බැසිල් අත්අඩංගුවට

0
3267

 

හිටපු ආර්ථික සංවර්ධන ඇමැති බැසිල් රාජපක්ෂ කොළඹ මූල්‍ය අපරාධ කොට්ඨාසය විසින් මීට සුළු මොහොතකට පෙර අත්අඩංගුවට ගත් අතර ඔහු මාතර මහේස්ත්‍රාත් වෙත ඉදිරිපත් කිරීමට නියමිතය .

කොළඹ පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයට කැඳවා තිබූ අතර එහි පැමිණි විට අත්අඩංගුවට ගැනුණි

ඔහු දක්ෂිණ අධිවේගී මාර්ගය ඔස්සේ මාතර කරා රැගෙන යමින් සිටින බව දන ගැනීමට ඇත .

මාතර සිදුවූ බව කියන අයථා ඉඩම් ගනුදෙනුවක් සම්බන්ධයෙන් මුදල් විශුද්ධිකරණ පනත යටතේ අත්අඩංගුවට ගත් අතර මාතර බ්‍රවුන්ස්හිල් හි අක්කර එක හමාරක ඉඩමක් මිලදී ගත් බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් වත්කම් ප්‍රකාශ කර නැතැයි ඔහුට එරෙහිව මාතර උසාවියේ නඩුවක්ද පවතී.
ඔහු අද මාතර අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

Comments

comments

NO COMMENTS

LEAVE A REPLY