ධම්මික රණතුංග මාධ්‍ය වේදීන්ට තර්ජනය කරයි

0
968

වරාය හා නාවික අමාත්‍ය අර්ජුණ රණතුංග මහතාගේ සොහොයුරෙකු වන වරාය සභාපති ධම්මික රණතුංග මහතා අද(16) කොළඹ මහාධිකරණයේදී මාධ්‍යවේදීන්ට මරණීය තර්ජන එල්ල කර තිබේ.

වරාය සභාපතිවරයාගේ සොහොයුරෙකු වන සීඑස්එන් නාලිකාවේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී නිශාන්ත රණතුංග මහතාගේ ඇප ඉල්ලුම අද කොළඹ මහාධිකරණයට ඉදිරිපත් කෙරිණ.

එම අවස්ථාව ආවරණය කිරීමට පැමිණ සිටි මාධ්‍යවේදීන්ට තර්ජනය කොට ඔවුන්ගේ මුහුණු වරාය සභාපතිවරයා විසින් තමාගේ ජංගම දුරකථනයෙන් වීඩියෝගත කරගන්නා අයුරු දැකගත හැකිවිය.

ධම්මික රණතුංග අධිකරණයට එමින් සිටියදී එය වීඩියෝ කරමින් සිටි විද්‍යුත් මාධ්‍යවේදීන්ට ඔහු බැණ වැදුණු බවත්, එක් මාධ්‍යවේදියකුට අසභ්‍ය වචනයෙන් බැණ මරණ තර්ජනය කළ බවත් මාධ්‍යවේදීන් විසින් කෙසෙල්වත්ත පොලිසියට කළ පැමිණිල්ලක සඳහන්ය.

 

ada derana

Comments

comments

NO COMMENTS

LEAVE A REPLY