ලංකාවේ මෝටර් රථ දෙකක් නිෂ්පාදනය කරල තියෙනව කියන පුවත දැක්කම හිත ඇතුළේ පැහැදිලි කල නොහැකි බලාපොරොත්තුවක් පණ ගැහෙන්න පටන් ගත්තේ මට විතරද ?

හැම කෙනෙකුගේම හිතේ කොනක බිය නිසා සඟවා ගෙන සිටින ඉන්දීය විරෝධයක් තියෙනව
ඉන්දියානු පන්දු යවන්නෙකුට 6 පහරක් ගහන හැම මොහොතකම බෙරිහන් දෙන්නෙ ක්‍රීඩා ලෝලියා නෙමෙයි උගේ ඇතුලේ හැංගිලා ඉන්න දේශප්‍රේමිය කියලයි මට හිතෙන්නෙ .
අපි ඉන්දියානු මෝටර් රථ සහ ත්‍රී රෝද රථ වෙළඳ එකාධිකාරියට තැළී පෑගී සිටින මොහොතක් මේ .
ඒ නිසාම මේ අලුත් කාර් දෙක ගැන විශාල බලාපොරොත්තු ලියලමින් පවතිනව ,
ඒත් මීට පෙරත් මේ වගේ දේශීය කාර් කිහිපයක්ම නිෂ්පාදනය වුනා
එව උපන් ගෙයිම මිය ඇදුන
මේ දෙකට සිද්ධ වෙන්නෙත් ඒ ටිකම තමයි .

ඇයි එහෙම කියන්නෙ ,…

මිනිස්සුන්ට දේශ මාමකත්වයක් තිබුනට පලක් නැහැ දේශපාලකයන්ට ඒ හැඟීම නැත්නම්
ඉන්දියානු වෙළඳපොළට අපේ ප්‍රවාහනය බිලි දීම වෙනුවෙන් ඩොලර් කෝටි ගණනක කොමිස් දේශපාලකයන්ට ලැබෙනව .

ලංකාවේ මේ මෝටර් රථ වෙළඳ පොලට ගේන්න උදව් කරනව කියල රවී කියල තිබුන .
ඒ කථාව ඇත්තටම කරලා පෙන්නන ඔබට පුලුවන්ද කියල මම රවීගෙන් අහනව .
මොකද විශේෂ ණය ආධාරයක් , තීරු බදු සහිත අමතර කොටස් ගෙන්වීමේ වරප්‍රසාදයක් නොදී දේශීය කර්මාන්ත නංවන්න බෑ .
මේ විවුර්ත ආර්ථිකය ඇතුළේ , ඉන්දීය වෙළඳ මාෆියාව අස්සෙ ඕක කියන තරම් ලෙහෙසි වෙන්නෙ නෑ .
කොහොම හරි වාහනේ වෙළඳපොළට දැම්ම කියමු . කතා කරද්දී දේශමාමක වූ අපේ මිනිස්සු සුදානම් වෙයිද ජපන් හෝ ඉන්දියන් කාර් එකක් වෙනුවට අඩුපාඩු සහිත අපේ කාර් එකක් ගන්න .

රටක් විදිහට දියුණු වෙන්න ඕනෙ නම් ඉන්දියාවට එරෙහිව ඉන්දියානු විදිහට හිතන්න ඕනෙ .
ජපන් සහ බ්‍රිතාන්‍ය කාර් එක්ක “ඇම්බසිඩර”ඉන්දියන් කාරෙක හැප්පුනේ හැම ඉන්දියන්කාරයෙක්ම තමන්ගේ දේ අගය කරපු නිසා !
ඉන්දියාවෙ අගමැති අදත් යන්නෙ ඉන්දියාවේ හදන ඇම්බසිඩර් කාර් එකේ .
ඒ විතරක් නෙමෙයි එංගලන්තෙ ඉන්දීය මහ කොමසාරිස් ලන්ඩන් වල රවුම් ගහන්නෙත් අර හොම්බ උල් වෙච්ච කැත ඇම්බසිඩර් කාර් එකක !

අපේ රටේ අපේම කාර් එකක් කවදා වෙළඳ පොලට එයිද කියන එකට වඩා අමාරු ප්‍රශ්නෙ
අපේ කාර් එකක යන අගමැති කෙනෙක් කවදා අපට ලැබෙයිද කියන එකයි

 

NARADA WIJESURIYA

Hindustan Ambassador

20

Comments

comments

NO COMMENTS

LEAVE A REPLY