තාජුඩීන් ඝාතනය සිදුවූ දවසේ අලුයම 2.45ට හා 3.20 අතර කාලයේ හිටපු බස්නාහිර පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක මහතා සාමාන්‍ය ඇඳුමින් සැරසී නාරාහේන්පිට ශාලිකා ක්‍රීඩාංගණය අසල මාර්ගයේ සිටි බවට සාක්කි ඇතැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඉදිරිපත් කළ බී වාර්තාව මගින් අධිකරණයට දැනුම් දී ඇත.

තාජුඩීන් අනතුරක ප්‍රතිඵලයක් වශයෙන් මියගිය බවට සළකා පරීක්ෂණ කරන ලෙස අනුර සේනානායක මහතා පොලිසියේ පහළ නිලධාරීන් දෙදෙනකුට බලපෑම් කර ඇතැයිද සාක්කි යටපත් කිරීම හා කුමන්ත්‍රණය කිරීම යටතේ ඔහුට චෝදනා නැගීමට තරම් ප්‍රමාණවත් කරුණු ඇතැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පොලිස් අධිකාරී ශානි අබේසේකර මහතා මහේස්ත්‍රාත් හමුවේ ප්‍රකාශ කර තිබේ.

Comments

comments

NO COMMENTS

LEAVE A REPLY