ඒකාබද්ධ විපක්‌ෂය නියෝජනය කරන විමල් වීරවංශ, දිනේෂ් ගුණවර්ධන, උදය ගම්මන්පිල, ඩලස්‌ අලහප්පෙරුම යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට හෝ එම පක්‌ෂ නියෝජනය කරන කිසිදු සාමාජිකයකුට මැයි 1 දා නාරාහේන්පිට ශාලිකා ක්‍රීඩාංගණයට ඇතුළුවීම වළක්‌වමින් කොළඹ අතිරේක මහෙස්‌ත්‍රාත්  ඊයේ  පස්‌වරුවේ අතුරු තහනම් නියෝගයක්‌ නිකුත් කළේය.

මෙම පිරිසට අමතරව ඒකාබද්ධ විපක්‌ෂය නියෝජනය කරන ගමනාගමන මණ්‌ඩලයට අනුබද්ධිත මෝටර් රථ සේවක සංගමයේ සංවිධායක ටී. එම්. ජයසිංහ හෝ එම සංගමයේ කිසිදු සාමාජිකයකුට එදින එම ක්‍රීඩාංගණයට ඇතුළුවීමද එම අතුරු තහනම් නියෝගය මගින් තහනම් කෙරිණි.

ඒකාබද්ධ විපක්‌ෂයේ මැයි රැලියට සහභාගිවන පිරිසක්‌ එදින එම ක්‍රීඩාංගණයට අනවසරයෙන් ඇතුළු වීමට සූදානමක්‌ පවතින බවත් එලෙස ඇතුළු වුවහොත් සාමය කඩවීමක්‌ සිදුවීමට ඉඩ ඇති බවත් පෙන්වා දෙමින් නාරාහේන්පිට පොලිසිය කළ කරුණු දැක්‌වීමක්‌ සලකා බැලූ අතිරේක මහෙස්‌ත්‍රාත්වරයා එම නියෝගය කළේය.

කෙසේ නමුත් පොදු ජනතාවට අදහස්‌ ප්‍රකාශ කිරීමේ හා භාෂණයේ අයිතිය පිළිබඳව තමන් කිසිදු නියෝගයක්‌ නිකුත් නොකරන්නේ යෑයිද එම නියෝගය නිකුත් කරමින් අතිරේක මහෙස්‌ත්‍රාත්වරයා පෙන්වා දුන්නේය.

ඒ. ඡේ. අබේනායක

Comments

comments

NO COMMENTS

LEAVE A REPLY