‘හිදෝගම ප්‍රදේශයේ විහාරස්ථානයක පැවැති ශ්‍රමදානයකට සහභාගි වූ මවක් සමඟ සිටි අවුරුදු 4යි මාස 8ක කුඩා දරුවකු බුදු මැඳුරට ගෙන ගොස් බරපතළ ලිංගික අතවරයක් සිදු කළ 78 හැවිරිදි වයෝවෘද්ධ ඇබිත්තයකු හිදෝගම පොලිසිය මගින් පෙරේදා රාත්‍රියේ සැකපිට අත්අඩංගුවට ගෙන තිබේ.

පෙරේදා  උදෑසන හිදෝගම හල්මිල්ලකුලම ප්‍රදේශයේ පිහිටි විහාරස්ථානයක ශ්‍රමදානයක් පවත්වා ඇති අතර ඊට සහාය වීම සඳහා පැමි‚ මවක් වයස අවුරුදු හතරයි මාස අටක් වන දරුවාද විහාරස්ථානයට රැගෙනවිත් තිබේ.

මව ශ්‍රමදානයේ නිරත වෙද්දී සැකකරු දරුවාව මවට නොපෙනෙන ලෙස විහාරස්ථානයේ බුදු මැඳුර වෙත ගෙන ගොස් එහි තබාගෙන බරපතළ අපයෝජනයට ලක්කර තිබේ.

දරුවා එම සිද්ධිය මවට පවසා ඇති අතර මව ඒ පිළිබඳ හිදෝගම පොලිසියට පැමි‚ලි කර තිබේ.

සැකකරු පොලිසිය විසින් අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ අධික ලෙස බීමත්ව සිට ඇති අතර ඔහු වෛද්‍යවරයකු වෙත යොමු කිරීමට පොලිසිය පියවර ගෙන තිබි‚.

සැකකරු ගම්පහ ප්‍රදේශයේ පදිංචිකරුවකු බව පොලිසිය පැවැසීය. සැකකරු විවාහයෙන් වෙන්වී සිටින බවත් ඔහුට දරුවන්ගේ දරුවන්ද සිටින බවත් පරීක්ෂණ සිදු කරන පොලිසිය පැවැසීය.

සැකකරු ඊයේ අනුරාධපුර මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබිනි

Comments

comments

NO COMMENTS

LEAVE A REPLY