දංකොටුව ඉරබඩගම කොස්‌හේනේ වෑන් රියක්‌ තුළ පිළිස්‌සී මරුමුවට පත් වූ පුද්ගලයන් පස්‌දෙනාගේ ඝාතනයට සැකපිට දං කොටුව ප්‍රදේශයේ පදිංචි කරුවන් පස්‌දෙනකු රහස්‌ පොලිසිය මගින් ඊයේ (13 දා) අලුයම අත්අඩංගුවට ගෙන ඇත.

මෙම සැකකරුවන් අතරින් පළමුවැන්නා වන මංජු නමැත්තා රහස්‌ පොලිසියට හෙළිකළ තොරතුරු අනුව වෑන් රියේ සිට මියගිය ‘නේවි කපිල’ නමැති තැනැත්තා කප්පම් ගැනීමට ද පුරුදු වී සිටි අයෙකි.

ඇඟලුම් කම්හලක ‘ග්ලවුස්‌’ තම්බන බොයිලේරුවක සේවය කරන තමාගෙන් මාස්‌පතා රුපියල් පනස්‌දහස බැගින් කප්පම් ගැනීමට ‘නේවි කපිල’ පුරුද්දක්‌ කරගෙන සිටි බව මංජු පොලිසියට පවසා තිබේ. මෙසේ කප්පම් දීම දිගටම කළ නොහැකි බව ‘නේවි කපිල’ ට කොතෙක්‌ පැහැදිලි කළත් පලක්‌ නොවූ බව ද මංජු පවසා ඇත.

බැරිම තැන මංජු තමාට හිතවත් තවත් සිව්දෙනකුගේ සහාය ඇතිව නේවි කපිල ඇතුළු පස්‌දෙනාටම යකඩ පොල්ලකින් පහර දී තිබේ.

තුවාල ලබා බරපතළ තත්ත්වයෙන් සිටි නේවි කපිල ඇතුළු පස්‌ දෙනා වෑන් රියට දමා මෙසේ ගිනි තබා ඇතැයි හෙළි වී ඇත.

 

නෝමන් පලිහවඩන

Comments

comments

NO COMMENTS

LEAVE A REPLY