11 හැවිරිදි ශිෂ්‍යාවකට ලිංගික අතවර කළ බව කියන 72 හැවිරිදි ව්‍යාපාරිකයකු එම සිද්ධියට අදාළව මීගමුව පොලිසිය විසින් අත්අඩංගුවට ගත් අවස්‌ථාවේ ඔහුට හදිසියේ හෘදයාබාධයක්‌ වැළඳී රෝහල් ගත කිරීමේ පුවතක්‌ මීගමුව පොලිසියේ ළමා හා කාන්තා කාර්යාංශයෙන්  වාර්තා විය.

මෙම සිද්ධියට අදාළ සැකකරු මීගමුව කාමච්චෝඩය ප්‍රදේශයේ පදිංචි විවාහකයකු වන ඇළුමිනියම් බඩු වෙළෙඳ සල් හිමියෙකි. අතවරයට පත් දැරිය මීගමුව ඇලස්‌ පාරේ පදිංචිකාරියකි.

ඇය තම මව සහ පියා සමඟ නිවසේ සිටී. ඇගේ මව එම ප්‍රදේශයේ සී. ඩී. චිත්‍රපට අලෙවි කිරීමේ වෙළෙඳ සලකට නිති පතාම ගොස්‌ එහි ප්‍රදර්ශනය වන චිත්‍රපට නැරඹීම පුරුද්දක්‌ කොට ගෙන තිබිණි.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් මීගමුව මූලස්‌ථාන ප්‍රධාන පොලිස්‌ පරීක්‌ෂක සමන්තිලක වැලිවිට මහතාගේ අධික්‍ෂණය මත ළමා හා කාන්තා කාර්යාංශයේ සැරයන්  හෂීම් මහත්මිය විසින් සිදුකළ වැඩිදුර විමර්ශනයේදී අනාවරණය වූ කරුණු අනුව දැරියගේ මව චිත්‍රපට බැලීමට නිවසින් පිටතට යන අවස්‌ථාවක්‌ බලා ඔහු දැරිය ඔහුගේ වෙළෙඳසල වෙත කැඳවාගෙනවිත් ලිංගික අතවර කර තිබේ.

මෙය දුටු ප්‍රදේශවාසීන් දෙදෙනකු වහා ඉදිරිපත් වී දැරිය සැකකරුගෙන් බේරාගෙන පොලිsසිය වෙත ඉදිරිපත් කර ඇත. මෙම සැකකරු මීගමුව දිස්‌ත්‍රික්‌ රෝහලේ සිටියදීම මැයි මස 3 වැනි දින දක්‌වා රක්‌ෂිත බන්ධනාගාර ගත කිරීමට මීගමුව ප්‍රධාන මහෙස්‌ත්‍රාත්  නියෝග කළේය.

– විමල් කීර්ති

Comments

comments

NO COMMENTS

LEAVE A REPLY