පියා පැදවූ ට්‍රැක්ටරයෙන් වැටී රෝද වලට යටවී සිව් හැවිරිදි පුතා නසී

0
1043

පියකු සිය සත් හැවිරිදි පුත්‍රයා රෝද හතරේ ට්‍රැක්‌ටරයක මඩ කවරය මත තබාගෙන හොරොව්පොතාන කපුගොල්ලෑව මරදන්මඩුව ප්‍රදේශයේ ගෙවත්ත වගාවට සකස්‌ කරමින් සිටියදී දරුවා ඉන් බිමට වැටී ට්‍රැක්‌ටරයේ රෝදයට සහ රොටරියට යටවී එම ස්‌ථානයේදීම මියගොස්‌ ඇත.

පසුගිය 01 වැනිදා දහවල් 11.00 ට පමණ සිද්ධිය වී තිබේ.

හොරොව්පොතාන කපුගොල්ලෑව, මරදන්මඩුව ප්‍රදේශයේ පදිංචිව සිටි නිස්‌සන රදෙව්රඟ විමලසේන නමැති දරුවකු මෙසේ මියගොස්‌ තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් පරීක්‍ෂණ පවත්වන හොරොව්පොතාන පොලිසිය මියගිය දරුවාගේ පියා අත්අඩංගුවට ගෙන ඇත.

වගා කටයුතු සඳහා තම ගෙවත්තේ බිම් සකස්‌ කිරීමට සැකකාර පියා රෝද හතරේ ට්‍රැක්‌ටරයෙන් බිම සකස්‌ කරමින් සිටියදී තමන් ට්‍රැක්‌ටරය මත හිඳවා ගන්නා ලෙසට දරුවා හඬමින් පියාට බළකර තිබේ.

එම අවස්‌ථාවේ පියා තම දරුවා ට්‍රැක්‌ටරයේ මඩ කවරය මත හිඳුවාගෙන බිම් සකස්‌ කරමින් සිටියදී දරුවා ඉන් බිමට ඇදවැටී ට්‍රැක්‌ටරයේ රෝදයට යටවී ඇත.

 

පර්සි කුරුනේරු

Comments

comments

NO COMMENTS

LEAVE A REPLY