ළඟ එන සිංහල හා හින්දු අලුත් අවුරුද්ද සඳහා කොළඹ ඇතුළු තදාසන්න නගරවලට ඇදී එන පාරිභෝගිකයන්ගෙන් තම රන් ආභරණ මුදල්, ජංගම දුරකථන ඇතුළු වටිනා බඩු බාහිරාදිය ප්‍රවේශම් කර ගන්නා ලෙස පොලිසිය ඉල්ලා සිටී.

විශේෂයෙන් පිටකොටුව, මහරගම, නුගේගොඩ, ඇතුළු ප්‍රධාන පෙළේ නගරවලට ඇදී එන පාරිභෝගිකයන්ට තම වටිනා භාණ්‌ඩ ගැන සැලකිලිමත් වන්නැයි පොලිසිය අවධාරණය කර සිටී.

මෙම උත්සව සමයේ නගරවල ගැටකපන්නන්, මංකොල්ලකරුවන් ආදී විවිධ පුද්ගලයන් සැරිසරන බැවින් එවන් සැකකටයුතු පුද්ගලයන් පිළිබඳව දැනුම් දෙන ලෙස පොලිසිය මහජනතාවගෙන් ඉල්ලා සිටී.

 

ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන්

Comments

comments

NO COMMENTS

LEAVE A REPLY