ගාල්ල ප්‍රදේශයේ විහාරස්‌ථානයක ඇබිත්තයකු තිදරු මවකට පිහියෙන් ඇන බරපතළ තුවා සිදුකර තිබේ.

පිහි ඇනුමෙන් බරපතල තුවාල ලැබූ තිදරු මව ප්‍රතිකාර සඳහා ඊයේ ඔක්‌කම්පිටිය රෝහලට ඇතුළත් කර ඇති අතර පසුව ඇය වැඩිදුර ප්‍රතිකාර සඳහා මොණරාගල දිස්‌ත්‍රික්‌ මහ රෝහලට මාරු කර යවා ඇත.

මෙසේ පහරකෑමෙන් තුවාල ලබා ඇත්තේ ඔක්‌කම්පිටිය සාම මාවත, 17 කණුව පදිංචි 28 හැවිරිදි තිදරු මවකි.

සිද්ධියට අදාළ සැකකරු අත්අඩංගුවට ගෙන ඇති අතර මොහු වැල්ලවාය මහෙස්‌ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි.

තුවාල ලැබූ කාන්තාවට ප්‍රේම සම්බන්ධයක්‌ පැවැත්වීමට කලක සිට මෙම සැකකරු යෝජනා කර ඇති අතර කිහිප අවස්‌ථාවකදී ඇය පැහැර ගැනීමටද උත්සාහ කර ඇති බව පරික්‍ෂණ පවත්වන පොලිසිය පවසයි.

මෙම යෝජනාව ප්‍රතික්‍ෂේප කිරීම නිසා උරණවූ 55 හැවිරිදි සැකකරු ඇය නිවසේ සිට අසල කැලෑ ප්‍රදේශයට ඇදගෙන ගොස්‌ ස්‌ථාන කිහිපයකටම පිහියෙන් ඇන දරුණු තුවාල සිදු කර ඇත.

පරීක්‍ෂණ පවත්වන පොලිසිය පවසන්නේ ස්‌ථාන 6 කට පමණ දරුණු පිහි ඇනුම් සිදු කර ඇති නිසා ඇයගේ තත්ත්වය බරපතළ බවයි.

එම පිහියද පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇත. සැකකරු රැගෙන විත් තිබූ වස බෝතලයක්‌ද හමුවී ඇති බව පොලිසිය කියයි.

තුවාල ලැබූ කාන්තාවගේ සැමියා කොළඹ ප්‍රදේශයේ රැකියාවක්‌ කරන අයෙකි.
නයන ඉහළ ගෙදර

Comments

comments

NO COMMENTS

LEAVE A REPLY