කරාපිටිය රෝහලේ වෛද්‍යවරියකගේ සැමියා බෙල්ලේ කැපුම් තුවාල සහිතව කාමරයේ වැටී සිටියදී රෝහල් ගතකර ඇතැයි ගාල්ල පොලිස්‌ අධිකාරී කර්යාලය පවසයි.

මෙසේ රෝහල් ගතකර ඇත්තේ තංගල්ල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සංවර්ධන නිලධාරියකු වන තිස්‌ අට හැවිරිදි එක්‌ දරු පියෙකි.

ඔහුගේ ගමද තංගල්ලේ වන අතර බිරිඳ කරාපිටිය රෝහලේ වෛද්‍යවරියකි. කරාපිටිය ප්‍රදේශයේ නිවසක්‌ කුලියට ගෙන බිරිඳ වන වෛද්‍යවරිය සමඟ එහි පදිංචිව සිටි ඇත. දිනපතා තංගල්ල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ රැකියාවට ගොස්‌ තිබේ.

මේ අතර පෙරේදා (14දා) රාත්‍රී අවුරුදු එකහමාරක්‌ වයසැති ඔවුන්ගේ දියණියට උණ සෑදීම නිසා අවදියෙන් සිටි බවත් එසේ සිටින විට අලුයම දෙකයි තිහට පමණ ඔහු කුස්‌සියේ තිබූ පිහියක්‌ ගෙනවිත් තමා විසින්ම බෙල්ල කපා ගෙන ඇති බවත් අනාවරණය වී ඇතැයි පොලිසිය පවසයි.

සිද්ධිය වන අවස්‌ථාවේ ඔවුන්ගේ මල්ලී කෙනෙකුද බිරිඳ වන වෛද්‍යවරියද නිවසේ සිට ඇත. තුවාලකරු කරාපිටිය රෝහලේ දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කර තිබේ

සුගතපාල දීයගහගේ

Comments

comments

NO COMMENTS

LEAVE A REPLY