සාමාන්‍යයෙන් හොල්මන් කථා හෝ අද්භූත සිද්ධීන් අසන්නට රුචි වුවත් ඒවා විශ්වාස කරන්නට මැළි වෙමි
එහෙත් අප වාසය කරණ පරිසරය තුල අපට නොපෙනෙන ලෝකයක් ඇති බවද අදහමි
ලංකාවේ අපට හොල්මන් සමග ගණුදෙනු ඇතත් විදේශ වල මේවා ඇතැයි බොහෝ දෙනා විශ්වාස නොකරති
එහෙත් මේ සිද්ධිය ඒ මතය වෙනස් කරණු ඇත
මා ඔබට කියන්නට යන කථාව සැබවින්ම ඔබේ ලොමු දැහැ ගන්වන සුළු එකකි

මට මෙය අසන්නට ලැබුණේ මැද පෙරදිග රටක ප්‍රධාන නගරයක මගේ හිතවතෙකුගෙනි .ඔහු කථාව කියාගෙන යද්දී පටිගත කරගත් හඬ පටයට සවන් දෙමින් අඳුර වැටී එන මොහොතේ මගේ හෝටල් කාමරයේ තනිව සිටිමින් මෙය ලියමි . මේ රටේ පවතින දැඩි ආරක්ෂක හේතු නිසා රට හෙළි නොකරමි

වසර 20 කට ආසන්න කාලයක් එරට ධන කුවේරයෙකු ළඟ සේවය කරණ හැඩි දැඩි තරුණයෙකු වූ ඔහු යකෙකුටවත් බය ඇති මිනිසෙකු නොවේ
රැකියාව කරණ මාළිගයේ සේවකයන් වෙනුවෙන් වෙනම තනා ඇති නිවෙසක තනිව පදිංචිව සිට ඇත
මේ ප්‍රදේශය ධනවත් රටේ කෝටිපතියන් වෙසෙන පෙදෙසකි
.සිද්දිය ආරම්භ වුයේ හරියටම 2011 මාර්තු මුල සතියේ දිනක මැදියම් රැය පසු වී සුළු මොහොතකිනි
ඔහු මධු විතද පානය කර තම නිවෙස වෙත ප්‍රධාන ගේට්ටුවෙන් ඇතුළු වී එමින් සිටියේය
රියේ ප්‍රධාන ලාම්පු එළියෙන් ඔහු දුටුවේ අරාබි ජාතිකයන් අඳින දිග කබායක් ඇඳ සිටි හිස නැති මිනිසෙකු ඉදිරියෙන් ගෙවත්ත හරහා යන බවයි
කිහිප වතාවක් ලයිට් එළි ගසමින් සංඥා කළ අපේ මිත්‍රයා දුටුවේ ගොඩනැගිල්ලක පසු පස දෙසට ඒ රුව ඇදී යන බවයි
වාහනය හරවාගෙන ආපසු පැමිණ එම පුද්ගලයා නැවත අනෙක් පසින් මතුවන තුරු වාහන විදුළි පහන දල්වා ගෙන බලා සිටියද කිසිවක් සිදු නොවුන නිසා නිවසට පැමිණ නින්දට වැටුණි .සිද්දිය අමතක විය
දින කිහිපයකට පසුව ඔහුගේ නිවසේ විවිධ ශබ්ද ඇසෙන්නට පටන් ගැනුණි
බෝතල් බිම වැටෙන්නටද වතුර කරාමය ඉබේ විවුර්ත වන්නටද විය . සම්පුර්නයෙන්ම හිස මුඩු කොට තිබූ ඔහුගේ නිවසේ නාන කාමරය පුරා කෙස් විසිරී තිබෙනු දැකිය හැකි විය .එවැනි අවස්ථාවක නිවසේ සිටි බල්ලාද නිතරම බුරන්නට විය
මේ සියල්ල අතර 2011 මාර්තු 10 වෙනිදා රාත්‍රිය උදා විය
අපේ මිත්‍රයා මඳක් සප්පායම් වී නිදන්නට විය
එකවරම කිසිවෙකු ඔහුගේ ඇඟමත නැග ගෙන ඔහුට පහර දෙන්නට විය . දිගු කබාය පෙනෙන්ට තිබුනද මුහුණක් නොපෙනිණි .
පොර බැදීමට උත්සාහ කළද ඇඟ මත සිටි පුද්ගලයා තම දෙපයින්
ඔහුගේ බඳ සිරකරගෙන සිටීම නිසා එයද අපහසු විය
වෙරිමතද සිඳී ගිය හැදී දැඩි මිත්රයා ඇඳ මත අසරණව හිස නැති අද්භූත පුද්ගලයට යට වී කෑ ගසමින් දඟලන්නට විය .විනාඩි 10 ක් පමණ අරාබි භාෂාවෙන් නොතේරෙන දෝංකාර ස්වරයක් නගමින් අසරණයාගේ ගෙළේ සිට උදරය දක්වා තියුණු නියපොතු වලින් සුරන්නට විය

ඒ සීරීමෙන් ගැලවීම සඳහා සිංහල හින්දි අරාබි වැනි දන්නා භාෂාවලින් කුණු හරුප කියා කෑ ගැසීම හැර වෙන කිසිවක් කරන්නට ඔහුට නොහැකි විය .පොර බැදීම සිදුවන අතර තුර ඔහුගේ නිවස දැඩි දුර්ගන්ධයකින් පිරී තිබිණි .එකවරම හිස අල්ලා ඇඳ විට්ටමේ වැරෙන් ඇන අද්භූත සතුරා අතුරැ දහන් විය
ඔහුගේ සිරුර ලෙයින් නැහැවී තිබිණි . අත් වල ජේසු ස්වාමි දරුවන්ගේ පච්චයක් කොටා තිබූ තැනක්ද දරුණු ලෙස සූරා තිබිණි
කරේ තිබූ කොන්තයක්ද කඩා දමා තිබිණි
පසුදා උදයේ ඔහු විසින් ලබා ගත් චායා රූප

1

6

 

වහාම දුරකථනයෙන් යා බද නිවසේ ලාංකික මිතුරා අමතා සිද්ධිය සැළ කර බෙටඩීන් ස්වල්පයක් ඉල්ලා සිටියද , පිරිත් දමා නිදන්නැයි කියන පිළිතුර පමණක් ලැබුනේ මෙය මෙතරම්ම දරුණු බව ඔවුන් නොසිතු නිසාය
පසුවදා උදයේ සිරුරේ තුවාළ දැක ඔවුන්ද කම්පනයට පත්විය .බෙහෙතක් ගන්නට රෝහළකට ගොස් කුමක් කියන්නද ?

පසුදා කිසිවක් සිදු නොවිණි .සියල්ල අවසන් යැයි සිතා රාත්‍රී ආහාර ගැනීමට පටන් ගත්තේය . හදිසියේ ලංකාවේ සිට ස්කයිප් හරහා මිතුරෙකුගේ ඇමතුමක් ලැබිණි
කෑම නවතා මිතුරා සමග කථා කරමින් සිටින විට නිවසේ කුණු බඳුන වැරෙන් විත් හිසට පහරක් එල්ල කළේය .කැමරාවෙන් එය දුටු මිතුරාද එය විමසු නමුත් නොදන්නා බව කියා රාත්‍රී භෝජනය අවසන් කරන්නට ඔහු ගියේය .එදින පිරිත් දැමීමට පටන් ගත් නමුත් එකෙනෙහිම අන්තරජාල සබඳතාවය බිඳ වැටි ඇත
මේසය මත තිබු පිඟානට වැලි දමා තිබිණි
අරාබි පොළොවේ ඇති සිනිඳු වැළි සමග පිඟාන එහෙමම තැබූ ඔහු ඇඳ වෙත ගොස් නිදන්නට සැරසුණා පමණි
පිඟානට වැලි දමා තිබූ අයුරු

3

පෙරදා මෙන්ම ඇඟටකඩා පිනූ භුතයා ඔහු සිය ග්‍රහණයට ගෙන පහර දෙන්නට පටන් ගත්තේය .අද ප්‍ර
හාරය පෙරට වඩා දරුණු වූ අතර පැරණි සීරීම් තුවාළ පෑරී ලේ ගලන්නට විය
රිසි පරිදි කෑ ගසා , සූරා ,පහර දී භූතයා අතුරුදහන් වූ පසු අසල්වැසියන් ගෙන්වා ගැනීමට ඔහු සමත් විය
පසුදා උදයේම ඔහු හාම්පුතා හමු විය .සිද්ධිය විශ්වාස කරණ බවක් නොහැඟ වූ ධන කුවේරයා ඔහු ගේ සිරුරේ වූ තුවාළ මකන්නට උත්සහ කළේ ඒවා තමන් විසින් ඇඳගත් ඒවා යැයි හඟවන්නටය
එදින ලබා ගත් සේයා රූ

2

CCTV කැමරා වලින් පරීක්ෂාකරණ බව කීවද කිසිදා ඔහු ඒවා බලා නොතිබිණි .තම බිරිඳට මේ සිද්ධිය
නොකියන ලෙස අපේ මිතුරාගෙන් ඉල්ලීමක් කළා හැර වෙන කිසිවක් නොසිදුවිණි
.නින්ද නොයාමෙන්ද , මේ කරදරයෙන් ගැලවිය හැකි මඟක් නොතිබීමෙන්ද දැඩි පීඩනයකට ලක් වූ ඔහු විවිධ ආගමික වතාවත් කරමින් තවත් දින 10 ක් ගෙවා දැමීය .මාර්තු 22 වන දා රාත්‍රියේ නැවත අමුත්තා පැමිණියේය . පෙර මෙන්ම සියල්ල සිදු විය .
මේ ඊට පසුදා ඔහු ගත් චායා රූප වේ

4
මතු සම්බන්ධයි

නාරද විජයසුරිය
ඔබේ අදහස් දැක්වීමට විවුර්තයි

Comments

comments

NO COMMENTS

LEAVE A REPLY