළ බවට එම දියණියගේ දෙමාපියෝ චෝදනා කරති. එහි සත්‍යතාවයක්‌ ඇතැයි අපිටද වැටහෙයි. ඒ මන්ද යත් කාන්ති අක්‌කාගේ ලැගුම්හල වටලද්දී එහි හිටි බාල වයස්‌කාර දැරියක පිළිබඳ කිසිදු විමසීමක්‌ සිදුකර නැත. පැහැර ගත් බාල වයස්‌කාර තරුණිය රඳවාගෙන ඇත්තේ පැදුරු කාන්ති නමැති කාන්තාවගේ ස්‌ථානයකයි. එහෙත් ඇය තමත් නිදැල්ලේය.

එම තරුණිය පවසන අන්දමට එහි නීති විරෝධී ක්‍රියාකාරකම් රැසක්‌ සිදුවේ. ඒ කුඩා දරුවන් විකිණීම, බාලවයස්‌කාර දැරියන් පැහැරගෙන ගොස්‌ ලිංගික සේවයේ යෙදවීම ආදියයි. මේවා දැන දැනත් පොලිස්‌ නිලධාරීන් නීතිය ක්‍රියාත්මක නොකරන්නේ මන්දැයි අපිටත් හිතාගත නොහැකිය.

අවසානයේ එම දැරිය පැහැර ගත්තා යෑයි චෝදනාවන් යටතේ දඬුවම් ලැබුණේ කුමාරසිංහ නමැති තරුණයාට පමණි. එම පාපතරයා බාල වයස්‌කාර දැරියව මුල් දවසේ රඳවාගෙන ඇත්තේ අනුරාධපුර නගරයේ සාමදීප නමැති ලැගුම්හලකයි. එය ප්‍රධාන පාසල් තුනක්‌ අසළ පිහිටා තිබේ. එහෙත් එහි හිමිකරුටත් නීතිය ක්‍රියාත්මක කර නොමැත.

මෙම බාලවයස්‌කාර තරුණිය පැහැර ගැනීම සම්බන්ධයෙන් මුලසිටම නීතිය හරියාකාරව ඉටු නොවුණ බවට එම දෙමාපියෝ චෝදනා නඟති. ඒ පිළිබඳ නැවතත් නිවැරදි පරීක්‍ෂණයක්‌ සිදු කළහොත් එය මනාව පසක්‌ වනු ඇති බව ඔවුහු පවසති. එම දෙමාපියෝ වගකිවයුතු නිලධාරීන්ගෙන් තවත් එක්‌ දෙයක්‌ ඉල්ලති. ඒ පැදුරු කාන්තිගේ ලැගුම්හල තුළ තවත් බාලවයස්‌කාර තරුණියන් සිටින බවත් වහාම ඔවුන්ව බේරා ගන්නා ලෙසත්ය.

පොලිස්‌පතිතුමනි ඔබ දැන්ම මැදිහත්වී හෝ මෙම සිද්ධිය පිළිබඳ විධිමත් පරීක්‍ෂණයක්‌ සිදුකළ මැනවි.

ගයාන් සමරසිංහ  පිංතූර – නාච්චාදූව ප්‍රභාත් වනසිංහ

Comments

comments

NO COMMENTS

LEAVE A REPLY