ලොව වැඩිම මගීන් සංඛ්‍යාවක් සැරිසරන කාර්ය බහුලම ගුවන්තොටුපොළ වන ඩුබායි ගුවන්තොටු පොළෙන් ගමන් ගන්නා සියලුම මගීන්ගෙන් ඩිරාම් 35 ක ගාස්තුවක් අය කිරීමට අද තීරණය විය
         ඩුබායි හී පාලක  ෂෙයික් බින් රෂීඩ් අල් මක්තුම් මීට සුළු මොහොතකට කලින් ඊට අනුමැතිය පළ කළේය

මේ අනුව ගුවන් තොටුපොළ හරහා යන සෑම මගියෙකුගේම ගුවන් ටිකට් පතට එම මුදල එකතු වෙයි
අවුරුදු දෙකට අඩු දරුවන් සහ ගුවන් කාර්ය මණ්ඩල වලට මෙය අදාළ නොවේ
එකම අංකය සහිත ගුවන් යානයකින් පැමිණ එයින්ම පිට වන මගීන් සඳහා ද මෙම ගාස්තුව බල නොපානු ඇත

Emirates flight departing Dubai International Airport

ඩුබායි ගුවන් තොටුපොලේ සිට ලොව පුරා ගමනාන්ත 240 කට ගුවන් සමාගම් 100 විසින් මගීන් රැගෙන යන අතර 2015 දී මගීන් මිලියන 78 ක් මෙහි සේවය ලබාගෙන ඇත .2023 වන විට වසරකට මගීන් මිලියන 100ක් මෙහි පැමිණෙන බවට ඇස්තමේන්තු කර ඇත

දැනට ඩුබායි ගුවන් තොටුපොලේ terminal 1 පර්යන්තය සංවර්ධනය කරන අතර පුළුල් කිරීමේ කටයුතු සඳහා මේ අදායම යෙදවෙනු ඇත
ලොව විශාලතම සහ සුව පහසුම ගුවන් තොටුපොළක් වන ඩුබායි හී 1970 වන විට පැවති තත්වයත් අද පවතින තත්වයත් මේ සේයා රු වලින් පෙනේ

dubai-airport-1971

dxb-sunset-a380

 

Comments

comments

NO COMMENTS

LEAVE A REPLY