තෙවරප්පෙරුම ගේ සහ රණවීරගේ මන්ත්‍රී ධූර අහෝසියි කරණු !

තෙවරප්පෙරුමට රණවීරට උපරිම දඬුවම් දෙනු ද්විපුද්ගල කමිටුව නිර්දේශ කරයි

0
3968

                                  පෙර වදන

පාර්ලිමේන්තුවේ අවිනීත ලෙස හැසිරෙන න අසභය වචන කථා කරණ සහ ගුටි බැට හුවමාරු කර ගන්නා මන්ත්‍රී වරුන්ට අවවාද කිරීමේ “බබා පාට් ” නොදමා
මන්ත්‍රී ධූරය අහෝසි කරන්නේ නම් අඩුම තරමේ පාර්ලිමේන්තුවේ විනය වත් ආරක්ෂා කර ගත හැකි වනු ඇත
               ක්‍රිකට් ක්‍රීඩාවේ දී විනය කඩ කරණ ක්‍රීඩකයන්ගේ ගාස්තු කපා හැරීම ආදර්ශයට ගෙන අඩුම තරමේ මාසයක මන්ත්‍රී වැටුප කපා හරින ලෙසත් එය අදාළ මන්ත්‍රී වරයාගේ ආසනයේ සුභ සාධන කටයුත්තක් සඳහා බැර කරන ලෙසත් අප ඉල්ලා සිටිමු

තෙවරප්පෙරුමට රණවීරට උපරිම දඬුවම් දෙනු
ද්විපුද්ගල කමිටුව නිර්දේශ කරයි

 

පාර්ලිමේන්තු සභා ගැබ තුළ පෙරේදා (03 දා) ඇතිවූ ගුටිබැට හුවමාරුව සම්බන්ධව නියෝජ්‍ය ඇමැති පාලිත තෙවරප්පෙරුම සහ (එජාප) ගම්පහ දිස්‌ත්‍රික්‌ මන්ත්‍රී ප්‍රසන්න රණවීර (එජනිස) යන මන්ත්‍රීවරුන්ට එරෙහිව උපරිම විනය ක්‍රියාමාර්ග ගත යුතු යෑයි ඒ පිළිබඳ සොයා බැලීමට පත්කළ ද්වි පුද්ගල කමිටුව කථානායකවරයාට නිර්දේශ කර ඇතැයි ආරංචි මාර්ග දක්‌වයි.

නියෝජ්‍ය කථානායක තිලංග සුමතිපාල, නියෝජ්‍ය කාරක සභා සභාපති සෙල්වම් අඩෙක්‌කලනාදන් යන මහත්වරුද මෙම ද්වි පුද්ගල කමිටුවේ සාමාජිකයෝ වූහ. මෙම කමිටු වාර්තාව ඊයේ විශේෂ කමිටුව විසින් කථානායකවරයා වෙත භාර දෙන ලදී. අදාළ නියෝජ්‍ය ඇමැතිවරයා සහ මන්ත්‍රීවරයා සම්බන්ධව පාර්ලිමේන්තුව රැස්‌වන පළමු දිනයේදීම තීන්දුවක්‌ ගත යුතු බවද වාර්තාවේ සඳහන් වන බව නියෝජ්‍ය කථානායක කාර්යාලයේ ප්‍රකාශකයෙක්‌ මාධ්‍ය වෙත අනාවරණය කළේය.

සභා කටයුතු අතරතුර සභාව මැදට පැමිණීම, බාධා කිරීම මන්ත්‍රීවරුන් නොකළයුතු බවද එය අශෝභන ක්‍රියාවක්‌ බවද පවසන කමිටු වාර්තාව ඇතැම් මන්ත්‍රීවරු කාලයක්‌ තිස්‌සේ එසේ ක්‍රියාකරමින් සිටින බවද සඳහන් වේ. මෙවන් ගැටුම් සඳහා අවස්‌ථාව නිර්මාණය වීමට ඉඩ සැලසෙන්නේ මේ නිසා බවද එහි සඳහන්a වේ.

සභාව තුළ පෙරේදා මෙම ගැටුම සිදුවන අවස්‌ථාවේදී දිනේෂ් ගුණවර්ධන, බන්දුල ගුණවර්ධන, පියල් නිශාන්ත යනාදි මන්ත්‍රීවරු අශෝභන ලෙස මුලසුන වෙත දොස්‌ නැගීම, බැණ වැදීම උචිත නොවන බවද වාර්තාවේ සඳහන් වේ.

සභාවේ කටයුතුවලට බාධා කරමින් සභාව මැදට ආ දෙපාර්ශවයේම මන්ත්‍රීවරුන්ට තරයේ අවවාද කළ යුතු බවද මන්ත්‍රීවරුන්ගේ හැසිරීම පිළිබඳ වගකීම අදාළ පක්‌ෂවල කණ්‌ඩායම් නායකයා විසින් භාරගත යුතු බවද ද්වි පුද්ගල කමිටුව නිර්දේශ කර ඇත.

මූලාසනයට අගෞරව ලෙස දොaෂාරෝපණය කළ මන්ත්‍රීවරුන් සම්බනAධව දැඩි විනය ක්‍රියාමාර්ග ගත යුතු බවද මෙම වාර්තාවේ දැක්‌වේ.

පාර්ලිමේන්තු සභා ගැබ තුළ පෙරේදා මන්ත්‍රීවරුන් කිහිපදෙනකු අතර සිදුවූ ගුටිබැට හුවමාරුව පිළිබඳ පරීක්‌ෂණය කිරීම සඳහා පත්කළ මෙම ද්විපුද්ගල කමිටුවේ වාර්තාව ඊයේ කථානායක කරු ජයසූරිය මහතා වෙත භාර දෙන ලදී.

කමිටු සාමාජිකයන් වන නියෝජ්‍ය කථානායක තිලංග සුමතිපාල සහ කාරක සභා නියෝජ්‍ය සභාපති සෙල්වම් අඩෙක්‌කලනාදන් යන මහත්වරුන් විසින් මෙම වාර්තාව කථානායකවරයාට භාර දෙන ලදී.

සිද්ධියට අදාළ ඉදිරි පියවර ගැනීම සඳහා මෙම කමිටු වාර්තාව අද (05 දා) පෙරවරු 9.00 ට පැවැත්වෙන පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ විශේෂ කාරක සභාවට ඉදිරිපත් කරන බව කථානායක කරු ජයසූරිය මහතා ඊයේ පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.

මේ සම්බන්ධව පක්‌ෂ නායක හමුවේදී තීරණයක්‌ ගන්නා බවද කරු ජයසූරිය මහතා ප්‍රකාශ කළේය.

 

අජිත් අලහකෝන් – කුෂාන් සුබසිංහ

Comments

comments

NO COMMENTS

LEAVE A REPLY