දෙහිවල පවුලම පිළිස්සී සාලයේ තැන තැන වැටී මිය ගොස් සිටියා

0
1322

අද උදෑසන දෙහිවල නැදිමාල කවුඩාන පාරේ නිවෙසක පහත මාලයේ තැන තැන තිබුණ කාන්තාවන් තිදෙනෙකුගේ
හා පිරිමියෙකුගේ සිරුරක් සොයාගෙන ඇත
ව්‍යාපාරික හුසේන් මව්ලානා මහතා (65) පුටුවක ද මර්සානා (58) කාමරේ ද උසානා (14) විසානා (13) සාලයේ ද මෙලෙස මිය ගොස් තිබේ

අද පෙරවරු 10 ට පමණ අසල්වැසි නිවෙසක පුද්ගලයෙකු පොලිසියට ලබාදුන් ඇමතුමක් ඔස්සේ පරීක්ෂා කිරීමට ගිය පොලිසියට තෙමහල් නිවස ඇතුළේ තිබී පුද්ගල මළ සිරුරු 4 හමුවිය

මෙම මරණ දැඩි පිළිස්සුම් සහිතව හමුව තිබුණ අතර පොලිසිය නිවස පිරික්සන අවස්ථාව වනවිට හඳුනා ගැනීමට නොහැකි පරිදි මළසිරුරු කළු පැහැති වී තිබූ බවද වාර්තා විය.

තෙමහල් නිවසේ පහත මාලයේ මුළුතැන්ගෙයි තිබුණු විදුලි උඳුන ද, පැන්ට්‍රි කබඩයේ කොටසක් ද, පිඟන් කෝප්ප ආදිය ද පිළිස්සී ඇත
බිත්තිවල ඇඟිලි සටහන් ඇති බව ද පොලිසිය කියයි.

ට්‍රිප් ස්විච් පුවරුවේ යතුරු දෙකක් පහළට වැටී තිබීමෙන් පෙනෙනුයේ එය ක්‍රියා විරහිත වී විදුලිය විසන්ධි වී ඇති බව යැයි ද කියන පොලිසිය ගෙයි පිහිටීම අනුව සුළං පිටවීම සඳහා ඇති ඉඩකඩ අවම බව ද කියයි.

බිත්තිවල ඇති ඇඟිලි සටහන් එහි පදිංචිකරුවන්ගේ විය හැකි යැයි ද, හිටි ගමන් විදුලි උඳුන ගිනි ගැනීමෙන් හටගත් දුමාරය වැදීමෙන් ඔවුන් අඳුරේම නිවසින් පිටවීමට උත්සාහ දරා ඇති බව පෙනේයැයි ද, දැරියන් දෙදෙනා සාලයේ මුනින් අතට වැටී සිටීමෙන් ඒ බව පෙනේයැයි ද, එහෙත් අඳුර නිසා ඔවුනට දොරවල් සොයා ගැනීමට නොහැකි වී ඇති බව පෙනේයැයි ද අනුමාන කෙරේ

මුළුතැන්ගෙයි ගෑස් සිලින්ඩරයට කිසිම හානියක් වී නැති බව දැකිය හැකි විය

මෙම නිවසේ උඩුමහලේ සේවකයන්ට ද දෙවැනි මහල බංගලිදේශ ජාතිකයන්ට කුලියට දී ඇත

නිවැසියන් මිය යන්නට ඇත්තේ පෙර දින බව පොලිසිය සැකකරයි. අද (16) දහවල් වනතුරු නිවසේ දොරවල් වසා තිබිම නිසා අසල්වැසියකු පොලිසියට පැමිණිලි කර ඇත

මෙම නිවසේ උඩුමහලේ සේවකයන්ට ද දෙවැනි  මහල බංගලිදේශ ජාතිකයන්ට කුලියට දී ඇති බවත් පොලිසිය පවසයි.

නිවැසියන් මිය යන්නට ඇත්තේ පෙර දින බව පොලිසිය සැකකරයි. අද (16) දහවල් වනතුරු නිවසේ දොරවල් වසා තිබිම නිසා අසල්වැසියකු පොලිසියට පැමිණිලි කර ඇති බවත් පොලිසිය පැමිණ දොර  කඩා පරික්ෂා කළ බව දැනගන්නට ඇත.

 

Comments

comments

NO COMMENTS

LEAVE A REPLY