ඊයේ (29 දා) පෙරවරුවේ ඊජිප්තුවේ ඇලෙක්‌සැන්ඩි්‍රයා සිට කයිරෝ බලා ගමන් කරමින් සිටි ඊජිප්තු එයාර් එච්.එස්‌. 181 යානය එහි සිටි මගීන් 55 දෙනකු හා කාර්ය මණ්‌ඩලයේ තිදෙනකුද සමඟ ගුවන් යානා කොල්ලකරුවකු විසින් පැහැර ගනු ලැබිණි.

ඔහු ගේ අණ පරිදි සයිප්‍රසයේ
ලර්නකා ගුවන් තොටුපළ වෙත ගොඩ බස්‌වන ලද යානයෙන් මුලින් ප්‍රාණ ඇපකාර ස්‌ත්‍රීන් සහ ළමුන් පිරිසක්‌ මුදා හරින ලදී.

ඊජිප්ට්‌ එයාර් ගුවන් යානය පැහැරගත් පුද්ගලයා වැල්සින් මුස්‌තාපා යනුවෙන් හඳුනාගෙන ඇත. ඊජිප්තු රජය පවසන්නේ මෙම පුද්ගලයා ත්‍රස්‌තවාදියෙකු නොව මෝඩයකු බවයි.

සයිප්‍රසයේ
ලර්නකා ගුවන් තොටුපළේදී මේ පුද්ගලයා සයිප්‍රස්‌ බලධාරින්ට ප්‍රකාශ කර ඇත්තේ තමාගේ හිටපු සයිප්‍රස්‌ බිරිඳ දැක බැලීමට අවශ්‍ය බවයි.

ඒ අනුව එම කාන්තාව ගුවන්යානයට ගෙන ඒමට බලධාරීන් කටයුතු කර තිබේ.
ඇයට දීම සඳහා ඔහු පිටු 4 ක ලියුමක්ද ගෙනැවිත් තිබිණි

ඊට අමතරව සයිප්‍රසයේ දේශපාලන රැකවරණ ද ඉල්ලා ඇති මුස්‌තාපාගේ මේ බිහිසුණු ක්‍රියාව අරභයා සයිප්‍රසයේ ජනාධිපති නිකොස්‌ ඇනස්‌ටාසියාඩෙස්‌ පවසා ඇත්තේ මෙම පැහැර ගැනීම ත්‍රස්‌තවාදී ක්‍රියාවක්‌ නොවන බවය.

තමා මරාගෙන මැරෙන ඇඳුම් කට්‌ටලයකින් සැරසී සිටින බව ගුවන් නියමුවාට දැන්වූ මුස්‌තාපා යානය පැහැර ගන්නා අවස්‌ථාවේ මගීහු 55 දෙනෙක්‌ හා කාර්ය මණ්‌ඩලයේ තුන් දෙනෙක්‌ එහි වූහ.

මුස්‌තාපා අණ පරිදි මෙම ගුවන්යානය පෙ.ව. 8.50 ට සයිප්‍රසයේ
ලර්නකා ගුවන් තොටුපළට ගොඩ බස්‌වනු ලැබ තිබේ.

සයිප්‍රස්‌ බලධාරීන් හා මුස්‌තාපා අතර පැවැත්වූ සාකච්ඡාවකින් පසුව කාර්ය මණ්‌ඩලයේ පස්‌දෙනෙකු හා තවත් විදේශිකයන් හතර දෙනෙකු හැර සෙසු මගීන් කොල්ලකරුවා විසින් නිදහස්‌ කරනු ලැබ තිබේ.

මොහු සිය ඉල්ලීම් ඇතුළත් පිටු හතරක ලිපියක්‌ද බලධාරීන්ට භාරදී ඇත.

ඊජිප්තු රජය මුලින් ප්‍රකාශ කළේ ඊබ්‍රාහිම් භමාෂා නම් ඇලෙක්‌සැන්ඩි්‍රයා විශ්වවිද්‍යාලයේ මහාචාර්යවරයකු මෙම පැහැරගත් පුද්ගලයා බවයි. නමුත් පසුව එය ප්‍රතික්‌ෂේප කරන ලදී.

මෙම ගුවන්යානයේ විදේශිකයන් 26 දෙනකු සිට ඇති අතර ඇමරිකානු හා බ්‍රිතාන්‍ය ජාතිකයෝද එහි වූහ.

මේ අතර ඊයේ සවස්‌වරුවේ සයිප්‍රස්‌ විදේශ අමාත්‍යාංශය නිවේනදය කළේ මේ පුද්ගලයා අත්අඩංගුවට ගත් බවයි.

one of the hostages jump out of the cockpit window, minutes before the alleged hijacker was arrested

Crew member climbs out of cockpit window

A picture has emerged of the man thought to be the hijacker leaving the plane before his arrest.

Hijacker of EgyptAir plane

 

කීර්ති වර්ණකුලසූරිය, චතුර පමුණුව

Comments

comments

NO COMMENTS

LEAVE A REPLY