තම බිරිඳ සමඟ අනියම් සබඳතාවක්‌ පවත්වා පසුව ඇය විදේශ ගත කර වූවා යෑයි උරණ වූ සැමියෙකු සිද්ධියට මුල්වූ පුද්ගලයාට කැත්තකින් කොටා එම කැත්තද රැගෙන ගම්පොළ පොලිසියට පැමිණ ඇත සැකකරු ලබන 14 දින දක්‌වා රක්‌ෂිත බන්ධනාගාරගත කරන ලෙස ගම්පොළ මහෙස්‌ත්‍රාත් චාන්දනි මීගොඩ මහත්මිය නියෝග කළාය.

ගම්පොල මාවතුර ප්‍රදේශයේ පදිංචිකරුවකු මෙසේ රක්‌ෂිත බන්ධනාගාරගත කළ අතර ඔහු විසින් පහර දීමට යොදා ගත් කැත්තද අධිකරණය වෙත ඉදිරිපත් කර තිබිණි.

යුද හමුදා සේවයෙන් ඉවත් වූ පුද්ගලයකු මෙම සැකකරුගේ බිරිඳ සමඟ අනියම් පෙමක්‌ පවත්වාගෙන ගොස්‌ ඇති අතර පසුව දෙදෙනාම රැකියා ඒජන්සියක්‌ මගින් මැදපෙරදිග රැකියාවකට යැමට සැලසුම් කොට පළමුව මෙම කාන්තාව එහි යවා ඇත.

ඒජන්සිකරුට පවසා ඇත්තේ දෙදෙනාම එක තැනක සේවයට යවන ලෙසයි. මේ බව දැනගත් විවාහක සැමියා මෙසේ එම පුද්ගලයාට කැත්තකින් පහරදී ඇති අතර ඔහු ගම්පොළ රෝහලින් පේරාදෙණිය රෝහලට යවා ඇත.

 

සුරංග දිල්හාන්

Comments

comments

NO COMMENTS

LEAVE A REPLY