පැනමාවෙන් දෝරේ ගලන කලු සල්ලි මෙන්න!

0
1531

මේ ලිපිය කියවන ඔබ ප්‍රධාන වශයෙන් දත යුතු කාරණයක්‌ තිබේ. ඒ වූ කලී Off shore යන වචනයේ තේරුමයි. Off shore යනු තමන් පදිංචිව සිටින රටින් පිටත තිබෙන විදේශික බැංකුවක්‌, විදේශික සමාගමක්‌, විදේශික ආයෝජකයන් හෝ විදේශික තැන්පතුවක්‌ හැඳින්වීමට යොදන නමකි. කෙනෙක්‌ තම මවු රටින් පිට පිහිටි ව්‍යාපාරයකට මුදල් ආයෝජනය කරන විට එම කටයුත්ත පිටුපස අරමුණු දෙකක්‌ තිබෙන්නට පුළුවන.

පළමුවැනි අරමුණ ලාභ ලැබීමය. දෙවැනි අරමුණ එම ලාභ තම රටේ බදු නිලධාරීන්ගෙන් වසං කර ගැනීමය. රටක මුදල් වර්ග දෙකක්‌ තිබේ. එකක්‌ ප්‍රකාශිත මුදල් ය. ඒ මුදල් ගැන රටේ දේශීය ආදායම් දෙපාර්තමේන්තු දන්නේය. දෙවැන්න, අප්‍රකාශිත මුදල්ය. මේ මුදල් නිර්මාණය වන්නේ අල්ලස්‌, කොමිස්‌, වංචනික විකිණීම් මගින් උපයාගත් ආදායම් යනාදියෙනි.

බොහෝ විට Off shore ආයෝජනයකට යෙදැවෙන මුදල් ද ඒවාය. මෙසේ මුදල් යෙදවීම දඬුවම් ලැබෙන වරදකි. මේ නිසා යම් හෙයකින් ඒ ආයෝජනයන් පිළිබඳව හෙළිදරව් වුවහොත් එම ආයෝජකයන්ට සිය මවු රටවල් තුළදී ලොකු අර්බුදයකට මුහුණ දීමට සිදුවන්නේය.

************************


මොසැක්‌ ෆොන්සේකා ආයතනයේ අධිපති රැමොන් ෆොන්සේකා

මෙය හරියටම අවුරුද්දක්‌ පරණ කතාවකි. ගිය අවුරුද්දේ මෙවැනිම කාලයක ජර්මනියේ පදිංචි කොම්පියුටර් හැකරෙක්‌ මොසැක්‌ ෆොන්සේකා නමැති ගිණුම් සමාගමක මුර වදන (Pass Word) සොයමින් පරිගණකයක්‌ ඉදිරිපිට හිඳගෙන සිටියේය.

ලෝකයේ හතරවන විශාලතම ගිණුම් සමාගම වන මොසැක්‌ ෆොන්සේකා ආයතනයේ මූලස්‌ථානය පිහිටා තිබුණේ උතුරු ඇමරිකාව සහ දකුණු ඇමරිකාව එකතු කරන පටු භූමි තීරුව වූ පැනමා රාජ්‍යයේ ය. ගිය අවුරුද්දේ මේ කාලය වන විට මධ්‍යම ඇමරිකාවේ බලගතුම ආර්ථිකයක්‌ ඇති රටවල් අතර පස්‌වැනි තැන හිමිව තිබුණේ පැනමාවටය. එසේම ලෝකයේ ඉතාම ශක්‌තිමත් බැංකු අතරට එන්නට පැනමාවේ බැංකුවලට හැකිව තිබිණ. මේ නිසා විවිධ ජාතීහු තමන් සන්තකයෙහි තිබෙන රහසිගත මුදල් පැනමා රටේ ආයෝජනය කිරීමට පටන් ගෙන තිබිණි.

ඒ මුදල්වලින් වැඩි හරියක ගිණුම් අධීක්‍ෂණ කටයුතු භාරව තිබුණේ මොසැක්‌ ෆොන්සේකාටය. ජර්මන් හැකරා ඒ බව දැන සිටි අතර මොසැක්‌ ෆොන්සේකාගේ පරිගණක පද්ධතියේ මුර වදන සෙවීමට ඔහු උත්සුක වූයේ ආයෝජකයන්ගේ නම් ලැයිස්‌තුව එළියට ගැනීමටය. අන්තිමට සතියක මහන්සියෙන් පසු ඔහුට මුර වදන හමුවිය. ඒ ඔස්‌සේ මොසැක්‌ ෆොන්සේකා තුළට රිංගු ඔහු දුටුවේ කුමක්‌ද?

එම සමාගම පටන් ගත් දවසේ සිට කළ ගනුදෙනුය. එම සමාගම පටන් ගත් දවසේ සිට අධීක්‍ෂණය කළ ගිණුම් ලක්‍ෂ ගණන් ය. ඒ ගිණුම්වල සබැඳි හෙවත් Link ඔස්‌සේ වෙනත් ගිණුම් සමාගම් සහ බැංකු රැසකට පිවිසීමට ඔහුට හැකි විය. අන්තිමේදී පැය 24 ක්‌ ගත වන විට සමාගම් එක්‌කෝටි දශලක්‍ෂයක ගිණුම් හැකරා අතේ ගොඩ ගැසින.

මේ සියලු දත්ත පිටස්‌තර ලෝකයට දෙන්නට හැකරාට වුවමනා විය. ඒ සඳහා ඔහු කාගෙන්වත් සතයක්‌වත් ඉල්ලුවේ නැත. ඒ අනුව ජර්මනියේ Suddeutsche Zeitung පුවත්පතේ කර්තෘ මණ්‌ඩලය හමුවූ ඔහු එම දත්ත සියල්ල ඔවුන්ට ලබා දුන්නේය. එම පුවත්පත එම තොරතුරු The International
Consortium Of investigative Journalists (ICIJ) නමැති පත්‍ර කලාවේදී සංවිධානය සමඟද හුවමාරු කර ගත්තේය.

විනාඩි කිහිපයකට පසු ICIJ හරහා තොරතුරු ලොව පුරා වෙබ් සයිට්‌වලින් ප්‍රචාරය වීමට පටන් ගත්තේය. මොසැක්‌ ෆොන්සේකාගේ කොම්පියුටර් වල ගිණුම් එකොළොස්‌ලක්‍ෂයක්‌ තිබෙන බැවින් හැමදාමත් අන්තර්ජාලයට අලුත් නම් කිහිපයක්‌ මුදා හැරෙන බව පෙනෙයි. මේ අය තමන් වංචනික ලෙස උපයාගත් මුදල් යොදවා තිබුණේ පැනමාවේ පමණක්‌ නොවේ. සීෂෙල්ස්‌, බ්‍රිටිෂ් වර්ජිනියා දූපත් සහ තවත් රටවක්‌ 21 ක ඔවුන්ගේ මුදල් සහිත සමාගම් තිබෙන බව හෙළිව ඇත. ඔවුන් අතර රටවල් 50 ක ප්‍රධාන පෙළේ දේශපාලනඥයෝ 190 ක්‌ සිටිති. මේ තොරතුරු සියල්ලටම ලැබී ඇති කෙටි නම පැනමා හෙළිදරව්ව ය.

කවුද මේ පිරිස

(1) ආර්ජන්ටිනාවේ ජනාධිපති මොරසියෝ ටැක්‌රි, (2) ජෝර්ජියාවේ හිටපු අගමැති බිඩ්සිනා ඉවාන්ඩිෂ්විලි, (3) අයිස්‌ලන්තයේ අගමැති ඩේවිඩ් ගන්ලොග්සන්, (4) ඉරාකයේ හිටපු අගමැති සදාම් හුසේන්ගේ ජාති වෛරක්‌කාර, ඇමරිකාවේ පරම මිතුරු අයඩ් අලාවි, (5) ජෝර්දානයේ හිටපු අගමැති අලි අබු අල් රගෙබ් (6) කටාර් රාජ්‍යයේ හිටපු අගමැති හමාඩ් බින් ජබාර් අල් තානි (7) කටාර් රාජ්‍යයේ හිටපු රාජ්‍ය නායක හමාඩ් බින් කලිපා අල් තානි (8) සවුදි අරාබියේ අල් සාවුද් රජතුමා (9) සුඩානයේ හිටපු ජනාධිපති අහමඩ් අලි මිර්හානි (10) එක්‌සත් අරාබි එමීර් රාජ්‍යයේ ජනාධිපති සහ අබුඩාබි රාජ්‍යයේ එමීර්Êකලීµd බින් අල් කයාන් (11) යුක්‌රේනයේ හිටපු අගමැති පැව්ලෝ ලසරෙන්කෝ (12) යුක්‌රේනයේ වර්තමාන ජනාධිපති පෙට්‍රොa පොරොෂෙන්කෝ.

මීට අමතරව අසර්බයිජානයේ අගමැතිතුමාගේ සහෝදරිය, බිරිඳ සහ දරුවන් තිදෙනා, වර්තමාන චීන ජනාධිපතිතුමාගේ මස්‌සිනා, චීනයේ හිටපු අගමැති ලි ක්‌සියාවලින්ගේ දියණිය, රුසියන් ජනාධිපතිගේ මිතුරන් තිදෙනෙක්‌, සිරියානු ජනාධිපතිගේ ඥති සොයුරන් දෙදෙනා, බ්‍රිතාන්‍ය අගමැති ඩේවිඩ් කැමරන්ගේ පියා වන ඉයන් කැමරන්, ඊජිප්තුවේ හිටපු ජනාධිපති හොස්‌නි මුබාරක්‌ගේ පුතා, මොරොක්‌කෝවේ හයවැනි මොහොමඩ් රජුගේ පෞද්ගලික ලේකම්, පාකිස්‌තාන් අගමැති නවාස්‌ ෂෙරීµaගේ දරුවන් තිදෙනා, ඝානාවේ හිටපු ජනාධිපතිගේ පුත්‍රයා, මැලේසියාවේ අගමැති නජීබ් අබ්දුල් රසාක්‌ගේ පුත්‍රයා, ආර්ජන්ටිනාවේ හිටපු ජනාධිපතිගේ පුද්ගලික සහකාර, මැක්‌සිකෝ ජනාධිපති එනරිකේ තියෙටෝ වඩාත්ම ප්‍රියකරන බිල්ඩිං කොන්ත්‍රාත්කරු වන ජුවාන් ආර්වන්ඩෝ, ස්‌පාCඳ්Cඳයේ හිටපු රජු වූ ජුවොන් කාලොස්‌ගේ සහෝදරිය, දකුණු අප්‍රිකානු ජනාධිපති ඡේකබ් සුමාගේ බෑණා, ගිනියා රාජ්‍යයේ හිටපු ඒකාධිපති නැසීගිය ලන්සානා කොන්ටිගේ බිරිඳ යනාදීහු ද මොසැක්‌ ෆොන්සේකා හරහා විදේශීය සමාගම්වලට රහස්‌ මුදල් යෙදවූ වංචනික ලේඛනයෙහි සිටිති.

අමිතාබ් බච්චන්ගේ පවුලම පැනමා මුදල් වංචාවට සම්බන්ධය. අමිතාබ්, ඔහුගේ බිරිඳ වන ජයා බහදුරි, පුත්‍රයා වන අභිෂේක්‌, ලේලිය වන ඓශ්වර්යා රායි යනාදීන්ගේ නම් පැනමා නම් ලැයිස්‌තුවල තිබේ. (ඇතැම් වාර්තාවක සඳහන් වන්නේ අභිෂේක්‌ සහ ඔහුගේ මව වන ජයා බහදුරි මෙයට සම්බන්ධ නැති බවය.)

කෙසේ වුවද මේ කතා සියල්ල බොරු බව මොසැක්‌ ෆොන්සේකා සමාගම කියයි. මේ ගැන සම්පූර්ණ ප්‍රවෘත්තියක්‌ පළ කළ එංගලන්තයේ ගාඩියන් පත්‍රයේ ප්‍රකාශකට විරුද්ධව නඩු පවරන බවට ඔවුහු තර්ජනය කරති. එහෙත් පැනමා නම් ලැයිස්‌තුවල විභවය අප හිතනවාට වඩා දරුණුය. අයිස්‌ලන්තයේ අගමැතිගේ රස්‌සාව පවා මේ වන විට අහිමිව ඇත්තේ එරට ජනතාව ඔහු වංචාකාරයකු බව කියමින් පාර්ලිමේන්තුව ඉදිරිපිට උද්ඝෝෂණ කළ බැවිනි. ඔහුගේ බිරිඳ ධෙෙ sයදරු සමාගමක කොටස්‌කාරියක බව පැනමා හෙළිදරව්වෙන් හෙළි විය.

මේ කෙටි ලිපිය අවසන් කරමින් කුඩා පැහැදිලි කිරීමක්‌ කරමු. Off shoreු සමාගමක්‌ පටන් ගැනීමට ඩොලර් 1000 ක්‌ අතේ ඇති ඕනෑම කෙනෙකුට පුළුවන. (ඔබ කළ යුත්තේ පැනමාවේ මාර්බෙල්ලා නගරයේ 54 වන වීථියේ පිහිටි මොසැක්‌ ෆොන්සේකා සමාගමේ දුරකථන අංක 005072055888 ට අමතා විස්‌තර ඉල්ලීම පමණි.)

එම ඩොලර් 1000 මොසැක්‌ ෆොන්සේකාට යෑවූ විට ඔබට කැමැති නමකින් සමාගමක්‌ රෙජිස්‌ටර් කරන ඔවුහු එම ඩොලර් 1000 සමාගමේ ප්‍රාග්ධනය ලෙස සඳහන් කර බැංකුවක හෝ වෙනත් ව්‍යාපාරයක යොදවා ලාභ ඔබේ බැංකු ගිණුමේ තැන්පත් කරයි. මේ සේවාව සඳහා මොසැක්‌ ෆොන්සේකා අය කරන්නේ සුළු කොමිෂන් එකක්‌ පමණි. ඔබේ ආයතනයේ ලාභ ඔබ පිටරට යනවිටක එම රටේ බැංකුවකින් ලබා ගෙන රිසි සේ පාවිච්චි කළ හැකිය.

අනුර සොලමන්ස්‌

Comments

comments

NO COMMENTS

LEAVE A REPLY