බදුල්ල තෙල්බැද්ද වත්තේ පදිංචි 16 හැවිරිදි සිසුවියක්‌ පසුගිය (25 දා) පෙරවරුවේ සිය නිවසේ වැසිකිළිය තුළදී සිය සිරුරට ගිනි තබා ගෙන ඇති අතර රෝහලට ඇතුළත් කිරීමෙන් පසු ඇය මියගොස්‌ තිබේ.

මෙසේ මියගොස්‌ ඇත්තේ බදුල්ල, තෙල්බැද්ද වත්තේ කැන්දගොල්ල කොටසේ පදිංචි බදුල්ල බාලිකා විද්‍යාලයක අධ්‍යාපනය ලබන මෙවර අ.පො.ස. (සා/පෙළ) විභාගයට පෙනී සිටීමට නියමිතව සිටි සුගන්දිකා උදයකුමාරි සිසුවියයි.

ඇයගේ මෘත දේහය බදුල්ල මහ රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර ගිනි තබා ගැනීමට හේතුව මෙතෙක්‌ අනාවරණය වී නොමැත

Comments

comments

NO COMMENTS

LEAVE A REPLY