ඊශ්‍රායල හා පලස්තීන පාලන සීමා වෙන්කෙරෙන බටහිර ඉවුරේ දැවැන්ත බැරියරයක ඉදිකරීම් බෙත්ලෙහෙමට ආසන්න බෙයිට්ජාලා හිදි ඊ‍ශ්‍රායලය විසින් අරඹා ඇති බව වාර්තාවේ.

මීටර් අටක් තරම් උසැති දැවැන්ත කොන්ක්‍රීට් ගල් ගෙනැවිත් දොඹකර ආධාරයෙන් ප්‍රදේශයේ ස්ථාපිත කෙරෙමින් තිබෙන බවද වාර්තාවේ.

පලස්තීනයේ ක්‍රිස්තියානි ප්‍රදේශ මේ අනුව ඊශ්‍රායලයෙන් වෙන්කෙරෙන අතර පලස්තීනුවන්ට ඔවුන්ගේ ඔලිව් වගාවලට පිවිසීමට මේ අනුව ඉඩ ඇහිරී යන බවද වාර්තාවේ. ‍

ඊශ්‍රාල් පවුර ඉදිවන ප්‍රදේශය තමන්ට අයත් බව බෙයිට් ජාලා නගරාධිපතිනිය පැවැසූ අතර මෙය අනාගත පලස්තීන රාජ්‍යයට අයත් ඉඩම් අල්ලා ගැනීමක් ලෙස පලස්තීන විමුක්ති සංවිධානය පෙන්වා දී තිබේ.

සිද්ධිය සම්බන්ධ ඕනෑම ප්‍රශ්නනයක් ඊශ්‍රායල ආරක්ෂක අමාත්‍යාංශය වෙත යොමු කරන ලෙස ඊශ්‍රායල හමුදාව මාධ්‍යවේදීන්ට කියා සිටියේය.

මෙම ඊශ්‍රායෙල් ආරක්ෂක පවුරේ ඉදිකිරීම් නීති විරෝධි බව ජාත්‍යන්තර අධීකරණය 2004දී තීරණය කළ අතර එක්සත් ජාතීන්ගේ සංවිධානයද පවුරේ ඉදිකිරීම් අනුමත කර නැත.

Comments

comments

NO COMMENTS

LEAVE A REPLY