එක්සත් අරාබි එමීරයට කුණාටු සහ ගං වතුර තර්ජන video

අබුඩාබි ගුවන්තොටුපොළ වසා දමයි - පාසැල් , මහා මාර්ග වලට ගං වතුරෙන් බාධා

0
2566

අබුඩාබි ගුවන්තොටුපොළ වසා දමයි – පාසැල් , මහා මාර්ග වලට ගං වතුරෙන් බාධා

එක්සත් අරාබි එමීරයේ උද්ගත වී ඇති දැඩි කුණාටු සහිත කාලගුණික තත්වය නිසා හදිසි අවස්ථාවක් ප්‍රකාශයට පත් කර ඇත
අධික වර්ෂාවත් සමග ඇති වූ ගං වතුර තර්ජන හේතුවෙන් නගර වල මං මාවත් ජලයෙන් යට වී ඇති අතර ඇතැම් පෙදෙස් වල ගමනා ගමනයට බාධා ඇති විය
අබුඩාබි ගුවන් තොටුපොල නැවත දන්වන තුරු වසා දමා ඇති අතර ඩුබායි ගුවන් ගමන් ප්‍රමාද විය හැකි බවට නිවේදනයක් නිකුත් කර ඇත


එමීරයේ අගනුවර බොහෝ පාසැල් සහ විශ්ව විද්‍යාල වසා දමනු ලැබ ඇත . බ්‍රහස්පතින්දා දිනය පාසැල් නිවාඩු දිනයක් බවට ප්‍රකාශ කර තිබේ

දැඩි කුණාටු සුළඟ නිසා ගොඩ නැගිලි වලට හාණි සිදු වී ඇති අතර GEMS ඇමෙරිකන් විද්‍යාලයේ වහල ගැළවී බරපතළ හාණි සිදුවිය
ඊයේ සිටම පවත්නා වර්ෂාව රටේ විවිධ ප්‍රදේශ වල නොනවත්වාම පවතින අතර සාමාන්‍ය ජන ජීවිතය අඩාල වී ඇති බව වාර්තාවේ

ඊයේ දවස තුල පමණක් ඩුබායි නගරයේ වාහණ අනතුරු 253 ක් සිදුවී ඇත .ජලයෙන් පිරී ඇති මාර්ගවල සෑම පැයකටම අණතුරු 36 ක් වාර්තා වී ඇති අතර මේ වන විට දැඩි වාහන තද බදයක් දැකිය හැකිය

 

Car drowned in rain

Comments

comments

NO COMMENTS

LEAVE A REPLY