ලෙබනනයේ ලාංකිකයන්ගේ සූදු පිටියට ස්වදේශිකයන්ගේ ප්‍රහාරයක්

එතෙර අපේ මිනිසුන් වනසන බුරුවා සෙල්ළම

0
2520

 

මත් පැන් හා කුඩු පරදවා දැන් විදෙස් ගත ලාංකික ශ්‍රමිකයන් වනසන උවදුරක් ව්‍යාප්ත වෙමින් පවතී
දුක් මහන්සියෙන් උපයා ගන්නා සොච්චම එක රැයින් පුළුස්සා දමන “බූරුවා ගැසීම” මෑතක සිට හිස ඔසොවා ඇත

සිකුරාදා රාත්‍රියේ හෝ සෙනසුරාදා රාත්‍රියේ ඇරඹෙන සූදු පොළ පසුදා උදෑසන වනතුරුම පවතී
ඒ අතරට ගංජා සුරුට්ටුද , කුඩුද කසිප්පුද බෙදා හරින කුඩා කර්මාන්තද සම්බන්ධ වන අවස්ථාද ඇත
වරක් දිනූ විට රස වැටෙන තරුණයෝ ඉක්මනින් පොහොසත් වන්නට පැණි හැලියේ වැටුණු ඇඹලයන් මෙන් ඇදී එති
පරාද වී මුදල් මදි වූ විට බිරිඳගේ හෝ පෙම්වතියගේ කණ කර පවා උකස් කරති .

මේ සූදුවට ඇබ්බැහි වී සිටින පිරිමින්ගේ පවුල් වල ඉරණම බෙහෙවින්ම ඛේදජනකය .
ද රුවන් පාසල් යැවීමට ඇති මුදල් පවා පහර දී උදුරාගෙන ගොස් සූදු කෙල පරාද වූ තරුණ පියෙකු පිළිබඳව දෙදරුමවක් වැළපෙමින් කීවාය
බොහෝ කාන්තාවන් තම සැමියා හෝ පෙම්වතා බැලීමට මිතුරන් නිවසට ඒම පිළිබඳව උරණ වී සිටිති .
ඔවුන්ගේ ලංකාවේ සිටින දරු පවුල් අනාථවී ඇත .

මෑතකදී කුවේට් දේශයේ අපේ කාන්තාවන් කිහිප දෙනෙක් බූරුවා ගසමින් සිටියදී අත් අඩංගුවට පත් විය
ගණිකා වෘත්තියේ යෙදී උපයා ගන්නා මුදලින් තැනින් තැනට මාරු වෙමින් සූදු පිටි පවත්වාගෙන යන කාන්තා කණ්ඩායමක් පිළිබඳවද අප වෙත වාර්තා වී ඇත
රැඳි සිටීමේ බලපත්‍ර පවා නැති බොහෝ දෙනා මෙසේ එක් රැස්වී සිටීම අහිතකරය
එවැනි වරදකට වසර 5 ක් දක්වා සිර දඬුවම් දීමට ඇතැම් රටවල නීති සකසා ඇත .

පසු ගියදා ලෙබනනයේ හම්රා ප්‍රදේශයේ ලාංකිකයන් විසි තිස් ගණනක් එක්වී එළිවෙනතුරු පවත්වාගෙන ගිය බූරු පොළකට ස්වදේශිකයින් පිරිසක් කඩා වැදී අපේ තරුණයන්ට හොඳ හැටි ගුටි බැට දී එතැන එක් වී තිබූ ඩොලර් 3000 ක පමණ මුදලක් පැහැරගෙන ඇත
නිවාඩු දිනයේ එලි වෙනතුරු වරින් වර පැමිණෙන ලාංකිකයන්ගේ කරච්චලය ඉවසා සිටිය නොහැකි අසල්වැසියන් පිරිසක් මේ ප්‍රහාරය එල්ල කර තිබිණි
පොලිසිය කැඳ වී නම් තත්වය තවත් භයානක වන්නට ඉඩ තිබිණි

මෙවැනි දුෂිත ක්‍රියා වලින් ශ්‍රී ලාංකිකයන්ගේ නමට සිදුවන කැළල ඉමහත්ය .
නීති ගරුක පුරවැසියන්ට සහ තානාපති කාර්යාල වලට වහාම පියවරක් ගැනීමට සිදුවනු ඇත .
නැතිනම් රට සහ රටේ නම වෙනුවෙන් පියවරක් ගැනීමට අපට සිදුවනු ඇත

 

 

Comments

comments

NO COMMENTS

LEAVE A REPLY