පාඩම් කටයුතු අසා ගැනීමට තම නිවසට පැමිණි බාල වයස්කාර මිනිපිරියට මීට වසර 03 කට පෙර බරපතළ ලිංගික අපරාධයක් සිදු කළ බව කියන වයස අවුරුදු 50 ක් වන සීයා කෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත

පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත්තේ කාක්කපල්ලිය – මනක්කුලම,නැඹඩවල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

අතවරයට පත්ව ඇත්තේ හලාවතට නුදුරු ගම්මානයක පදිංචි වයස අවුරුදු 16 ක් වන පාසල් සිසුවියක වන අතර ඇය මේ වන විට එම ප්‍රදේශයේ පාසලක 11 වන වසර පන්තියේ ඉගෙනුම ලබමින් සිටියි.

අතවරයට පත්ව ඇති දැරිය ඉගෙනුම ලබන පාසලේ දරුවන් සඳහා ළමා අපයෝජනයන් සම්බන්ධයෙන් දැනුවත් කිරීමේ දේශනයක් පසුගිය දිනක තිබී ඇති අතර එම දේශනයෙන් අනතුරුව මීට වසර 03 කට පෙර එනම් ඇය 13 වැනි වියේ සිටින විට තම සීයා විසින් කරන ලද අතවරයක් සම්බන්ධනේ සිහියට නැඟී ඇත.

මේ සම්බන්ධයෙන් කල්පනා  කරමින් සිට ඇති දැරිවිය නිවසට ගොස් භූමිතෙල් සහ වේදනා නාශක පෙති පානය කර ඇති බවත්,අනතුරුව ඇයගේ වැඩිහිටියන් විසින් දැරිය රෝහල් ගත කර ඇති බවත් සඳහන්ය.

රෝහල් ගත කර සිටි දැරිය තමන්ට සිදුවී ඇති අතවරය සම්බන්ධයෙන් වැඩිහිටියන් සහ වෛද්‍යවරුවන් හමුවේ පවසා ඇත.

මීට වසර 03 කට පමණ පෙර දිනක තම සීයාගේ  දියණියගෙන් පාඩම් අසා ගැනීමට එම නිවසට ගිය බවත්, එම අවස්ථාවේදී සීයා විසින් තමන්ට අතවර කළ බවත් ඇය එහිදී පවසා තිබේ.

ඒ අනුව සැකකරු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බවත්,ඔහු දෛනික කම්කරුවෙකු බවත් පොලීසිය කියයි.

සැකකරු හලාවත දිසා අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.

 

 

ada derana

Comments

comments

NO COMMENTS

LEAVE A REPLY