ගාළු දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී මනුෂ නානායක්කාර මහතා නියෝජ්‍ය ඇමතිවරයෙකු ලෙස හා  සන්ධානයේ බදුල්ල දිස්ත‍්‍රික් මන්ත‍්‍රී ලක්‍ෂමන් සෙනෙවිරත්න මහතා රාජ්‍ය ඇමතිවරයෙක් ලෙස  ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේදී දිවුරුම් දී ඇත.

එජාප මන්ත‍්‍රී පාලිත තෙවරප්පෙරුම මහතාද නියෝජ්‍ය ඇමතිවරයෙක් ලෙස දිවුරුම් දී ඇත.

ලක්‍ෂමන් සෙනෙවිරත්න මහතා දිවුරුම් දී ඇත්තේ විද්‍යා හා තාක්ෂණ කටයුතු රාජ්‍ය ඇමතිවරයා ලෙස වන අතර පාලිත තෙවරප්පෙරුම මහතා අභ්‍යන්තර කටයුතු වයඹ සංවර්ධන සහ සංස්කෘතික නියෝජ්‍ය ඇමතිවරයා ලෙස දිවුරුම් දී ඇත.

මනුෂ නානයක්කාර මහතා දිවුරුම් දී ඇත්තේ විදේශ රැකියා නියෝජ්‍ය ඇමතිවරයා ලෙසයි.තවද අලුත් අවුරුද්දෙන් පසුව සන්ධාන පාර්ලිමේන්තු මන්ත‍්‍රීනි ගිතා කුමාරසිංහ හා ආරුගමි තොන්ඩමන් ඇමති ධූර වල දිවුරුමි දිමට අපේක්ශිත බව රජයේ ආරංචි මාර්ග පවසයි.

Comments

comments

NO COMMENTS

LEAVE A REPLY