අධිබල විදූලි කුළුණට නැග දිවි නසාගත් ලාංකිකයාගේ මරණය පිළිබඳව නිලධාරියාට එරෙහිව චෝදනා

0
1776

තමිල්නාඩුවේ මදුරෙයි ප්‍රාන්තයේ උච්චාපට්ටි සරණාගත කඳවුරේ රැඳවියෙකු වූ රවින්ද්‍රන් නමැති ශ්‍රී ලාංකිකයා අධි බල විදුළි කුලුණකට නැගී එහි විදුලි රැහැණක් ස්පර්ශකර සිය දිවි හාණි කර ගෙන ඇත
කඳවුරේ සංගණනයක් පැවති අවස්ථාවක එහි නොසිටී බව නිලධාරියෙක් විසින් පැමිණීමේ ලේඛනයේ සටහන් කර ඇත .
රවිචන්ද්‍රන්ගේ දරුවා රෝගී වීම නිසා රෝහළට ගිය බවත් එසේ සටහන් කිරීමන් රජයෙන් ලැබෙන අනාථ ආධාරය නොලැබී යන බවත් කියා කරණු ලැබූ ආයාචනය නිලධාරියා ප්‍රතික්ෂේප කර ඇත
එයින් සිත් වේදනාවට පත් සරණාගත පුද්ගලයා තමා සිය දිවි හානි කර ගන්නා බව පැවසූ විට බැණ වැදී එසේ කරන්නැයි නිලධාරියා පවසා තිබේ
අනතුරුව සිය ගණනක් ජනතාව ඉදිරියේ විදුළි කුළුණට නැග නිලධාරියාට චෝදනා කරමින් රවින්ද්‍රන් දිවි හානි කර ගත්තේය

sui1

සිද්ධියෙන් පසු පුද්ගලයින් නිලධාරියාට පහර දී ඇති අතර විවිධ සංවිධාන විසින් නිලධාරියාට අනියම් මිණී මැරුම් චෝදනා එල්ල කර තිබේ
සියදිවි නසා ගැනීමට පුද්ගලයෙක් පෙළඹවීම පිළිබඳව ඔහුට විරුද්ධව පැමිණිලි කර ඇත
ඊයේ මියගිය පුද්ගලයාගේ දේහය ආදාහනය කළේය

Comments

comments

NO COMMENTS

LEAVE A REPLY