පස් දෙනෙක් මරා වෑන් රථයත් සමග දංකොටුවේදී පුළුස්සලා

0
1734

දංකොටුව – බුජ්ජම්පොල ප්‍රදේශයේ පාළු ස්ථානයක තිබී ගිනි ගෙන විනාශ වූ වෑන් රථයක තිබී හමුවූ මළ සිරුර සම්බන්ධයෙන් වූ මූලික මහේස්ත්‍රාත් පරීක්ෂණය මාරවිල අතිරේක දිසා විනිසුරු පසන් අමරසිංහ මහතා විසින් අද (11)  දහවල් එම ස්ථානයේදී සිදු කරන ලදී.

ගිනි ගෙන විනාශ වූ වෑන් රථය තුළ හඳුනා ගැනීමට නොහැකි තරමට පිළිස්සී ඇති මළ සිරුර 05ක් තිබූ බව දංකොටුව පොලීසිය කියයි.

පිළිස්සී ගිය මළ සිරුරු සහිත වෑන් රථය තිබී ඇත්තේ දංකොටුව පොලිස් බලප්‍රදේශයේ බුජ්ජම්පොල – ඉරබඩගම ප්‍රදේශයේ පාළු ස්ථානයකය.එම මාර්ගයේ ගමන් කරන්නේ විශාල වතු වලට යන සේවකයින් පමණක් වන අතර සවස 6.00 න් පසුව මෙම මාර්ගය සාමාන්‍යයෙන් භාවිතා නොවන බවද පැවසේ.

හලාවත සිට කුලී ගමනනක් යන මුවාවෙන් රැගෙන ගිය ත්‍රී රෝද රථ රියදුරෙකුව මීට මාස 05 කට පමණ පෙර ඝාතනය කර තිබුණේද මෙම ස්ථානයේදීම බව පොලීසිය කියයි.

11 වැනිදා අළුයම මෙම මාර්ගයේ ගමන් කළ අයෙකු පිළිස්සී ගොස් ඇති වෑන් රථය දැක ඒ සම්බන්දයෙන් තවෙදුරටත් සොයා බලන විට එහි තිබූ මළ සිරුර දැක ඇත. පසුව ඔහු මේ බව පොලිස් හදිසි ඇමතුම් අංශයට (119) සහ දංකොටුව පොලීසියට දන්වා ඇත.

පිළිස්සී ඇති මළ සිරුරු හඳුනා ගැනීමට නොහැකි තරමට දැවී අළුවී ගොස් තිබී ඇත.
ගිනිගෙන විනාශ වී ඇත්තේ පෞද්ගලික ෆිනෑන්ස් සමාගමටක  අයත් අංක WP  PH  1080 වෑන් රථයක් බවට හඳුනා ගෙන ඇත.

එය පදවා ඇත්තේ පන්නල ප්‍රදේශයේ පදිංචි කපිල නම් අයෙකු විසිනි.මිනිස් ඝාතනයක් මෙන්ම තම දියණිය ඇතුළු තවත් තරුණියන් කීප දෙනෙකු දුෂණය කිරීම සම්බන්ධයෙන් ඔහුට එරෙහිව චෝදනා එල්ල වීඇත.

ඔහුගේ බිරිඳ සිද්ධිය වූ ස්ථානයට පැමිණ ගිනි ගෙන විනාශ වී ඇත්තේ තම ස්වාමි පුරුෂයා පැදවූ වාහන බවට හඳුනා ගෙන ඇතත් එය තුළ පිළිස්සී තිබූ මළ සිරුර අතර සැමියාගේ සිරුර ඇති බවට ඇය හඳුනා නොගත්තාය.

තම ස්වාමි පුරුෂයා 10 වැනිදා රාත්‍රී11.00 ට පමණ දියණියට දුරකථනයෙන් කථා කළ බවද,මිතුරන් කීප දෙනෙකු සමග ගමනක් යන බව පමණක් ඔහු පවසා ඇතැයිද ඇය පොලීසිය හමුවේ පවසා ඇත.

ගිනි ගෙන ඇති වාහනය පදවා ඇති කපිල යන අය කල්බදු ක්‍රමයට වාහන ලබා ගෙන හිඟ වාරික ඇති වාහන අත්පත් කර ගන්නා කණ්ඩායමක ප්‍රධානියෙකු ලෙස කටයුතු බවද ඔහුගේ බිරිද පොලීසිය හමුවේ පවසා තිබේ.

img_160311.(2)jpg
මේ අතර 10 වැනිදා රාත්‍රීයේ දිවුලපිටිය ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකුද අතුරුදහන්වී ඇති බවට තොරතුරු ලැබී ඇති බව පොලීසිය කියයි. මිතුරෙකු යැයි පැවසූ අයෙකු පැමිණ තම සැමියාව කැඳවාගෙන ගිය බවත් එතැන් සිට ඔහු අතුරුදහන්වී ඇති බවත් එම අයගේ බිරිද විසින් දිවුලපිටිය පොලීසියට පැමිණිලි කරමින් පවසා ඇත.

පිළිස්සී තිබූ වෑන් රථය ආසන්නයේ තිබී ලේ පැල්ලම් කීපයක්ද පොලීසිය විසින් සොයා ගෙන ඇත.ඒ අනුව කාර්මික දෝෂයක් හේතුවෙන් වෑන් රථය ගිනි ගෙන විනාශ වී නොමැති බවට විශ්වාස කරන්නේ යැයි පොලීසිය කියයි.

වෙනත් ස්ථානයක ඝාතනය කරන ලද අය මෙම ස්ථානයට ගෙනවිත් වෑන් රථය තුළට දමා ගිනි තබන්නට ඇති බවට විශ්වාස කරන බවද පොලීසිය සඳහන් කරයි.ඇතැම් විට මෙම සිද්ධිය පාතල කල්ලි දෙකක ගටුමක විය හැකි බවද විමර්ශන කරන නිලධාරීන්ගේ මතය වී ඇත.මිය ගොස් ඇති අයව නිශ්චිතවම මෙතෙක් හඳුනා ගෙන නැත.

පුත්තලම නියෝජ්‍ය පොලිස්පති රොෂාන් ප්‍රනාන්දු, හලාවත කොට්ඨාස බාර පොලිස් අධිකාරී චන්දන අතුකෝරල යන මහත්වරුන් මළ සිරුර තිබූ ස්ථානයට පැමිණ විමර්ශන කටයුතු සිදු කරන ලදි.

adaderana

Comments

comments

NO COMMENTS

LEAVE A REPLY