isis ක්‍රමයට ගෙළ සිඳ සැමියා මරාදමන්නට කොන්ත්රාතුවක් දුන් බිරිඳක්

සිරුර බදා ගෙන හඬන්න ටත් සැලසුම් කරළා

0
1700

නුර්ටෙන් ටයිකුර් වයස අවුරුදු 28 යි
ජීවත් වුනේ සිය සැමියා අකාන් සමග ලන්ඩනයට ආසන්න හැක්නි ප්‍රදේශයේ
තුර්කියේ කුර්දිෂ් ගමක උපන් ඇය දෙමාපියන් සමග එංගලන්තයට සංක්‍රමණය වුනේ ළදරු වියේදී
විවාහ වුනේ යෝජනාවක් මත වයස 16 දී . අකාන් පැමිණ තිබුණෙත් ඒ ගම් පලාතෙන්මයි .
රාත්‍රී ටැක්සි රියදුරෙක් වූ සැමියා සමග කිසි ආරවුලක් නොතිබුණු නමුත් ඇයටමීට වසර දෙකක පමණ කාලයක සිට රහසි ගත අනියම් සම්බන්ධයක් තිබිණි

සාම්ප්‍රදායික මුස්ලිම් වරුන් වූ ඔවුනට දික්කසාදය නුහුරු වූ අතර සැමියාගෙන් ගැලවෙන්නේ කෙසේදැයි කල්පනා කරමින් ඇය සිටියා
මීට මාස දෙකකට පෙර දෙදෙනාම තුර්කියේ නිවාඩුවක් ද ගත කර පැමිණ තිබුනා
දිනක් දහවල් ලන්ඩනයේ උද්‍යානයක සිටින අවස්ථාවක දාමරික පෙනුමක් ඇති රස්තියාදු කාරයෙක් ඇයට හමු වුනා
ඈ සෙමින් ඔහු සමග කතාවට වැටුනා .ඔහුගේ නම ජෝන්

මට පෙම්වතෙක් ඉන්නව , ඔහු සමග එකතු වෙන්නට මට තිබෙන එකම බාධාව මගේ සැමියා . මේ චායා රුපයේ ඉන්නේ ඔහු . ඔහුව මරා දැමීමේ කොන්ත්‍රාත්තුව භාර ගැනීමට ඔබට පුලුවන්ද

හොඳයි ඔබේ ගණුදෙනුව කොහොමද ?
මට පවුම් 5000ක් දෙන්න පුළුවන්
කැමතියි ; මම වැඩේ භාර ගන්නම් නෝනා මහත්මයා
මේ තියෙන්නෙ ඔහුගේ I phone දත්ත . ඔහු යන එන තැන් පහසුවෙන් බලා ගන්න පුළුවන්
එහෙම නම් වාහනයේ හප්පා මරා දමන්නට පුළුවන්
නෑ නෑ මට උවමනා පිහියෙන් ඇන මරා දැමීමටයි . ආපසු ඉතුරු නොවෙන්න එක වරම ඉවරයක් කරලා දාන්න ඕනේ
වෙඩි තියන එක පහසුයි නෝනා . මම මළ සිරුර ලන්ඩනය අසළ ඌරු කොටුවකට දමන්නම් කිසිවෙකුට අහු නොවෙන්න
මට ඒ සම්බන්ධ පොඩි අදහසක් තියෙනවා . ඔහුගේ බෙල්ල කපා මරා නගරය මැද දැමීම තමා කළ යුත්තේ .
එතකොට මට ඔහුගේ මළ සිරුරත් අරන් තුර්කියට යන්නට පුලුවන් ,
මිණිය බදා ගෙන හඬන්නටත් අවශ්‍යයි .
ඔහුව මරා දැමූ පසු වාහනයේ ISis යනුවෙන් අකුරු අඳින්නත් උවමනයි
මේ මරණය isis ත්‍රස්තවාදීන්ගේ වැඩක් බව හඟවන්නට පුළුවන් එතකොට
මේ… මේ.. බලන්න මේ පින්තුරය
මේ විදිහට උගුරු දණ්ඩ කපා දමා තියෙන්න ඕනෙ
මේ දෙබසෙන් පසුව වෙනත් දිනෙක ජෝන් හමුවූ නුර්ටෙන් පවුම් 1000 ක අත්තිකාරමක් ද දුන්නා

ඒ සමගම නුර්ටන්ව අත් අඩංගුවට ගත්තා
ජෝන් නම් රස්තියාදු කරුවෙක් ලෙස වෙස් වළාගෙන සිට ඇත්තේ රහස් පොලිස් නිලධාරියෙක් .

මේ කොන්ත්‍රාත්තුව පිලිබඳ ඇගේ සැමියා අකාන්ට දැන්වූ විට ඔහු පුදුම වුනා .
ඇය මගෙන් දික්කසාදය ඉල්ලුවා නම් දෙන්නට තිබුනා . මේ තරම් දෙයක් කල යුතුව තිබුණේ නෑ . අපි හොඳින් ජීවත් වුනා
ඇයට වෙනත් පෙම්වතෙකු සිටි බව මට අදහන්නත් බෑ යයි ඔහු කියා සිටියා

ඝාතණයෙන් පසු දීමට සුදානම් කර තිබූ පවුම් 4000 ක් අල්මාරියක ඇඳුම් අතර තිබියදී පසුව සොයා ගත්තා

ලන්ඩනයේ ඕල්ඩ් බේලි උසාවියේදී නුර්ටෙන් ටයිකුර්ට දඬුවම් නියම කිරීම ලබන 13 වනදා ට කල් තැබූ විනිසුරු වරයා කීවේ
ඇයට දීර්ඝ සිර දඩුවමක් බලාපොරොත්තු වන ලෙසයි

එක්ව ජීවත් වූවද ගැහැණුන් මෙතරම් දරුණු ලෙස සිතතැයි කිසිවිටෙක අදහන්නට නොහැක .
අත හැරීම හෝ දමා යාම වෙනුවට මෙලෙස කුරිරු සැලැස්මක් නොදැනෙන්නට හිතේ තබාගෙන පවුල් කන්නට හෝ එක යහෙනේ නිදන්නට ගැහැණියකට හැර අන් කාට කළ හැකිද ?
අපේ සමාජයේද තවත් නුර්ටෙන්ලා සිටිය හැකිය

උපුටාගෙන වෙනත් තැනක පළ කරන්නේ නම් සිත් TV වෙතින් උපුටා ගත් බව සඳහන් කිරීමට ආචාර ශීලි වන්න

Main Image

 

narada wijesuriya

Comments

comments

NO COMMENTS

LEAVE A REPLY