පැනමා රහස් ගිණුම් වල කෝටි ගණන් සැඟවූ ලාංකිකයන් 25 ක්

- අයිරිෂ් ටයිම්ස්‌ පුවත්පත හෙළි කරයි

0
1351

පැනමා සමාගමක රහස්‌ බැංකු ගිණුම්වල ශ්‍රී ලංකාවේ සමාගම් 3කට අයත් ගනුදෙනුකරුවන් 3දෙනකුගේ හා කොටස්‌ හිමියන් 22 දෙනකුගේ ගිණුම් ඇතුළත් බව “අයිරිෂ් ටයිම්ස්‌” පුවත්පත පවසයි.

ලෝකයේ හිටපු සහ බලයේ සිටින දේශපාලනඥයන් 128 දෙනකුගේ රාජ්‍ය නිලධාරීන්ගේ සහ කලාකරුවන්ගේ ගිණුම් ඇතුළත් මිලියන 11.5ක ලේඛන පාදක කරමින් අන්තර් ජාතික මාධ්‍ය ආයතනයක්‌ වන අයි. සී. අයි. ඡේ. ආයතනය මගින් සිදුකළ තොරතුරුවලට අනුව “අයිරිෂ් ටයිම්ස්‌” පුවත්පත සිතියමක්‌ සකස්‌ කොට ඇති අතර එම සිතියමට ශ්‍රී ලංකාවද ඇතුළත් කොට ඇත.

මෙම ලේඛනවල අයිස්‌ලන්ත අගමැතිවරයාගේ නමද සඳහන්ව තිබෙන බවට හෙළිවීමෙන් පසු එරට අගමැති සිග්මුන්ඩර් ගන්ලාඋග්සන් සිය ධුරයෙන් ඉල්ලා අස්‌වී තිබේ.

 

කීර්ති වර්ණකුලසූරිය සහ රසී වීරසිංහ

Comments

comments

NO COMMENTS

LEAVE A REPLY