ශ්‍රී ලංකා හමුදාවට එල්ල වී ඇති සුදු කොඩි චෝදනාව මුළුමනින්ම සාවද්‍ය එකක්‌ බව කොටි කාන්තා බළකායේ හිටපු නායිකාව වූ (අභාවයට පත්) තමිලිනීගේ ග්‍රන්ථය නිසා තියුණු ලෙස හෙළදරව් වී ඇත.

තමිලිනී සිය ග්‍රන්ථයේ දක්‌වා ඇත්තේ වන්නි මෙහෙයුමේ අවසාන සටනේ යුද්ධය මෙහෙයවීම ප්‍රභාකරන්ගේ පුත් චාල්ස්‌ ඇන්තනී සිදුකළ බවයි.

මෙම ග්‍රන්ථයෙහි සුදු කොඩි ඔසවා යටත් වන ලෙස ප්‍රභාකරන් නියෝග කළ බව සඳහන් කර නැත. තමිලිනීගේ ග්‍රන්ථය නිසා කෝපයට පත්ව ඇති ඊළාම් ඩයස්‌පෝරාව එම ග්‍රන්ථයේ පිටපත් විනාශ කිරීමේ මෙහෙයුමක්‌ දියත් කර ඇත.

එම ග්‍රන්ථය යුරෝපයේ කිසිදු ද්‍රවිඩ පොත් සාප්පුවක අලෙවි කිරීම ද ඊළාම් ඩයස්‌පෝරාව තහනම් කර තිබේ.

කීර්ති වර්ණකුලසූරිය

Comments

comments

NO COMMENTS

LEAVE A REPLY