කාලකන්ණි මහ ඇමතිට විරුද්ධව ළමා හිංසන චෝදනාවක් !

යහ පාලනය සාධාරණ නම් මහාමතිට එරෙහිව නඩු පැවරිය යුතුය

0
5329

කාලකන්නි දෙස්පාලුවෙක් ගේ නොසන්ඩාල හැසිරීම ඉදිරියේ ඉවසීමේ ගුණය පෙන්වූ කපිතාන් වරයාට අපේ උත්තමාචාරය .

ඔහු අපේ හමුදාව සතු උසස්ම විනය මේ යැයි ලෝකයට පෙන්වීය
ත්‍රිවිධ හමුදාව මේ කාලකන්නියා යන උත්සව වර්ජනය කිරීමට ගත් තීරණය එතරම් සුදුසු යයි මම නොසිතමි . එය හමුදාව පැමිණීම වැළක්වීමේ උවමනාවෙන් පෙළෙන තවත් බොහෝ දෙනෙකුට වැරදි ආදර්ශයක් සපයයි

නමුත් නැගෙනහිර සිංහල දෙමළ මුස්ලිම් ජනතාවට බියෙන් තොරව ජීවත්වන්නට මඟ සැලසු මෙවැනි සැබෑ රණ විරුවෙක් වෙනුවෙන් එහි ජනතාවට යමක් කල හැකිය
ගුරුවරු , වෛද්‍ය ,ඉංජිනේරු වැනි බුද්ධිමත් වෘත්තිකයන් මේ නිවටයාගේ පැමිණීම වර්ජනය කළ යුතුය

පාසැල් දරුවෙකු ඉදිරියේ පෙන්වූ නිර්ලජ්ජිත හැසිරීම සහ ආසන්නයේ සිටි දරුවාට පහර දීම පැහැදිලි ළමා හිංසනය යටතේ වරදක් ලෙස නිර්වචනය කල හැකි නඩු නිමිත්තකි
තම අතින් අහිංසක ළදරුවාට පහර වැදීමෙන් පසුව සමාව ඉල්ලීමට තරම් වත් දැනුමක් හෝ විනයක් මේ තිරිසනාට නොතිබිණි
අදාළ දෙමාපියන් සොයා නඩු පැවරීමට කටයුතු කල යුතුය

මෙවැනි නරුමයන් මහජන චන්දයෙන් තෝරා ගන්නා අමන චන්ද දායකයන් ගැන කනගාටු වෙමු

 

NARADA WIJESURIYA

Comments

comments

NO COMMENTS

LEAVE A REPLY